Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මිහින්තලයේ අරලිය ගස් බැතිමතුන්ගේ හිස් මතට?

මිහින්තලය යනු ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ මුදුන් මල් කඩක් බඳු අති පාරිභුද්ධ පුදබිමකි. එවන් පුද බිමක් තුළ දෙස් විදෙස් බැතිමතුන්ගේ ජීවිතවලට හානියක් සිදුවන ආකාරයේ දිරාගිය ගස් විශාල ප්‍රමාණයක් ඇතැයි කිව හොත් ඔබ පුදුම වනු නොඅනුමානය.  නමුදු එවන් ගස් කඩා වැටීමට පෙර ඉවත් කරන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කොතෙකුත් ඉල්ලීම් කළත් අඩවි  ආරක්ෂක නිලධාරිගේ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා එය වැළකී ගොස්  ඇතැයි මිහින්තලය රජමහා විහාර කාර්ය මණ්ඩලය කියයි.

වසර සිය ගණනක් පැරණි විවිධ වර්ගයේ අඩි 50-60ක උසින් යුක්ත වූ ගස් බොහොමයක් දිරාපත්වී කඩා වැටීමට ආසන්නව තිබෙන අතර දෙස් විදෙස් බැතිමතුන්ගේ හිස් මතට එම ගස්වල අතු පතිත වුවහොත් ඔවුන්ගේ ජීවිතවලට බරපතළ හානි සිදුවිය හැකි බව එහි ගිය අපට ද නිරීක්ෂණය කර ගැනීමට හැකිවිය.

දෙස් විදෙස් සංචාරකයන් දහස් ගණනක් පැමිණෙන මිහින්තලය පහළ මළුව,  ප්‍රභූ රථගාල, ‍ පොලිස් මුර ‍පොළ  කඳුපාමුල රථගාල,  කටුසෑය පිහිටි පූජා භූමිය, මිහින්තලය මැදමළුව, පහළ මළුව,  උඩමළුව ඇතුළු ස්ථාන රැසක මෙලෙස දිරාගිය ගස් තිබෙන අයුරු දක්නට ලැබුණි.

දිරාගිය ගස් මතට විශාල රිලවුන් වඳුරන් පනින අවස්ථාවලදී ඔවුන්ද සමඟ ගස් අතු කඩා වැටෙන බව කාර්ය මණ්ඩලය කියයි. දෙස් විදෙස් සංචාරකයන් පැමිණි පසු ඔවුන් දිරාගිය ගස් යටින් ඉවත් කිරීමට සේවකයන්ට විශාල වෙහෙසක් දැරීමට සිදුව තිබෙන බවද ඔවුහු පැවැසූහ.

‘වෙසක් ‍පොසොන් ඇතුළු විශේෂිත උත්සවවලදී දෙස් විදෙස් බැතිමතුන් දහස් ගණනින් එනවා. එතකොට අපිට පාලනය කරන්න බෑ. මොනවා හරි උනොත් කවුද වග කියන්නේ. අපිට තමයි දෝෂාරෝපණය එන්නේ. නමුත් අපිට ගස්වල අත්තක් හරි කැපුවොත් අපිට උසාවි  ගාණේ යන්න වෙනවා. මොකද මේක වනජීවි සංරක්ෂන දෙපාර්තමෙන්තුවට අයිති අභය භූමියක්. මිහින්තලය  නගරයේ තිබ්බ දිරපු ගස් කපලා ඉවත් කරන්න කියලා ‍පොසොන් කමිටු රැස්වීමේදී විවිධ පාර්ශ්ව ඉල්ලීම් කළා. ඒත් වගකිව යුතු අය අවධානය යොමු කළේ නෑ.

අන්තිමේදී සිවිල් ආරක්ෂක භටයකුට ජීවිතයෙන් වන්දි ගෙවන්නත් සිද්ධ වුණා. ගස් දිරලා ගියාට පස්සේ කපා ඉවත් කරන්න ඕන. උඩ මළුවට එන පඩිපෙළ දෙපස තියෙන අරලිය ගස් සියල්ල මුලින්ම දිරලා. ඒවා කොයි වෙ‍ලේ කඩන් වැටෙයිද දන්නේනෑ. නමුත් වනජීවී අඩවි අරක්ෂකට කිව්වම ඔහු නිහඬයි. විවිධ නිලධාරීන්ට ලියුම් යවනවා පෙත්සම් ගහනවා මේවා කපන්න දෙන්න එපා කියලා. අල්ලස් දුන්න නම් මේ සියලුම දේවල් කරගන්න පුළුවන්‘. විහාරස්ථ කාර්ය මණ්ඩය කියයි.

මේ සම්බන්ධයෙන් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගෙන් කළ විමසීමකදී උන්වහන්සේ මෙසේ පැවැසූහ.

ගස් විශාල ප්‍රමාණයක් දිරලා කඩා වැටෙන්න ඔන්න මෙන්න. වනජීවි ඇමැතිට දැන්වුවා. අධ්‍යක්ෂ ජනරාල්ට දැන්වූවා. වගේ වගක් නෑ. මේ පළාත භාර නිලධාරියාට අල්ලස් දෙන්න ඕන මේ දේවල් කර ගන්න. මම මේ වගකීමෙන් කියන්නේ.

දෙස් විදෙස් සංචාරකයකුට ගහක් කඩන් වැටිලා හානියක් වුණොත් වනජීවී නිලධාරියා වග කියන්න ඕන. දේපළකට හානි වුණොත් ඔහු වග කියන්න ඕන. මේක දිසාපතිවරයටත් කරන්න පුළුවන්. නමුත් එතුමා කිසිම වැඩකට නෑ. කියන දෙයක් ගණන් ගන්නෙම නෑ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් මිහින්තලය වනජීවී අඩවි ආරක්ෂක (01) පී. එම්. අනුර කුමාර පැනහැටි‍පොල මහතාගෙන් දුරකථනයෙන් විමසීමක් කළත් “මම නිවාඩුවේ ඉන්නේ ඕවට උත්තර දෙන්න ඕන රාජකාරී මට්ටමින් ‍ප්‍රෝසීඩියර් එකට අනුව නිවාඩුව ඉවර වුණාම කතා කරන්න”යනුවෙන් කියමින් දුරකථනය විසන්ධි කළේය.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර අඩවි වන නිලධාරී ලලිත් ගමගේ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවැසුවේ එම භූමිය වනජීවි දෙපාර්තමේන්තුවට අයිති බවයි. එහෙත් බැතිමතුන්ට අවහිරයක් සිදුවන ගස් ඇත්නම් ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව උදෙසා දිසාපතිවරයාට දන්වා වුව ඊට අවැසි ක්‍රියා මාර්ග ගත හැකි බව ද ඔහු පැවසීය.

බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර

IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1500

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1780

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3035

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1622

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1946

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3519

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click