Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

තනුජා සිරස හැර යයි

පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන කියන්නේ “සිරස” හා තනුජා අතර තිබුණේ වෙන් කරන්න බැරි තරම් ලොකු බැඳීමක්. ඒත් පසුගියදා හදිසියේම ඒ බැඳීම බිඳිලා ගියා. තනුජා සිරස මාධ්‍ය ජාලයෙන් ඉවත්වීමට ගත් තීරණයයි ඊට හේතු වුණේ. 
 
සිරසයි තනුජයි කිව්වම හරියට ගහයි ‍පොත්තයි වගේ. ඒ තරමට එකට බැඳී හිටපු ඔබ එකවරම සිරසින් ඉවත් වෙනවා. මොකක්ද ඒකට හේතුව? 
මම නොවැම්බර් 30 වැනිදා මගේ ඉල්ලා අස්වීමේ ලිපිය කළමනාකාරීත්වයට බාර දුන්නා. දෙසැම්බර් 6 වැනි දින  තමයි එය අනුමත කෙරුණේ. දෙසැම්බර් 6 වැනිදා පටන්  මම සිරස මාධ්‍ය ජාලයේ නැහැ. මම සිරසින් ඉවත් වුණේ හේතු කිහිපයක්ම නිසා. සමහරක් දේවල් මට මේ මොහොතේ මාධ්‍යයට කියන්න බැහැ. 
 
සිරසින් ඉවත්ව යන විට ඔබ මාධ්‍ය ජාලය තුළ කවුරුන් විදියටද වැඩ කළේ? 
මම එම්.ටී.වී. හා එම්.බි.සී. ප්‍රවර්ධන අධ්‍යක්ෂ විදියට ඉඳලා MBC මහරාජා broadcasting අධ්‍යක්ෂ හා YFM නාලිකා ප්‍රධානී තනතුරට ගියා. එම තනතුරේ සිටියදී තමයි මම සිරසින් ඉවත් වුණේ. 
 
දශක දෙකකට කලින් රූපවාහිනි නිවේදිකාවක් විදියට “රස රිසි ගී” තුළින් ඇවිත් ඉහළම පුටුවකට ගිය තනුජා හිටි හැටියේ මේ වගේ තීරණයක් ගත්තේ ඇයි? 
මම වසර 19ක් මාධ්‍ය ජාලය තුළ රැඳී හිටියා. ඒ තුළ කතා බහට ලක්වන යමක් කළ බව මා දන්නවා. ඒත් මේ සියලු කටයුතුවලින් ඉවත් වෙලා මගේම දෙයක් ගැන හිතන්න මම කල්පනා කළා. 
 
රැඳී සිටි කටයුතු එක්ක තනුජා හෙම්බත් වුණාද? 
මම හෙම්බත් වන කෙනෙක් නමෛයි. කරන කටයුත්තෙන් තෘප්තිමත් වන කෙනෙක්. වෙනසක් ඕන හින්දයි මා ඉවත් වුණේ. 
 
වෙනත් නාලිකාවකින් මීටත් වඩා ලොකු තනතුරකට ඇරයුම් ලැබුණාද? 
ඒ වගේ ඇරයුම් නම් බොහොමයක් ලැබිලා තියෙනවා. ඔය වගේ හේතුවක් මත මේ වගේ තීරණයක් ගත්තා නම් මීට කලින්ම ඒ තීරණේ ගන්නවානේ. 
 
තනුජා සිරසත් එකක් මොකක් හරි හිත් අමනාපයක් ඇතිවෙලාද මේ තීරණේ ගත්තේ? 
කිසිසේත්ම නැහැ. මගේ ඉල්ලා අස්වීම අනුමත කරන්න ඒ අය පමා කළේ ඒ නිසා. ඉතාම ගෞරවනීය විදියටයි මම සිරසින් ඉවත් වුණේ. 
 
වසර 19ක් රැඳී සිටි තැනින් ඉවත් වෙනකොට ඔබට දුකක් දැනුණේ නැද්ද? 
ලොකු දුකක් දැනුණා. එහෙම වුණේ නැත්නම් තමයි පුදුමේ. මම මේ තීරණය ගත්තේ මාස 1  1/2කට කලින්. ඒ කාලය පුරා මම කළේ හිත හදාගත්ත එකයි. අපිට මේ හැමදේම දාලා යන්න වෙනවා. කිසි දෙයක් සදාකාලික නැහැ. මම ඒ සත්‍ය වටහාගෙන හිත හදාගෙනයි මේ තීරණය ගත්තේ. 
 
අලුත් වෙනසක් වෙනුවෙන් නේද මේ තීරණේ ගත්තා කිව්වේ? 
ඔව්. 
 
වෙනත් නාලිකාවකට යාම ගැන ස්ථිර අදහසක් නැත්නම් සිරස එක්ක අමනාපයකුත් නැත්නම් මේ තීරණය ගත්තේ තමන්ගේම මාධ්‍ය ආයතනයක්වත් අරඹන්නද? 
(හිනැහි) අයියෝ මම එච්චර සල්ලි කාරියක් ‍නෙවෙයිනේ. 
 
එහෙනම් හැමදේම අතෑරලා පතිකුලයටවත් යන්න හදනවාද? 
මාධ්‍ය කලාව කියන්නේ මගේ ජීවිතය. විවාහ වෙන්න එයින් ඉවත් වනවා නම් ඉතින් මම බඳින කෙනා මම මේ ක්ෂේත්‍රය තුළ ඉන්නවට අකමැති වීමනේ හේතුව වෙන්න ඕනේ. මම බොහොම ස්වාධීන  ගැහැනියක්. ඔය වගේ අදහස් තියෙන, මට සීමා පනවන කෙනෙක්ව මම තෝරා ගනී කියලා ඔයා හිතනවාද? 
 
එහෙනම් මොකක්ද මේ අලුත් වෙනස? 
ඒක මම ළඟදීම ‘රිද්මට’ කියන්නම්. 
 
ආරියවංශ කුලතිලක
ඡායාරූපය - තුෂාර සංජීව
IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 34

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 174

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6914

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4536

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6025

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6711

Please publish modules in offcanvas position.

X

Right Click

No right click