Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත් කාන්තාවක් ගැබ් ගැන්වීම සම්බන්ධයෙන් කටයුතු කරන පිරිමියෙකුගේ තිබිය යුතු නීරෝගීතාවය පිළිබඳව බොහෝ දෙනෙකු අවධානය යොමුකොට නැහැ.

මේ අතර ඉන්දියාවෙ මුම්බායි නගරයේ කොහිනූර් රෝහලේ ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය අංජලී තල්වල්කාර් මාස දෙකකට වරක් ආසියාතික තරුණියන්ගේ ගර්භනී බව පිළිබඳ වැඩමුළු පවත්වනවා. මෙවර ඇය කතා කර තිබෙන්නේ දරු උපතක් සඳහා පිරිමියාගේ සෞඛ්‍යයේ බලපෑම ගැනයි.

  • දරුවෙකු පිළිසිඳ ගැනීම සහ පිරිමියා අතර ඇති සම්බන්ධය විස්තර කළොත්?

පිරිමියෙකු නැතිව ස්වභාවික තත්වයන් යටතේ පිළිසිඳ ගැනීමක් සිදු වෙන්න කොහෙත්ම බැහැ. ශුක‍්‍රාණු සෛල ස්වභාවිකව නිෂ්පාදනය කරන්නේ පිරිමි පක්ෂයේ සිරුර තුළ ස්වභාවිකව ශ‍්‍රාවය වන හෝමෝන නිසයි. පර්යේෂණාගාර මට්ටමින් ශුක‍්‍ර සෛල නිෂ්පාදනය කරන්න පුළුවන් තාක්ෂණයක් තිබෙනවා. නමුත් ඒවා ස්වභාවික ශුක‍්‍ර සෛල වගේම ක‍්‍රියාකාරී ද කියලා සැකයක් තියනවා. ඒ නිසා දරු පිළිසිඳ ගැනීමක් සඳහා පිරිමියෙකුගේ ශුක‍්‍ර සෛල අත්‍යවශ්‍යයි.

  • පිළිසිඳ ගැනීමකට පියාගේ සෞඛ්‍ය තත්වයත් බලපානවාද?


අනිවාර්යයෙන්ම. දරුවෙක් හැදෙන්නෙ මව සහ පියා කියන දෙදෙනාගේම ජානවලින්. පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තුවෙන් ඉන්න පවුලක තාත්තා කෙනෙක් ඉතාමත් හොඳ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු වීම වැදගත්. ඒ කියන්නෙ අංගවිකල බව, මානසික ව්‍යාධි තත්වයන් ගැන නෙවෙයි. අසනීප තත්වයන්ගෙන් තොර නිරෝගී කෙනෙක් වීම වැදගත්.

  • ඒ ගැන තවදුරටත් පැහැදිලි කළොත්?

දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න පවුලක පිරිමි කෙනෙක් මත් පැන් පානය කිරීම තාවකාලිකව හෝ නතර කිරීම වැදගත්. මත්පැන් නිසා ශුක‍්‍ර සෛලවල ප්‍රබල බව, නිරෝගී බව සහ ක‍්‍රියාකාරීත්වය අවම වෙනවා. ඒවායේ ආයු කාලයත් වෙනස් වෙන්න පුළුවන්.

  • ශුක‍්‍ර සෛලවල ආයු කාලය පිළිසිඳ ගැනීමකට බලපාන්නෙ කොහොමද?

සාමාන්‍යයෙන් ශුක‍්‍ර සෛල කාන්තා යෝනි මාර්ග තුළ දී දින 4 ක් 6 ක් විතර සජීවී තත්වයේ සිටිනවා. ඒ අතර ඩිම්බ සෛලයක් පිටවූ පසු එය සංසේචනය කරන්න යෝනි මාර්ගයේ තිබෙන ශුක‍්‍ර සෛලවලට පුළුවන්. නමුත් ශුක‍්‍ර ෙසෙල දින හතරක්ම සජීවී තත්වයේ ඉන්නේ නැතිව දින දෙකකින් එහි ජීවි බව නැති වුණොත් තුන් වෙනි දිනයේ ඩිම්බ සෛලයක් විමෝචනය වුණාට එය සංසේචනය කරන්න ශුක‍්‍ර සෛලවලට හැකි වෙන්නෙ නැහැ. ඒ නිසා තමයි වැඩි දින ගණනක් ශුක‍්‍ර සෛල සජීවී ව තබා ගැනීම වැදගත් වෙන්නෙ. මත් පැන් පානය, මත් ද්‍රව්‍ය පාවිච්චිය වගේ දේවල් ශුක‍්‍ර ෙසෙලවල ආයු කාලය අඩු කරන්න ඍජුවම හේතු වෙනවා.

  • එතකොට ඒවායේ ක‍්‍රියාකාරීත්වය බලපාන ආකාරයත් විස්තර කරලා දෙන්න.

ශුක‍්‍රාණු සෛල මිලියන ගණනක් යෝනි මාර්ගයට ඇතුළු වුණත් ඩිම්බයක් සංසේචනය කරන්න අවස්ථාව තිබෙන්නෙ එකම එක ශුක‍්‍රාණු සෛලයකට විතරයි. ඒ කියන්නෙ අර මිලියන ගණනින් හොඳම, ශක්තිමත්ම සෛලයට විතරයි. යෝනි මාර්ගයට ඇතුළු වුණු තැන ඉඳලා ඩිම්බ සෛලය දක්වා පිහිනාගෙන ගමන් කරන්න නම් ශුක‍්‍රාණු සෛලය ඉතාම හොඳ ක‍්‍රියාකාරීත්වයකින් යුතු නිරෝගී සෛලයක් විය යුතු යි. ක‍්‍රියාකාරීත්වයෙන් අඩු ශුක‍්‍රාණු සෛලවලට ඩිම්බය තෙක් පිහිනා යන්න බැහැ. ඒ ආකාරයට තමයි ක‍්‍රියාකාරීත්වය වැදගත් වෙන්නෙ. කලින් කිව්වා වගේම මත් පැන් පානය, මත් ද්‍රව්‍ය පාවිච්චිය වගේ දේවල් ශුක‍්‍ර ෙසෙලවල ආයු කාලය අඩු කරන්න හේතු වෙනවා.

  • පිළිසිඳ ගැනීමකට බලපාන්නෙ මත් පැන් සහ මත් ද්‍රව්‍යවල ක‍්‍රියාකාරීත්වය විතරද?

නැහැ. පිරිමියාගේ ස්ථුල බව හේතු වෙන්න පුළුවන්. පිරිමියා තමන්ගේ සිරුරේ බර නිසි පවත්වා ගැනීම වැදගත්. අධික තරබාරු බව ශුක‍්‍රාණු සෛල නිපදවීමේ ධාරිතාව අඩු කරනවා. ඒ වගේම අනුරාගී හැසිරීමක දී ශුක‍්‍රාණු සෛල විමෝචනය කිරීමේ වේගයත් අඩු වෙන්න ස්ථුල බව හේතු වෙනවා.

මීට අමතරව තවත් කාරණයක් කියන්න  ඕනෙ. දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න පවුලක පිරිමියෙකු සවුනා,ස්ටීම් බාත්,හොට් බාත් වගේ දේවල් පාවිච්චි කිරීමෙන් තාවකාලිකව වැළකී සිටීම ඉතාම වැදගත්. හොට් බාත් හෝ සවුනා මගින් ශුක‍්‍රාණු සෛල අධික උණුසුමට ලක් වෙනවා. ඉන් ඒවායේ ජීවී බවට හානි වෙන්න පුළුවන්. ඒ නිසා තාවකාලිකව ඒ වගේ දේවල් නතර කරන්න අනිවාර්යයෙන්ම වගබලා ගන්න  ඕනෙ.

දුලංජලී මුතුවාඩිගේ

 

 

         

 

IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 52

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 201

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6922

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4541

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6029

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6719

Please publish modules in offcanvas position.

X

Right Click

No right click