Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දළ පූට්ටුවාගේ ඝාතකයන්ට දේව දඬුවම්? (Video)

ඇත් දළ සොරුන් විසින් ගල්ගමුවේ දළ පූට්ටුවා නම් හස්තියා මරා දැමීම මේ වන විට මුළු මහත් ජාතියේම කතා බහට ලක්ව තිබේ. එමෙන්ම අලි ඇතුන් ඝාතකයන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිකර දිය යුතු බවට නීති සම්පාදනය කළ යුතු යැයි පසුගිය දා කැබිනට් මණ්ඩලයද තීරණය කොට තිබුණි.

මේ අතර එම දළ පූට්ටුවා වැඩි වශයෙන් සැරිසැරූ බවට සැලකෙන ගල්ගමුවේ උස්ගල - සියඹලන්ගමුව වැව් ඉස්මත්තේ පිහිටි පෞරාණික පලුගස් සෙවනක පසුගියදා ගම්මුන් විසින් දේව කන්නලව්වක් ද සංවිධානය කොට තිබිණ.

එහි දී එම අසරණ ඝාතනය කළවුන් මුළුමනින් වනසා දමන මෙන් දෙවි දේවතාවුන්ගෙන් අභිචාරාත්මක කන්නලව්වක් ද කරන ලදී. මෙවන් කන්නලව් වල කිසියම් ගුප්ත බලයක් තිබේද?

මේ ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ ආධ්‍යාත්මික විශ්වාස පිළිබඳ ප්‍රමුඛ ගවේෂකයෙකු වන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය දයා අමරසේකරයන් වෙතින් අප කළ විමසීමකි.

  • දේව කන්නලව්, පලි ගැසීම්, ශාප කිරීම් වැනි දේවල් සමාජ විද්‍යාත්මකව විස්තර කෙරෙන්නේ කෙලෙසද?

මේවා සෑම සමාජයකම පාහේ විවිධ අයුරින් ක්‍රියාත්මක වෙනවා. පොදුවේ ගත් විට ඒවා සමාජ තුළනයට හේතුවන බව කිව හැකියි.

  • ඒවා සමාජ තුළනයට හේතුවන්නේ කෙසේද?

කිසියම් පුද්ගලයෙකුට, පවුලකට, ප්‍රජාවකට හෝ සමාජයකට එරෙහිවීමක්, ද්‍රෝහි කමක්, විපතක් සිදුකළ විට එසේ ඊට ගොදුරුවන පාර්ශවයෙන් ඊට එරෙහිව ප්‍රතිරෝධයක් පැන නැගීම ස්වාභාවිකයි. ඒ සඳහා එල්ල විය හැකි  ස්වාභාවික ප්‍රතිරෝධය වන්නේ පලිගැනීම්, ගැටුම් සටන් ආදිය නිර්මාණය වීමයි.

දේශපාලන ආදී  ක්‍ෂේත්‍රවල 'අසාධාරණයට එරෙහිව' යන තේමාව යටතේ විරෝධතා, පෙළපාලි, ඇතැම් විට සන්නද්ධ අරගල පවා ඇතිවන්නේ මේ නියාමය මතයි. නමුත් මෙය මිනිසුන්ට සේම සතුන්ටද එක සේ පොදු න්‍යායක්. නමුත් තමන්ට එරෙහි වූ කිසියම් බලයකට එරෙහිව ආධ්‍යාත්මික ශක්තිය යෙදවීම මිනිසුන්ට පමණක් ආවේණික වූවක්. එක් එක් සංස්කෘතික ධාරාවන්ගෙන් උරුමවූ එහි සන්දර්භය වෙනස් වුවත් තේමාව, හරය සහ අරමුණ ආදී වශයෙන් බලනවිට එකයි. දේව කන්නලව්, පලිගැසීම් ආදී වශයෙන්  අප සංස්කෘතියේ එන්නේත් අප සමාජයේ සාමූහික විඥානයෙන් හිමිකරගත් එවැනි චින්තන හා චර්යා සම්ප්‍රදායක්.

  • මින් ඇතිවන සමාජමය යහපත කුමක්ද?

තමන්ට එරෙහි වූ පුද්ගලයා හෝ කණ්ඩායම වෙත කලහකාරී, සටන්කාමී වැනි ප්‍රචණ්ඩාකාරයකින් යොමුවීම නිසා කලකෝලාහල, මිනීමැරුම්, දේපල සහ මිනිස් ජීවිත පවා විනාශ විය හැකියි. නමුත් ඒ අතින් බලන විට මෙවැනි ආධ්‍යාත්මික ප්‍රවේශයන් තුළ සාමකාමී බවක් තිබෙනවා. එය සමාජයේ අපරාධ පාලනයට නැතහොත් මා ඉහත කී ආකාරයට සමාජ තුලනයට හේතු වෙනවා.

  • නමුත් ඉන් ලැබෙන විද්‍යාත්මක ප්‍රතිඵලයක් නැහැ නේද?

එහි ඉතා  ප්‍රබල මනෝවිද්‍යාත්මක වැදගත් කමක් තිබෙනවා. එනම් එවැනි දේව කන්නලව්, පලිගැසීම් ආදිය පුද්ගලයෙකුගේ හෝ සමාජයක භාව විරේචනයක් (Catharsis) ඇතිවීමයි. එමගින් ඔවුන්ගේ හැඟීම් ආවේග පහවී මානසික සැනසුමක් ලැබීම සමාජමය වශයෙන් වැදගත් කාරණයක්.

  • ඒ හැරුණු කොට එවන් දේව කන්නලව් පලිගැසීම් ආදියෙන් වෙනත් ආකාරයක ගුප්ත ප්‍රතිඵලයක් ලද නොහැකිද?

මේ විශ්වයේ පවත්නා සෑම ශක්තියක් හා පදාර්ථයක් පිළිබඳව තේරුම් ගැනී‍මේ හැකියාවක් මිනිස් අප සතුව නැහැ. ඒ අනුව එවැනි අභිචාර විධි මඟින් අපට නොවැටහෙන ගුප්ත ප්‍රතිඵලයක් නොලැබෙතැයි කීමට කාටවත් පුළුන්කමක් නැහැ.

  • ඒ අනුව ඔබ සිතන්නේ ගල්ගමුවේ දල පූට්ටුවාගේ ඝාතකයන්ට එම දේව කන්නලව්වෙන් කියැවුණු පරිදිම දේව දඬුවම් ලැබෙතැයි කියාද?

දෙවිවරුන් කියන්නේ එක් එක් සංස්කෘතියට ආවේණික වූ විවිධ ආරෝපණ. මිනිසුන් විසින් ඒ ආරෝපණ ගොඩනගාගෙන ඇත්තේ මේ විශ්වයේ ඇති මෙතෙක් හඳුනා නොගත් පාරභෞතික අති ප්‍රබල ශක්තීන් පදනම් කර ගෙනයි. නිදසුනක් හැටියට කන්ද උඩරට ඇදහෙන නෘථ දෙවියන් දේව විශ්වාසයෙන් ශාන්තිවාදී සහ සෞම්‍ය ආ‍රෝපණයක් පළ කරන අතර  වන්නි හත්පත්තු ආදී ප්‍රදේශ වල ඇදහෙන කඩවර, කම්බිලි ආදී දෙවිවරුන් ඊට ‍ඉඳුරාම වෙනස් රෞද්‍ර, ප්‍රචණ්ඩ ස්වරූපයක් දරණවා. ඒ දෙවිවරුන්ට කරන කන්නලව් වලින් සිදුකෙරෙන්නේ විශ්වයේ පවත්නා ඒ ඒ ලක්ෂණ වලට ආදල පාරභෞතික ශක්ති ප්‍රවාහයන් කුලුගැන්වීමයි.‍

  • සෘජුවම කියන්න; ඔබ  සිතන්නේ ගම්මුන් පතන ආකාරයටම දළ පූට්ටුවාගේ ඝාතකයන්ට කුරිරු දඬුවම් ලැබෙයි කියාද?

එහිදී එම යාතු කර්මයේ සහ එහි වත්පිළිවෙත් වල සාම්ප්‍රදායිකත්වය සහ එය සිදුකළ ආකාරයේ නිරවද්‍ය බව ආදී සාධක වැදගත් වෙනවා. ඔබ පවසන ආකාරයට එය සිදුකොට ඇත්තේ වසර සිය ගණනක සිට ගැමියන්ගේ වත්පිළිවෙලට කේන්ද්‍ර වූ පළු ගස් සෙවනක නම් එහි විශේෂිත බලයක් නොතිබුණා යැයි කීමට කිසිදු හැකියාවක් අපට නැහැ. ඒ වගේම ඒ යාතු කර්මය සිදුකළ තැනැත්තා ගේ මානසික ශක්තිය වාචික ශක්තිය වැනි දේවලුත් එම ප්‍රතිඵලය සාර්ථක ලෙස ලබා දීමට ඉවහල් වෙනවා.

  • ඒ අනුව ඔබ කියන්නේ දළ පූට්ටුවාගේ ඝාතකයන් නොදුරේ දීම කුරිරු ඉරණමකට ලක්වේවි කියා නේද?

ඒ පිළිබඳ නිශ්චයක් දීමට මට බැහැ. නමුත් එවැන්නක් පිළිබඳ දැඩි අවදානමක්  ඔවුන් හමුවේ ඇති බව පැහැදිලියි. ඔවුන්ට අත්වන ඉරණම පිළිබඳව අපට සාක්ෂි ලබා ගත හැක්කේ අනාගතයෙනුයි. පොදුවේ ගත් කළ ලොව සෑම කෙනෙකුම "සොබාදහමේ නීතිය" (Law Of Nature) ලෙස හඳුන්වන්නේත් මේ පවත්නා විද්‍යාවෙන් විස්තර කළ නොහැකි බලයම බව අවසන් වශයෙන් කිව යුතුයි.

- දේව කන්නලව්වේ වීඩියෝව මෙතනින්-

සාකච්ඡාව සහ වීඩියෝ සටහන - චන්ද්‍රරත්න ඉලංගකෝන්

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2464

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2405

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3913

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4449

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5279

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3131

Please publish modules in offcanvas position.

X

Right Click

No right click