Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ගොඩක් දේවල් ලැබුණා ගොඩක් දේවල් නොලැබි ගියා

ඒ කටහඬ කවදාවත් වියපත් නොවීම ආශ්චර්යයක්. එහෙම කියන්නේ අතිශයෝක්ති වර්ණනාවක් විදියට ‍නෙවෙයි. වසර හැත්තෑවකට කලින් අහපු ඒ හඬ අද ප්‍රසංග වේදිකාව සිසාරා සජීවීව ඇහෙන විට කාට වුණත් එහෙම හිතෙන හින්දයි. ශ්‍රී ලාංකේය සිනමා පසුබිම් ගී වංශ කතාවේ රන් අකුරින් සිය නාමය සටහන් කළ හෙළ ගී රාජිණීය ලෙසත් මේ කියන ලතා වල්‍පොල කවුරුත් හඳුන්වනවා. පරම්පරා හතරක මුනුබුරු, මිනිබිරියන් බලන්නටත් භාග්‍යවන්ත වූ මේ මිත්තණිය පසුගියදාක අසූ තුන් වැනි වියටත් පිවිසුණා. 
 
අද ආපසු හැරිලා බලද්දී ජීවිතය ගැන මොකද හිතෙන්නේ ?
මම ඉපදුනේ 1934-11-11දා. මුලින්ම සින්දු කියන්න ආවේ 1946දී. කඳුළු දෙනෙත් වෑහෙනා ගීතය තමයි මගේ පළමු ගීතය. සංගීතයට ඇති ආශාව හින්දා බාධක මැද්දේ ඊට යොමු වුණාට මේ තරම් දිග ගමනක් එන්න පුළුවන් වෙයි කියලා නම් හිතුවේ නැහැ. 
 
ලතා ගායිකාවක් වීම හින්දා අධ්‍යාපනය, අම්මගෙයි තාත්තගෙයි පවුල් ජීවිතය පවා බිඳ වැටුණා නේද?
අද ගෑනු ළමයි කලාවට එකතු කරගෙන එන්නේ තාත්තලා. හැබැයි ඒ දවස්වල ඊට වෙනස්. මම හැදුනේ කතෝලික පරිසරයක. අපිට තදින්ම නීති රීති තිබ්බා. මම සින්දු කියනවට තාත්තා කොහොමටවත් කැමැති වුණේ නැහැ. පල්ලියේ සිස්ටර්ස්ලා සති අන්තයේ යන ගමන්වලට අපිත් යනවා. එහෙම යනවා කියලා තමයි මුලදී සින්දු කියන්න ගියේ. මගේ සින්දු රේඩියෝ එකේ යනකොටයි හැමෝම දැනගත්තේ. මම සින්දු කියනවා කියලා දැනගෙන සිස්ටර් මට ළඟට කතා කරලා කම්මුලට ගැහුවා. මගේ පාසල් ගමන පවා නතර වුණා. සුජාතා චිත්‍රපටයට ගී ගයන්න මාව තෝරා ගත්තත් තාත්තා විරුද්ධ වූ හින්දා ඒ අවස්ථාව නැතිවුණා. ඊට පස්සේ චිත්‍රපටවලට ගියේ තාත්තාට හොරෙන්. අම්මා තමයි මගෙත් එක්ක හිටියේ. ඒ කා‍ලේ ඉන්දියාවේ තමයි ගී පටිගත කළේ. අපි බොරු කියලා ඉන්දියාවට ගියත් තාත්තා ඇත්ත දැනගත්තා. ඇති වුණ ගැටුම් අවසන් වුණේ අම්මගෙයි තාත්තාගෙයි පවුල් ජීවිතේ පවා අවුල් වෙලා. අපි තාත්තගෙන් වෙන් වුණා. පස්සේ කාලෙක ආයෙම සම්බන්ධය ඇති වුණත් තාත්තා අපිව බලලා යන්න විතරයි ආවේ. අපිත් එක්ක හිටියේ නෑ. 
 
අද පරපුර ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ හැදෑරීමක් කරලා. සංගීත විෂය ශාස්ත්‍රානුකූලව හදාරලා නැති ඔබ මේ තරම් විශ්මිත ගායන හැකියාවක් පළකළේ කොහොමද?
වැදගත් වෙන්නේ උපන් හැකියාව. හැදෑරීම තුළින් කරන්නේ ඒ හැකියාව මතු කරන එක. ගී ගයන්න බැරි නම් සංගීතය කොයිතරම් ඉහළට හැදෑරුවත් වැඩක් නැහැ. මම පල්ලියේ ගීත ගයපු කා‍ලේ තමයි සුසිල් ප්‍රේමරත්න මාව රූ රැසේ අඳනා ලෙසේ කියන ගීතය ගායනා කරන්න තෝරා ගත්තේ. පල්ලියේ හඬ ඒ ගීතයට ගැළපෙන්නේ නැහැ. මාව ගොඩක් පුහුණු කරලා තමයි අන්තිමට ගීතය ගයනා කෙරෙව්වේ. මම ගී ගයපු හැම සංගීත අධ්‍යක්ෂවරයෙක්ගෙන්ම හැදෑරීමක් ලැබුණා. ඒ තුළින් ගායන හැකියාව ඔප මට්ටම් කරගන්න හැකිවුණා. පාසල් අධ්‍යාපනය අතරමගදී බිඳ වැටුණේ නැත්නම් සංගීතය ශාස්ත්‍රානුකූලව හදාරන්න තිබුණා. ඒත් ගීත ගයලා සංගීතඥයන්ගේ ගුරු උපදෙස් ලබලා ලැබූ පුහුණුවත් හොඳ හැදෑරීමක් වුණා. 
ඔබේ පරපුරේ බොහෝ අය නගන චෝදනාවක් තමයි තමන්ගේ ගීත නව පරපුර ගායනා කරනවා කියන චෝදනාව. මේ ගැන ඔබට මොකද කියන්න තියෙන්නේ?
තරගයකට අනුන්ගේ ගීත ගැයුවට කමක් නැහැ. ඒත් ඒවා තමන්ගේ කරගෙන ලක්ෂ ගණන් හම්බ කරන එක වැරදියි. මටත් ඔය අසාධාරණය වෙලා තියෙනවා. ඒත් ඉතින් ඔය වගේ දේවල්වලට එරෙහිව නීතිමය පියවර අරගෙන උසාවි ගානේ රස්තියාදු වෙන්න මට බෑනේ. රජය විසින් හෝ ගායක ගායිකා සංගමය මගින් හෝ මීට එරෙහි යමක් කළ යුතුයි කියලා තමයි මට හිතෙන්නේ. 
 
ලතා ධර්මදාස යුවළ සංගීත ක්‍ෂේත්‍රය තුළ දැවැන්ත චරිත දෙකක්. ඔබලා සංගීත ක්‍ෂේත්‍රයට විහිදී ගිය පරපුරක් බිහිකළා. ඒ ගැන හිතනවිට මොකද හිතෙන්නේ?
ධර්මදාස වල්‍පොල කිසිමදාක කිසිම සම්මානයක් නොලැබූ සංගීතයට ලොකු මෙහෙවරක් කළ බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ විතරක් නමෛයි ධර්මදාස වල්‍පොල, මොහිදීන් බෙග් වැනි අය තමන්ගේ ප්‍රතිපත්ති රැකගෙන හිටියා. සුනෙත්, අමිත්, ධම්මිකා, චමින්ද හතරදෙනාටම ගී ගයන්න පුළුවන්. ධම්මිකාගේ සැමියා මහින්දත් දක්ෂ සංගීතඥයෙක්. මිනිබිරිය ගගුලි සංගීතයට යොමු වුණා. ධම්මිකාගේ දරුවන්ටත් දැන් දරුවෝ ඉන්නවා. මම පරම්පරා 4ක් බැලුවා. ජීවිතය ගැන ඇත්තටම සතුටුයි. 
 
ආරියවංශ කුලතිලක 
 
ඡායාරූප - දයාන් විතාරණ
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2462

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2404

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3912

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4448

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5279

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3131

Please publish modules in offcanvas position.

X

Right Click

No right click