Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජනප්‍රිය නිළි අංජලී ලියනගේ මෙහෙණියක වෙයි

ඔබ පැවිදි දිවියට පා තැබූ බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ දිනවල ඡායාරූප පෙළක් සමග පුවතක් හුවමාරු වෙනවා. මොකක්ද මේ කතාවේ ඇත්ත නැත්ත?
ඔව්. මේ අවස්ථාව මගේ ජීවිතයට ලැබුණ වටිනාම අවස්ථාවක්. මට මෙහෙණින් වහන්සේ නමක් ලෙසට චරිතයක් නිරූපණය කරන්නට අවස්ථාවක් ලැබුණා. ඒ නවක අධ්‍යක්ෂවරයෙක් වන බරණ රනසෙන් ගේ මල් ලස්සනයි කියන කෙටි චිත්‍රපටයට. මේ කෙටි චිත්‍රපටය සඳහා මාව මෙහෙණින් වහන්සේ නමක් විදියට වේශ නිරූපණය කළා. ඒ ඡායාරූප තමයි අන්තර්ජාලයේ ඔය විදියට හුවමාරු වෙන්නේ.
 
කසාවතින් සිරුරු වසාගනිද්දී ඔබට මොනවගේ හැඟීමක්ද ඇති වුණේ..?
මම මුලින්ම කල්පනා කළා කොණ්ඩේ තට්ටේ ගාන්නේ නැතිව මෙහෙණියක ලෙස සිවුරු දැරීම සාර්ථක වෙයිද කියලා. මොකද ඒ වගේ චරිතයකදී අංග රචනය අසාර්ථක වුණොත් මිනිස්සුන්ට ඒ චරිතේ දැනෙන්නේ නැහැ. මේ හින්දා මගේ කොණ්ඩෙ පෙනෙයිද කියලා මට මුලින් ‍පොඩි කුතුහලයක් තිබ්බා. නමුත් වේශ නිරූපණ ශිල්පියා බුවනෙක රණවක කියලා දැනගත්තම මට තිබ්බ බය නැති වුණා. චරිතයට අදාළ විදිහටම හොඳ වේශ නිරූපණයක් මට ලැබුණා.
 
මහණදම් පුරන්නට සිත හදාගන්නවා කියන එක ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. සැබෑවට නොවුණත් ඒ වගේ චරිතයකට අවතීර්ණ වෙද්දී හොඳ සංයමයක්, ඉවසීමක් අවශ්‍ය වෙනවා. මේ කියන දේවල් ඔබට තිබුණද..?
බරණ මට මෙහෙණින් වහන්සේ නමක් ලෙස රඟපාන්න ආරාධනා කළාම මුලදිනම් ඇති වුණේ විශාල සතුටක්. ඒ වගේම මෙහෙණින් වහන්සේ නමකගේ චරිතයක් කරන්න ඕන කියලා මට මුල ඉඳලම ලොකු ආශාවකුත් තිබ්බා. ඒ නිසා මේ අවස්ථාව ලැබුණ ගමන් මම හා කිව්වා. ඒ ගැන දෙපාරක් හිතුවේ නැහැ. මෙහෙණියක ලෙස සැරසිලා හිටපු මාව දකිනකොට මට දැනුණේ පුදුම පහන් හැඟීමක්. අනේ මටත් මෙහෙම ඉන්න පුළුවන් නම් කියලා හිතුණා. සිවුර ඇන්දම මෙහෙණින් වහන්සේ නමකට තිබෙන්න ඕනේ සංයමය නිරායාසයෙන්ම මගේ ඇඟට ආවා. මට ලොකු පදවියක් ලැබුණා වගේ දැනුණා.
 
ඔබට කවදහරි දවසක ඇත්තටම මෙහෙණින් වහන්සේ නමක් වෙන්න හිතුණොත්.?
සිවුර ඇඟට දාගත්තම මටත් මහණදම් පුරමින් ඉන්න තිබෙනවා නම් කොයිතරම් සැනසීමක් තියෙනවද කියලා හිතුණා. ඒත් මට තිබෙන බැඳීම්, වගකීම් එක්ක ඒ වගේ තීරණයක් ගන්න නම් මේ ආත්මෙ බැරි වෙයි. ඒත් ජීවිතේ කවදාහරි දවසක මැරෙන්න කලින් ටික කාලෙකට හරි සිවුරක් දරන්න පුළුවන් නම් හොඳයි කියන හැඟීම හිත කොණක හැංගිලා තියෙනවා.
 
සිවුර දරාගෙන ඔබ ඉදිරියට එනවිට ලැබුණ ප්‍රතිචාර මොනවගේද..?
රූගතකිරීම් තිබුණේ පන්සලක. ඒ නිසා මම කාටවත් පේන්න ආවේ නැහැ. මොකද පන්සලට වඳින්න මිනිස්සු එනවනේ. එයාලා ඇත්තටම මෙහෙණින් වහන්සේ නමක් විදිහට මා දිහා බැලුවොත් පව් සිද්ධ වෙයි කියලා මට හිතුණා.
 
සමහරවිට ලැබුණ ප්‍රතිචාර එක්කම ඔබට තවත් මෙවැනිම චරිතයකට ආරාධනා ලැබෙන්නත් පුළුවන් නේද..?
ඔව්. දැනටමත් මගේ ඡායාරූප දැකලා මේ වගේම ටෙලි නාට්‍යයක් කරන්න අදහසක් ආවා. එක් නිර්මාණකරුවෙක් මට කතා කළා. ඔය විදියේ ආරාධනා ඉදිරියටත් තව එන්න පුළුවන්. 
 
සමන්මලී නැලිගම
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2462

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2403

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3912

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4448

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5279

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3131

Please publish modules in offcanvas position.

X

Right Click

No right click