Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නොපෙනෙන අයෙක් අලූත ගෙනා මනමාලියගේ ළැම සූරා දමලා

මීට කලකට ඉහත වෘත්තීය අවශ්‍යතාවයක් සඳහා හේවාහැට ප්‍රදේශයේ විහාරස්ථානයකට ගිය මාහට එහි විහාරස්ථානාධිපති හිමියෝ මෙබඳු කතාවක් කීහ.
පුංචි කා‍ලේ ඉඳලම අපේ පන්සලට යන එන බොහොම ගුණ යහපත් ළමයෙක් ඉන්නවා. මේ මෑතක ඒ ළමයා නුවර පැත්තෙන් කසාදයක් කර ගත්තා. ඒත් මෑතක ඉඳලා ඒ මනමාලි හරි අමුතු විදිහේ අත්දැකීම්වලට  මුහුණ දෙනවලු. සමහරු නම් කියනවා මේක අමනුෂ්‍ය දෝෂයක්ලු. කෝකටත් ඒ ළමයගෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන් වෙයි.
ඉන්පසු ඒ අමනුෂ්‍ය දෝෂය කුමනාකාරයේ එකක්දැයි දැනගනු පිණිස එම විහාරස්ථානය නුදුරේම පදිංචිව සිටි එම තරුණයා විහාරස්ථානයට කැඳවා ගතිමි. ඔහු කෘෂිකර්මය සහ ගව පාලනය ජීවන වෘත්තීය කරගත් අයෙකි.
අපි කසාද බැඳලා දැන් මාස පහක් විතර වෙනවා. මීට මාස දෙකකට විතර කලින් රෑ නවයට විතර මගේ නෝනා කළුවරේ එළියට ගිහින් ඇවිත් කිව්වා එක පාරටම කවුරු හරි පැනලා මගේ පපුව සීරුවා කියලා. ඒ කතාව මට කොහොමවත් අදහා ගන්න බැරි වුණා. ඒත් මම ඒ වෙලාවෙම ටෝච් එකක් අරගෙන ඒ අවට හැම තැනම හෝදිසි කළා. ඒත් කවුරුවත් පේන්න බැහැ. පස්සේ මම ගෙට ඇවිත් මෙයාගේ පපුව හෝදිසි කරන කොට හූරපු පාරවල් හොඳටම පෙනුණා. ‍ලේත් ඇවිත් තිබුණා. අර බළල්ලු හූරන්නේ, හරියට ඒ වගේ හෙතෙම කීය.
කෙසේ හෝ මෙම සිද්ධියෙන් පසු මෙම තරුණයාත් ඔහුගේ මවත් මෙම මනාලියට රාත්‍රියට නිවසින් පිටතට යාමට ඉඩ දී නැත. එහෙත් ඊට පසු දිනයකද ඇය එම සීරීම් උවදුරකට ලක්ව තිබිණි. ඒ එක්තරා දහවලක වත්ත පහළ පිහිටි පිහිල්ලකට හෝ දොළ පාරකට යන අතරේය. එය තරමක වනගත ප්‍රදේශයක් වූ අතර ඇය එහි ගොස් තිබුණේද තනිවමය. කලින් පපු පෙදෙස සීරීම්වලට ලක්ව තිබූ අතර ඇගේ පිට ප්‍රදේශය එවර එබඳුම සීරීම්වලට ලක්ව තිබිණ. 
මේක මොන වගේ තත්ත්වයක්ද කියලා අපිට හිතාගන්න බැරි වුණා. මගේ නෝනා කියනවා ඒ වෙලාවට කවුරු හරි හූරනවා වගේ තේරුණත් එහෙම සූරන කෙනෙක් පේන්න හිටියෙත් නැතිලු එම තරුණයා තම බිරිඳගේ ඒ අත්දැකීම් එලෙස මා හා විස්තර කළාය. 
කෙසේ හෝ ඉන්පසු ඇයට රාත්‍රී කාලයේ තබා දහවල් කාලයේවත් නිවසින් පිටතට යාමට සැමියාගෙන් සහ නැන්දම්මාගෙන් අවසර නොලැබිණ. එහෙත් ඊට පසු දිනයෙක තම සැමියා සමග රාත්‍රී නින්දට පිවිසි එම තරුණ බිරිඳ අලුයම පිබිදෙන විට කිසිවකු විසින් ඇගේ දෑතේ බාහුවේ සිට වැලමිට අතර ප්‍රදේශය එලෙසින්ම සීරීම්වලට ලක්ව ඇති බව දැකිය හැකි විය.
ඒ සිද්ධියෙන් පස්සේ නම් මට තේරුණා ඒ මනුස්සයෙකුගේ වැඩක් වෙන්න බැහැ කියලා. පස්සේ අපි මේ ගැන නෝනාගේ පවු‍ලේ අය එක්ක කියන කොට ඒ අය තමයි කිව්වේ මේක පහුරුස්සා කියන අමනුෂ්‍යයෙකුගේ වැඩක් කියලා. ඒ අමනුෂ්‍යයාට සමහරු 'පරුස්සා' කියලත් කියනවලු. කාටවත් බරපතළ හානියක් කරන්න බැරි ඔය අමනුෂ්‍යයාට පුළුවන් කාවහරි පහුරු ගාන්න විතරලු. ඉතින් අපි මේකට පුංචි පුංචි වැඩ කළා. ඒත් අපේ හාමුදුරුවෝ නම් කියන්නේ ඕක මොකක් හරි මානසික බලපෑමකින් සිදුවෙන දෙයක් කියලයි එම තරුණයා කීයේ විහාරාධිපති හිමියන්ගේ කීම පිළිගැනීමට අදිමදි කරන්නාක් මෙනි.
ඉන්පසුව එම අසාමාන්‍ය අත්දැකීමට මුහුණදුන් තරුණියද එම විහාරයට කැඳවාගත් මම පළමුව ඒ වනවිට තරමක් සුවවී තිබූ ඇගේ දෑතේ ඇති සීරීම් ලකුණු නිරීක්ෂණය කළෙමි.
හොඳට හිතලා බලන්න, ඔය හැම සීරීමක්ම වෙන්නේ තමන් අතේ තියෙන නිය‍පොතුවලට පහසුවෙන් හසුකර ගන්න පුළුවන් සීමාවන්වල විතරයි. ඒ වගේම ඒවා නිය‍පොතුවලින් කරපු සීරීම් වගේ පේනවා. අනික ඒ සීරීම් වුණත් ගැඹුරට කැපී ගිය බවක් පේන්නේ නැහැ. ශරීරයේ මතුපිට හමට විතරයි යන්තම් හානිවෙලා තියෙන්නේ මා එසේ කී විට එම අඹු-සැමි දෙපළම ඒ කරුණ පිළිගත්හ.   ඉන්පසු එම සැමියාගේ අවසරය මත එම තරුණ මනමාලිය පමණක් වෙන්කොට කලින් ගතකළ ජීවිතයට වඩා මෙම යුග ජීවිතය තුළ මුහුණදෙන අපහසුතා පිළිබඳව විස්තර විමසුවෙමි.
අපේ ගෙදරට වඩා මෙයාලගේ ගෙවල් හරිම අපිරිසිදුයි. ඒකට හේතුව තමයි මේ අය කිරි හරක් ඇති කිරීම, මෙයාලගේ හරක් මඩුව අපායක් වගේ. ඒ අපිරිසිදුකම ගේ ඇතුළෙත් තියෙනවා. කන්න ගන්න කෑමවල හිටන් මැස්සෝ. මේ අයට නම් ඒකේ වගේ වගක් නෑ. ඒත් මට මේක මානසික වදයක්. එම තරුණ මනාලිය කීවාය.
පහුරුස්සා නැතහොත් පරුස්සා යනුවෙන් ප්‍රාදේශීය වශයෙන් හැඳින්වෙන මෙම යක්ෂයාගේ ක්‍රියාකාරීත්වය මීට මඳ කලකට ඉහත මට තඹුත්තේගම රාජපක්ෂ ගමේ දී ද දැකිය හැකි විය. ඒ 2015 වසරේ ජුනි මාසයේදීය. එම වසරේ දිනයෙක ඉන්දික නම් තරුණයකු දහවලක ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී පිළිස්සුම් තුවාල සහිත නන්නාඳුනන කාන්තාවක සොහොන් පිටියක් අද්දරදී ත්‍රිරෝද රථයකට නැගීමේ අතිශය සාමාන්‍ය සිදුවීමක්. පසුව මුවින් මුව පැතිර ගොස් එමගින් අපූරු හොල්මන් කතාවක් නිර්මාණය වී තිබිණ. පසුව එම හොල්මන් කතාවට තවත් හොල්මන් කතා කිහිපයක්ද ඈඳීමත් සමග රාජපක්ෂ ගමේ පදිංචි කිහිපදෙනකුගේම ශරීරවල මෙබඳු අද්භූත සීරීම් පහරවල් දක්නට ලැබිණ.  එය එවක මාධ්‍යකරුවන් රැසකගේ 'කට ගැස්මක්' විය.
අප විසින් කරනු ලබන සෑම ක්‍රියාවක්ම සවිඥානකත්වය හා බැඳී ඇතැයි අපි විශ්වාස කරමු. එහෙත් ඉතා කලාතුරකින් සවිඥානකත්වයෙන් බැහැර ක්‍රියාවන්ද අප වෙතින් සිදුවෙයි. හේවාහැටට අලුතින් කැඳවාගෙන ආ මනාලියගේ සේම තඹුත්තේගම රාජපක්ෂ ගැමියන් අතින් සිදුව ඇත්තේ තමන් විසින්ම සිදුකරගනු ලැබූ සවිඥානකත්වයෙන් බැහැර ක්‍රියාවක් බව ඉඳුරාම පැහැදිලිය. කිසියම් කරුණක් මුල්කොට හට ගන්නා මානසික ගැටුම මුල්කරගත් 'විඝටනය' නම් මානසික තත්ත්වය මතද මෙවැනි සවිඥානකත්වයෙන් බැහැර ක්‍රියා සිදුකර ගැනීමට සමහරෙක් පෙළඹෙති. මෙහිදී හේවාහැට අලුත් මනමාලිය එබඳු අස්වාභාවික චර්යාවන් තුළින් නිරූපණය කරන ලද්දේ තම සැමියාගේ නිවස හා වටපිටාව මුල්කොට ගත් අපිරිසිදු බව සහ එනිසා වෙනත් වාසස්ථානයක් සොයා ගැනීමට ඇති නොහැකියාව පදනම් කරගත් මානසික ගැටුමය. ඇගේ පෞරුෂය සහ හැදියාව ආදී සංස්කෘතික බැඳීම් යන කරුණු මත තම සිත තුළ පැන  නැගී ඇති අතෘප්තිමත් බව සැමියා හෝ ඔහුගේ පවු‍ලේ පිරිස් සමග කීමට ඇති නොහැකියාව මුල්කොට ජන සංස්කෘතියේ එන 'පහුරුස්සා' නම් යක්ෂයා  ඇගේ අවිඥානය තුළින්ම පැන නැගී තිබිණ.
මේ අතර කිනම් හෝ කරුණක් මත තමන් කෙරෙහි අන්‍යයන්ගේ විශේෂ අවධානයක් අපේක්ෂා කරන්නෝ මෙලෙස අස්වාභාවික චර්යාවන්ට පෙළඹෙති.  ප්‍රධාන මානසික රෝග නොවූවත් යම් යම් පුද්ගලයන්ගේ පෞරුෂයන් හා ඔවුන් පවුල්, ප්‍රජා, සමාජමය වශයෙන් ඇතිකර ගන්නා ගැටුම් නිසා හට ගන්නා මෙවන් එක් එක් මානසික අර්බුද වෙනුවෙන් අමනුෂ්‍ය සංකල්ප ඉදිරිපත් කොට තිබිම මානව විද්‍යාත්මක වශයෙන් අතිශය ගැඹුරින් විමසා බැලිය යුතුය. 
 
තිලක් සේනාසිංහ
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1494

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1775

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3033

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1620

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1943

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3517

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click