Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ලෝ ප්‍රකට පුද්ගලයන්ගේ අවතාර ගැන ඔබ නොඇසූ කතා

හොල්මන් අවතාර ඇතිද නැතිද යන්න පිළිබඳව කාලයක් තිස්සේ වාද විවාද සිදුවෙමින් පවතී. ඉදිරියටත් එසේම පවතිනු ඇත. එ්වා සැබවින්ම තිබුණ ද නැති ද එ් පිළිබඳ මිනිසුන් අතර පවතින මතිමතාන්තර නම් නිරන්තරයෙන් හොල්මන් කරමින් තිබේ. මේ නිසා හොල්මන් ගැන යමක් කතා කිරීමේ එතරම් වරදක් නැතැයි සිතේ. සිතේ අවුලක් ඇත් නම් මේ ලිපිය රාත‍්‍රී කාලයේ දී කියවීමෙන් වැළකී දහවලේ දී පමණක් කියවීම සුදුසුය. කෙසේ නමුත් මේ කියන්නට සැරසෙන්නේ එසේ මෙසේ හොල්මන් නොව, හොල්මන් බවට පත් වූයේ යැයි ලොව පුරා ප‍්‍රකටව ඇති සුප‍්‍රකට පුද්ගලයන් ගැනය. මේ කිසිවකු අප රටේ නැති නිසා බයක් නැතිව කියවිය හැකි බවට සහතික වන්නට ද පුළුවන. 
 
මැරිලින් මොන්රෝ
කලෙක ලොව සිටී සුරූපී, අනුරාගී හොලිවුඞ් නිළියක වූ මැරිලින් මොන්රෝගේ මරණය ද අභිරහසකි. එ් පිටුපස ඇමෙරිකානු ජනපතිවරු ද සිටින බවට කට කතා පවතී. කෙසේ වෙතත් ඇගේ මරණින් පසු හොල්මනක් බවට පත්ව හොල්මන් කරනා බවට බොහෝ කතා ඇසේ. ඈ අධික ලෙස නිදිපෙති පානය කිරීමෙන් පසු මිය ගොස් සිටි බෙන්ට්වුඞ් නිවස අවට මෙන්ම හොලිවුඩයේ ඇති රූස්වෙල්ට් හෝටලයේ ද ඇගේ හොල්මන් සැරිසරන බවට දැනගන්නට ලැබී තිබේ. මෙය ඇය නිතර ආ ගිය නැවතී සිටි ස්ථානයකි. අද පවා මෙයට පැමිණෙන අමුත්තන් පවසන්නේ මැරිලින් මොන්රෝගේ පෙනුම ඇති සුරූපී කාන්තාවක් පැමිණ තමන් සමග කතා බහ කොට හිටිවනම අතුරුදන් වන බවයි.
 
ඕර්සන් වෙල්ස්
ඕර්සන් වෙල්ස් යනු හොලිවුඩයේ ඉතිහාස ගත නළුවකු හා අධ්‍යක්ෂවරයෙකි. ලෝකයේ ශ්‍රේෂ්ඨ යැයි සැලකෙන සිනමා නිර්මාණ අතර පවතින, ‘සිටිසන් කේන්’ හි රංගනයේ යෙදී ඇති ඔහු විලියම් ශේක්ෂපියර් ගේ ‘ජුලියස් සීසර්’ වේදිකා නාට්‍යයේ ද රංගනයේ යෙදුණු විශිෂ්ට ගණයේ ශිල්පියෙකි. ඔහු ආහාර කෙරෙහි ඉමහත් ලෝලීත්වයක් දැක් වූ පුද්ගලයකු ලෙස ද ප‍්‍රකටය. මේ නිසා ඔහු නිතර හොල්මන් කරන්නේ යැයි පැවසෙන්නේ ආහාර බහුලව ඇති තැන්වලය. එවැනි එක් තැනක් වන්නේ ලොස් ඇන්ජලිස් හි මෙල්රෝස් වීදියේ පවතින ‘ස්වීට්ලේඩි ජේන්’ බේකරියයි. මෙහි සේවකයන් පවසන්නේ කළු පැහැ ඇදුමක් ලා ගත් ප‍්‍රමාණයෙන් විශාල මිනිසකු බේකරියේ කොනකට වී සුරුට්ටුවක් උරමින් බ‍්‍රැන්ඩි වීදුරුවක් රස විදිමින් සිටිනු බොහෝ වතාවක් දැක ඇති බව ය.  ඕර්සන් වෙල්ස් ජීවත්ව සිටි සමයේ නිතරම සිට ඇත්තේ මෙම ස්ථානයේමය. 
 
ජෝන් ලෙනන්
ජෝන් ලෙනන් යනු ඉංග‍්‍රීසි ජාතික සුප‍්‍රකට ගායකයකු හා සංගීතඥයෙකි. බීට්ල්ස් නමින් පැවති ලෝක ප‍්‍රසිද්ධ සංගීත කණ්ඩායමේ සමාරම්භකයකු ද වන්නේ ය. ඔහු මිය ගියේ වෙඩි වැදීමෙනි. ජෝන් ලෙනන් ගේ සමීපතම සංගීත සගයකු වූ පෝල් මැකාර්ට්නි වරෙක පවසා සිටියේ ජෝන් අවසන් නොකළ සංගීත සංධ්වනියක වැඩ කරමින් සිටින අතරේ ජෝන් ලෙනන් පෙනී සිටිනු දුටු බවය. නිව්යෝර්කයේ ඇති ඩැකෝටා ගොඩනැගිල්ල ද ජෝන් ලෙනන්ගේ අවතාරය නිතර දක්නට ලැබුණු ස්ථානයක් යැයි පැවැසේ. මෙම ගොඩනැගිල්ල හා ජෝන් ලෙනන්ගේ ජීවිතයේ බොහෝ අවස්ථාවන් සම්බන්ධතාවක් පවතී. 
 
ඒබ‍්‍රහම් ලින්කන්
එ්බ‍්‍රහම් ලින්කන් ඇමෙරිකා එක්සත් ජනපදයේ දහසය වැනි ජනාධිපතිවරයාය. ජීවිතයේ පහළම ස්ථානයේ සිට රටක ඉහළම ස්ථානය දක්වා ගමන් කළ පුද්ගලයකු සඳහා දිය හැකි හොඳම නිදසුන වන්නේ එ්බ‍්‍රහම් ලින්කන් චරිතයයි. ඇමෙරිකානු ජනපතිවරුන් සඳහා ලබා දෙන නිල නිවාසය වූ ධවල මන්දිරයේ ඔහුගේ අවතාරය සැරිසරනු බොහෝ දෙනෙක් බොහෝ වාරයක් දැක තිබේ. ඔහුගේ අවතාරය දැක ඇතැයි පවසන්නේ සාමාන්‍ය පුද්ගලයන් පමණක් නොවේ. මහා බි‍්‍රතාන්‍යයේ සිටි අගමැතිවරයකු වූ වින්ස්ටන් චර්චිල් මේ අතරින් එක් අයෙකි. ඔහු පවසන්නේ එ්බ‍්‍රහම් ලින්කන් සුරුට්ටුවක් බොමින් නාන බේසමෙන් නැගිට යනු දුටු බවය. එ් චර්චිල් අගමැතිවරයා ලින්කන් ජීවත්ව සිටි කාලයේ භාවිත කළ කාමරයේ සිටියදීය. ඉන් පසු කිසිම දාක චර්චිල් අගමැතිවරයා ධවල මන්දිරයට පැමිණි කිසිම අවස්ථාවක ලින්කන්ගේ කාමරයෙහි නැවතී නොසිටි බව පැවැසේ.
 
එල්විස් ප්‍රෙස්ලි
රොක් ඇන්ඞ් රොල් සංගීත ලෝකයේ රජු ලෙස කිරුළු පැලැඳ සිටි එල්විස් ප්‍රෙස්ලි ද අවසානයේ නැවතුනේ හොල්මනක් බවට පත්වීමෙනි. ඔහු 1977 අගෝස්තු 16 වැනිදා හෘදයාබාධයක් වැළදීමෙන් අකාලයේ මරුමුවට පත් වූයේය. එ් ඔහුගේම නිවසේ නාන කාමරයේදී ය. ඔහුගේ මරණින් පසු සිය නිවස අසල නිතර හොල්මන් කරමින් සිටි බවට බොහෝ පුද්ගලයෝ පවසති. ලාස්වේගාස්හි හිල්ටන් හෝටලයේ ද ඔහුගේ අවතරය නිතර දර්ශනය වූ තවත් ස්ථානයකි. එමෙන්ම ඔහුගේ ගීත නිතර පටිගත කෙරුණු ශබ්දාගාරවලදී ද අවතාරයක් බවට පත් වූ එල්විස් දර්ශනය වී තිබේ. 
 
ඇමී වයින්හවුස් 
ඇමී වයින්හවුස් ඉංග‍්‍රීසි ජාතික ගායිකාවක හා ගීත රචිකාවක විය. ඇයට අවුරුදු 27ක්ව තිබියදී 2011 වසරේදී මත්පැන් විෂවීමෙන් මරුමුවට පත් වූවාය. පීට් ඩොහර්ටි නම් ඉංග‍්‍රීසි ජාතික සංගීතඥයා පවසන්නේ තමාට අයත් මහල් නිවාසයේ ඇමී වයින්හවුස් හොල්මන් කරනා බවය. ඔහු මෙයට කෙතරම් බිය වී ඇති ද කිවහොත් සිය මව්රටින් ද බැහැරව ගොස් ප‍්‍රංශයේ පැරීසියේ කලක් ජීවත්ව සිටි බව ද පැවසේ. ඔහු කලක් ඇමීගේ සමීපතමයෙකු බවට පත්වී සිටියේය. 
මේ පවසන ලද පුද්ගලයන්ට අමතරව ඇමෙරිකාවේ හිටපු ජනපතිවරයකු වූ ජෝන් එෆ්. කෙනඩි, ඇමෙරිකානු ගායකයකු වූ ජිම් මොරිසන්, ඇමෙරිකානු මොස්තර නිරූපණ ශිල්පිනියක වූ ඇනා නිකෝල් ස්මිත් ආදීන් ද අවතාර බවට පත්ව ඇති බවට පැවැසේ. 
 
නිරංජන් චාමින්ද කරුණාතිලක
IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 57

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 205

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6927

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4543

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6032

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6721

Please publish modules in offcanvas position.

X

Right Click

No right click