Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ගීතයක් ගැන නොදන්නා රහසක් අනිල් භාරතී හෙළි කරයි

මේ උදා වී තිබෙන්නේ නත්තල් බැති ගී දසතින්ම ඇසෙන සමයක්. නත්තල උදාවන්නේ අද රාත්‍රියේ වුවත් මේ දෙසැම්බර් මාසය පුරා නත්තල හා බැඳුණු ගීත මාධ්‍ය ඔස්සේ නිතර අසන්නට ලැබෙනවා. ඒ බැති ගී ගායනා කරන ගායක ගායිකාවන් අතරින් කිසිසේත්ම අමතක කළ නොහැකි ගායකයෙක් තමයි අනිල් භාරතී කියන්නේ. දශක ගණනාවක් තිස්සේ ගායන 
ක්ෂේත්‍රයේ රැඳී සිටින ඔහු නත්තල් සමයට ඉහළම ඉල්ලුමක් තිබෙන ගායකයෙක් බවද අමුතුවෙන් කිව යුතු නැහැ. නත්තල වෙනුවෙන් පැවැත්වෙන ප්‍රසංග අතරේ බොහොම කාර්ය බහුලම සිටියදීයි අනිල් කලකට පසු අප සමග මෙම කතා බහට එක් වුණේ.
 
අනිල් භාරතී කියන්නේ නත්තල් මාසයත් එක්ක බැඳිලා තියෙන නමක් වගෙයි කීවොත් නිවැරදියි නේද? 
ඒක ඇත්ත. මම අවුරුද්දේ වැඩිපුරම කාර්ය බහුල වෙන මාසය තමයි නත්තල් මාසය. මොකද නත්තල් මාසෙටනේ මට තියෙන ඉල්ලුම වැඩි වෙන්නේ. 
 
සාමාන්‍යයෙන් නත්තල් මාසෙට කොච්චර විතර ප්‍රසංගවලට ඔබට සහභාගි වෙන්න සිදුවෙනවාද? 
ගණන් කරලා කියන්න බැරි තරමට මේ කාලෙට මට ආරාධනා ලැබෙනවා. රට පුරා තියෙන විවිධ ආයතනවල කැරොල් ප්‍රසංග, රූපවාහිනී නාලිකාවල වැඩසටහන් ආදියට මේ දවස්වල මාව නැතුවම බැරි ගායකයෙක් බවට පත් වෙලයි තියෙන්නේ. 
 
අද වෙද්දී ඔබ කොච්චර විතර නත්තල් ගීත ගායනා කරලා තියෙනවාද කියලා මතකද? 
මම මේ වෙනකොට මගේම ගීත 100කට වැඩි සංඛ්‍යාවක් ගායනා කරලා තියෙනවා. ඒ අතරින් 50කට වැඩි ගණනක් නත්තල් ගීත. 
 
ඔබ නත්තලට විතරක් කළ එළි බහිනා ගායකයෙක් විදිහට ඇතැමුන් ඔබව දකින්නේ ඔය තරම් විශාල කතෝලික ගීත එකතුවක් ඔබ සතුව තිබෙන නිසාම වෙන්න ඇති නේද? 
ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්. අනික අපේ ගීත දැන් මාධ්‍ය වලින් ප්‍රචාරය කරනවාත් අඩුයිනේ. ඒනිසාත් මම නත්තල් ගීත විතරක් ගායනා කරන ගායකයෙක් විදිහට ඇතැමුන්ට පේනවා ඇති. 
 
ඒ අතරින් වැඩිපුරම ජනප්‍රිය වුණේ මොන ගීතයද කියලා කියන්න පුළුවන්ද? 
මම හිතන්නේ බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගවලෙනේ කියන ගීතය තමයි මගේ නත්තල් ගීත අතරින් වැඩිපුරම ජනතාව අතරට ගියේ. 
 
කොහොමද ඒ ගීතය ඔබට ගායනා කරන්න ලැබුණේ? 
මම ගායනා ජීවිතය ආරම්භ කළේ ක්ලැරන්ස් විජේවර්ධන ප්‍රමුඛ ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායමෙන්. ඒ කා‍ලේ ක්ලැරන්ස්ට වුවමනා වුණා නත්තල් ගීතයක් නිර්මාණය කරන්න. විශේෂිතම කාරණය තමයි ඔහු මේ ගීතය රචනා කර ගන්න ගියේ. කතෝලිකයෙක් ළඟට ‍නෙවෙයි බෞද්ධයෙක් ළඟට. 
 
ඒ කියන්නේ මේ ගීතය රචනා කළේ බෞද්ධයෙක්? 
ඔව්. ඒ පද රචකයා තමයි කරුණාරත්න අබේසේකර. එදා ගීතය නිර්මාණය වූ දා පටන් අද දක්වා දශක හතරක කාලයක් ගතවෙලා තිබුණත් බෙත්ලෙහෙම් පුරේ ගීතයේ ජනප්‍රියත්වය වැඩි වෙලා මිසක් අඩු වෙලා නැහැ. 
 
ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායමෙන් ඉවත්වෙන ඔබ කණ්ඩායම් සංගීතයෙනුත් සදහටම ඉවත් වන්නට වුණා නේද? 
ඔව්. ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායමේ අවුරුදු 5ක් විතර ඉඳලා මම ගායකයෙක් විදිහට තනිව ගමනක් යන්න පටන් ගත්තා. මොකද කණ්ඩායම් සංගීතයත් එක්ක ගියා නම් මට ගායකයෙක් විදිහට මේ තරම් ජනප්‍රිය වෙන්න බැරි වෙනවා. 
 
ඒ ජනප්‍රියත්වයට සාක්ෂි විදියට රසිකයන් වැලඳගත් ගීත රැසක් ඔබ සතුව තිබෙනවා? 
ඔව්. අද මෙන් ඉරු දින මා ආදරෙයි සඳයි තරුයි සහ ටිකිරි මලී මගේ බොහෝ ගීත හුඟක් ජනප්‍රිය වුණා. මේ ගීතත් එක්ක අවුරුදු 45ක් තිස්සේ ජනප්‍රියත්වය එක විදිහටම පවත්වාගෙන යන්න ලැබිම ලොකු වාසනාවක් විදිහටයි මට දැනෙන්නේ. 
 
ඒ වාසනාවත් එක්ක වෘත්තීයමය ගායකයෙක් විදිහට ජීවිතය ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරගන්න ඔබට හැකි වුණාද? 
දැන් කා‍ලේ ගායක ගායිකාවන්ට වගේ ‍නෙවෙයි. සෙමින් කටුක ගමනක් ඇවිල්ලයි මම අද මේ තත්ත්වයේ ඉන්නේ. හැමදෙයක්ම කළමනාකරණය කරගෙන ඒ ගමන ආපු නිසා මම අද මගේ පවු‍ලේ උදවියත් එක්ක සතුටින් ජීවත් වෙනවා. 
 
කිෂාන් කනංකෙ
 
ඡායාරූපය: ලක්මාල් වසන්ත
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1491

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1768

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3027

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1615

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1940

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3514

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click