Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ පැළැන්දාය. ඇය දකුණු අප‍්‍රිකාවේ ඩෙමී-ලෙයි නෙල්-පීටර්ස්ය. 
ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරිනියක් වන ඇය තවමත් පසුවන්නේ විසිදෙහැවිරිදි වියේය. දුඹුරු පැහැති කෙස් කළඹකට හා ළා දුඹුරු දෙනෙතකට හිමිකම් කියන ඇගේ උස අඩි 5යි අගල් 7කි. 1978 වසරේ විශ්ව රූ රැජින වූ මාගරට් ගාඩිනර්ගෙන් පසු දකුණු අප‍්‍රිකාවට එම කිරුළ රැගෙන ඒමට හැකිවූයේ ඩෙමී-ලෙයිට වීම විශේෂත්වයකි. 
මේ වසරේ විශ්ව රූ රැජින කිරුළ සඳහා මෙන්ම ලෝක රූ රැජින කිරුළ සඳහාද දකුණු අප‍්‍රිකාව වෙනුවෙන් සුදුසුකම් සපුරා සිටියේ ඩෙමීය. එහෙත් මේ තරග දෙක පැවැත්වීමට යෙදී තිබුණු දින වකවානු පිළිබඳ ගැටලූවක් නිසා ඇය ඉදිරිපත් කෙරුණේ පසුගිය 
නොවැම්බර් 16 වෙනිදා ඇමෙරිකාවේ ලාස් වේගාස්හි පැවැති විශ්ව රූ රැජින තරගයට පමණි. ලෝක රූ රැජින තරගාවලිය නිමා වූවේ නොවැ. 14 වෙනිදා ජපානයේදීය.
තරගයේ අවසන් වටයේදී නිවේදක ස්ටීව් හාවේ වැඩකරන කාන්තාවන් සම්බන්ධයෙන් කුමක් වැදගත් වන්නේදැයි ඩෙමීගෙන් ඇසූ පැනයට ඇය පැවැසූවේ මෙවැන්නකි. 
’ලෝකයේ සමහර තැන්වලදි එකම රැකියාවේදී ගැහැනුන්ට ගෙවන්නේ පිරිමින්ට ගෙවන මුදලින් 75%ක් විතරයි. පිරිමින්ට වගේම ගැහැනුන්ටත් සමාන කාර්යයන්ට සමාන වැටුප් හිමිවිය යුතුයි.’
තමා තුළ ඇති කවර ගුණාංගයක් ගැන ඇය ආඩම්බර වන්නේ ද හා විශ්ව රූ රැජින වශයෙන් එම ගුණය කෙසේ භාවිත කරන්නේද යනුවෙන් ඇගෙන් විමසන ලදුව ඇය දී ඇත්තේ අපූරු පිළිතුරකි. තමා කවුද යන්න පිළිබඳ විශ්වාසය තිබිය යුතු බව ඇය පවසා ඇත. තමා බියකරු අවස්ථා රැසක් ජයගත් ගැහැනියක් බැවින් සෙසු කාන්තාවන්ට ඔවුන්ගේ අනතුරු වළකා ගැනීමට උපකාර කිරීමට තමන්ට හැකි බව ඇය පවසන්නීය. ඒ කී ලෙසම කාන්තාවන් සඳහා ආත්මාරක්ෂාව ඉගැන්වෙන වැඩමුළු පැවැත්වීමට ඇය අදහස් කරගෙන සිටී. 
දකුණු අප‍්‍රිකාවේ රූ රැජින බවට පත්ව මසකට පසු ඇය මෝටර් රථ පැහැරගන්නන් පිරිසකගේ ග‍්‍රහණයට හසුව තිබේ. රියේ යතුරු භාරදුන්න ද ඇය රථයේ දමාගෙන යෑමටයි ඔවුන් වෑයම් කර ඇත්තේ. අවම වශයෙන් තුවක්කු 3ක් වත් තමා වෙත එල්ල වී තිබූ බව ඇය පවසයි. ආත්මාරක්ෂක පුහුණුවක් ලබා තිබුණෙන් දාමරිකයකුගේ ගෙළ හරහා පහරදී පැනවිත් උපකාර ලබා ගැනීමට ඇය සමත්ව ඇත. කාන්තාවන්ගේ ආත්මාරක්ෂාව ගැන ඇය එතරම් තකන්නේ මේ අත්දැකීම නිසා විය හැකිය.
ඩෙමී කුඩා දැරියකව සිටියදී ඇගේ මව්පියන් දික්කසාද වී වෙනත් විවාහයන්ට ඇතුළත්ව ඇත. අනතුරුව ඇය වැඞී ඇත්තේ මේ පවුල් දෙක සමගමය. මෙනිසා ඇය තම මවගේ නව සැමියාට මෙන්ම පියාගේ නව බිරියට ද සමීප බව පැවැසේ. ගෘහ අභ්‍යන්තර අලංකරණ ශිල්පිනියක වන මව, ඩෙමීගේ ජයග‍්‍රහණවල පිටුබලය වුවත් සුළුමවත් සුළු පියාත් ඇගේ සිහින සැබෑ කර ගැනීමට උදවු කළ බව  ඕ පවසන්නීය.  
තමාට හමු වූ උතුම්ම තැනැත්තා තම සුළුපියා බව ඩෙමී කියන්නීය. ඇගේ සුළුමව සායනික මනෝවිශේෂඥයකි. ඇය කුඩා ඩෙමී ඉණේ තබාගෙන ඇවිද්ද අයුරු සිහිපත් කරන්නීය. ඩෙමී පසුගිය මව්වරුන්ගේ දිනය සැමරුවේ ද මේ සුළුමව සමගිනි. 
 ඩෙමීගේ අර්ධ සොහොයුරිය තවමත් දස හැවිරිදිය. ඇය උපතේදීම කුඩා මොළය රහිතව උපන් දැරියකි. මෙනිසා ඇය කායිකව බොහෝ සෙයින් ආබාධිත දැරියකි. ගැහැනියක ආත්මාරක්ෂාව සම්බන්ධයෙන් සවිමත් විය යුතු බව ඩෙමී සිතයි. ඇගේ හොඳම උත්පේ‍්‍රරකය ලෙස සඳහන් කෙරෙන්නේ මේ කුඩා සොයුරියයි. ජීවිතයේ වටිනාකම ඇය තම අඩ සොයුරිය වෙතින් දකී.
සංගීතයටත් සංචාරයටත් පි‍්‍රයකරන ඩෙමී ඇය සංචාරය කරන රටවලින් මතක සටහන් සේ රැස්කර ගන්නේ ආභරණ බව පවසයි. පාසල් සමයේ රගපෑමට ලැදිවූ ඇය ලේඛනයට ද ප‍්‍රියකරයි. 
විශ්ව රූ රැජින ලෙස ඩෙමීට ඉදිරි වසරේ අමෙරිකාවේ නිව්යෝක් නගරයේ සුඛෝපභෝගී නිවහනක වාසය කිරීමට අවකාශ සැලසෙනු ඇත. ඒ ඇගේ සමාජ කර්තව්‍යයන්හි යෙදීමට සෑහෙන විශාල වැටුපක් ද සමගිනි.
66වන වරට පැවැත්වුණු 2017 විශ්ව රූ රැජින තරගය ශ‍්‍රී ලංකාවට ද වැදගත් වන බව සඳහන් කළ යුතුමය. ඉතිහාසයේ 1955න් පසු ලාංකික යුවතියක් විශ්ව රූ රැජින තරගයක අර්ධ අවසන් වටයට පිවිසෙන්නේ වසර 62කට පසුවයි. එම වටයේ 16දෙනා අතරට එක්වීමට තරම් වාසනාවන්තියක වූ ඒ රූමතිය ක‍්‍රිස්ටියානා පීරිස්ය. 1955දී මේ තරගයේ තෙවන ස්ථානය දිනාගැනීමට සමත්ව ඇති ලාංකික රූමතිය මොරීන් හින්ගර්ට්ය.
අඩි 5යි අගල් 9ක් උසැති කි‍්‍රස්ටියානා පීරිස් විසිතුන් හැවිරිදිය. බම්බලපිටියේ ශුද්ධවූ කන්‍යාරාමයෙන් 9වන ශේ‍්‍රණිය දක්වා උගෙන ඇති ඇය සිය පවුලේ අය සමග අබුඩාබියේ පදිංචියට ගොස් ඇත්තේ ඇගේ මවගේ වියෝවෙන් පසුව බව සඳහන්ය. මෝස්තර නිරූපිකාවක වන ඇය දැන් ඒ පිළිබඳ උපාධිධාරිනියකි. 
ඇඳුම් නිර්මාණය කර ඉන් ලැබෙන ආදායමෙන් කොටසක් පිළිකා රෝගීන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ක‍්‍රිස්ටියානා කටයුතු කර ඇත. ඒ ඇය රූ රැජිනක වීමට ද පෙරාතුවයි. එය පැසසිය යුතු මෙහෙවරකි. ඇගේ මව, මිත්තණිය හා මුත්තණුවන් මියගොස් ඇත්තේ පිළිකා රෝගයෙන් නිසා ඇය මේ සමාජ සත්කාරයට දායක වූ බව පැවැසේ. 
කිරුළ නොලදද ක‍්‍රිස්ටියානා ගැන අප ආඩම්බර විය යුතුය. මක්නිසාද යත් ඇගේ ඒ පියවර අනාගතයේ ශ‍්‍රී ලාංකික රූ රැජිනක බිහිවීමට දුන් යෝධ ශක්තියක් වන බැවිනි. මෙවර තරගයේ දෙවන ස්ථානය කොලොම්බියාවට ද ජැමෙයිකාවට තෙවන ස්ථානය ද හිමි විය. 
 
ඒ. ජී. දීපිකා ප‍්‍රියදර්ශනී
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4586

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3298

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4784

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5392

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6217

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3796

Please publish modules in offcanvas position.

X

Right Click

No right click