Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක් ද වේ. ඔහුගේ බිරිඳ රජයේ වැදගත් නිලයක් දරන්නියකි.

මෙම සමාගමට අයත් ශාඛා කාර්යාල දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක පිහිටා ඇති අතර එහි එක් තරුණ නිලධාරිනියක් ද සිටින්නීය. මෑතක දී විවාහ වූ ඇය පසුගිය දිනවල ගැබ්ගෙන ‍ගෙන තිබූ බව ඇ‍ගේ කාර්යාලයේ මිතුරියෝ කියති. ඒ පසුගිය දිනවල ඇය කෑමට ප්‍රියකරන ආහාර වර්ග ඔවුන් ගෙනවිත් දුන් බැවිනි. ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ සිටින අධ්‍යක්ෂවරයා ඉඳහිට මෙම ශාඛා කාර්යාලයට පැමිණෙන මුත් එහි සිටින කිසිවෙකුත් සමඟ විශේෂ ඇගෑලුම් කමක් නොපවත්වන බවද කාහටත් වැටහී තිබිණ. මේ අතර පසුගිය දිනයක මෙම අධ්‍යක්ෂකවරයා රාජකාරි කටයුත්තක් සඳහා සිංගප්පූරුවේ දින තුනක සංචාරයක යෙදුණි.

එහි ගොස් පැමිණි ඔහු තම සංචාරයේ විවිධ අවස්ථා දැක්වෙන ඡායාරූප තම ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුලත් කොට තිබුණි. එම ෆේස්බුක් අඩවියට පිවිසි ශාඛා කාර්යාලයේ නිලධාරිනියන්ට නෙත් අදහාගත නොහැකි වූ ඡායාරූපයක්ද එම ෆේස්බුක් පිටුවේ තිබී දැකිය හැකි විය. ඒ සිංගප්පූරුවේ සුප්‍රකට සිංහ පිළිරුව ඉදිරියේ  අවුකණ්නාඩියක් පැළඳ ඡායාරූපයකට පෙනී සිටි ඔහුගේ අවුකණ්නාඩිය මත එම ඡායාරූපය ගන්නා තැනැත්තියගේ රූපයද පැහැදිළිව සටහන්ව තිබීමය. එම ඡායාරූපය මඳින් මඳ විශාල කොට බැලූ ඔවුනට ඉතා පැහැදිලිවම වැටහීගියේ සිංගප්පූරුවේ දී ඔහුගේ එම ඡායාරූපය ගෙන ඇත්තේ තම ශාඛාවේ සේවය කරන ගැබිණි නිලධාරිනිය විසින් බවය.

එමෙන්ම එම අධ්‍යක්ෂකවරයා සිංගප්පූරු ගිය දින කිහිපය තුළ ඇය ද ලෙඩ නිවාඩු දමා සිටි බව එම කාර්යාලයේ කාහටත් වැටහිණ. කෙසේ හෝ මෙය තමන්ගේ සතුරන් විසින් කෘත්‍රිමව සකසන ලද ඡායාරූපයක් බව මුල් අවස්ථාවේ එම නිලධාරිනිය  පුන පුනා ප්‍රකාශ කළද අන් අයෙකු කෘත්‍රිමව සැකසූ ඡායාරූපයක් තම ෆේස්බුක් ගිණුමට එක් කර ගැනීමට තරම් එම අධ්‍යක්ෂකවරයා මෝඩයෙකු නොවන බව කාගේත් පොදු අදහස වී තිබේ.

කෙසේ හෝ  මෙම සිද්ධිය සැලවූ සැනින් එම අධ්‍යක්ෂකවරයා තම සිංගප්පූරු සංචාරයේ සියළුම ඡායාරූප ෆේස්බුක් වෙබ් අඩවියෙන් ඉවත් කර ගෙන ඇති අතර ඒ වන විටත් ඔහුගේ එම ඡායාරූපය බොහෝ දෙනෙකු අන්තර්ජාලයේ වෙනත් ෆේස්බුක් වෙබ් අඩවි වලට අතුළු කරගෙන තිබේ.

මේ තත්ත්වය කෙතරම් දුර දිග ගොස් ඇත්දැයි කිව හොත් එම නිලධාරිනිය මේ වන විට රාජකාරියට නොපැ‍මිණෙන අතර ඇ‍ගේ සැමියාට මෙය සැලවන්නට ඇතැයි යන්න බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි.

මෙම අධ්‍යක්ෂකවරයා සහ නිලධාරිනිය අතරේ කලක සිට මෙම රහස් ප්‍රේම සම්බන්ධය පැවැති අතර ඔවුන් මීට පෙරද මෙවන් රහසිගත ගමන්බිමන් වල යෙදී ඇති බවට දැන් බොහෝ දෙනෙක් සැක කරති.

 කෙසේ හෝ අවුකණ්නාඩි පැළඳ ඡායාරූපවල පෙනී සිටීමේ දී බොහෝ දෙනෙකු පරිස්සම් විය යුතු බව මෙම සිද්ධියත් සමඟ එම ආයතනයට සම්බන්ධ ඔවුන්ගේ හිත මිතුරු බොහෝ දෙනෙක් සිනාසෙමින් කියා සිටිති.

 

දමයන්ති ගමගේ

 

 

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2460

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2402

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3911

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4447

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5278

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3130

Please publish modules in offcanvas position.

X

Right Click

No right click