Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කෝටි දාහතක් වටිනා ලැම්බෝගිනියක් රටට ගෙනා කාන්තාව කවුද?

“ලැම්බෝගිනි දේශපාලන වේදිකාවල රැව් දෙන වචනයක් වූයේ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේය. හිටපු ජනාධිපතිගේ පුත් නාමල් රාජපක්ෂට අයත් යැයි කී ලැම්බෝගිනි' ගැන කතාවලින් මැතිවරණ වේදිකාව හැඩ වැඩ වුණේය. ජනපතිවරණයට පෙර නාමල් රාජපක්ෂගේ ලැම්බෝගිනි රට පටවන බවටද කතන්දර තටු ලැබුවේය. ඒ අතර මාධ්‍ය සාකච්ඡාවකදී එක්තරා රංගන ශිල්පියෙකුද ආවේගාත්මක ප්‍රකාශයක් කරමින් පැවැසුවේ මට පදින්න ලැම්බෝගිනියක් අරන් දීපන් යනුවෙනි. මේ සමග 'ලැම්බෝගිනි' යනු කුමක්දැයි රටවැසියෝ සොයන්නට වූහ.
ලැම්බෝගිනි යනු ලොව ඇති ස්‍පෝට්ස් මෝටර් රථ අතර ඉහළින්ම තිබෙන මාදිලියකි. ඉතාලියේ ඔටෝ මොබ්ලි ලැම්බෝගිනි සමාගම මෙම නිෂ්පාදනයේ මව් සමාගමයි. ලැම්බෝගිනි නාමය යටතේ මුලින්ම නිපදවූයේ මෝටර් රථ නොව ට්‍රැක්ටර් රථ වීම සුවිශේෂී කතාවකි. ඉතාලි ජාතික ෆෙරැකිඕ ලැම්බෝගිනි කුඩාවට පටන්ගත් ට්‍රැක්ටර් ව්‍යාපාරය වේගයෙන් සාර්ථක වන්නට විය. මෙකල ඔහු පැදවූ ෆෙරාරි රථයක තිරිංග පද්ධතියේ කිසියම් දෝෂයක් ඇති විය. ඒ ගැන පැමිණිලි කළත් ෆෙරාරි ව්‍යාපාරයේ හිමිකරු එම වරද පිළිගැනීමට සූදානම් වූයේ නැත. මේ නිසාම ෆෙරාරියට අභියෝග කරන සුපිරි මෝටර්  රථයක් නිමැවීමට ෆෙරැකිඕ ලැම්බෝගිනි ගත් තීරණය සුපිරි ලැම්බෝගිනි මෝටර් රථය උප්පත්ති කථාවේ වැදගත් තැනකි. ලැම්බෝගිනි ලකුණ දුවන ඉරියව්වෙන් යුතු කුළු හරකෙකි. සැබවින්ම ලැම්බෝගිනි රථ කුළුහරකුන් මෙන් වේගවත් බව පෙනේ. මෙසේ උපන් ලැම්බෝගිනි මෝටර් රථවල විවිධ මාදිලි මේ වන විට ලොව පුරා ජනප්‍රියව පවතින අතර ඒවායේ අධික මිල ගණන්ද නොතකා මේ වන විට ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකුද ලැම්බෝගිනි හිමිකරුවන් වී සිටින බවද කියති.
මේ අය අතරින් ශ්‍රී ලාංකේය මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව එක් ලැම්බෝගිනි හිමිකරුවෙකි. මීට අමතරව තවත් ලැම්බෝගිනි රථ තුනක් අලෙවි ප්‍රදර්ශනාගාරවල ඇති බව කියවෙයි. තවත් එක්් රථයක් පෞද්ගලික පරිහරණයේ පවතින අතර මේ දිනවල සමාජ ජාලවල පැතිර ගිය ආරංචිය වූයේ ලාංකික කාන්තාවකද ලැම්බෝගිනියක් මෙරටට ගෙන්වා ඇති බවය. ලැම්බෝගිනි සමග නිතර කියැවෙන නමක් වූයේ නාමල් රාජපක්ෂය. ලාංකික කාන්තාවක්ද ලැම්බෝගිනියක් ලංකාවට ගෙන්වා ඇති බව කියන කතාව රටේ මාතෘකාවක් වූයේ මෙකී කාන්තාව නාමල් රාජපක්ෂගේ සමීප මිතුරියක් බවද කියන නිසාය. ඊට එක් හේතුවක්ව තිබුණේ ඇය පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වැදුණු අපේක්ෂිකාවක වීමය. ඇය ජිහාන් හමීඩ්ය. ඇගේ සැමියා රිසාඩ් හමීඩ්ය. මේ දෙදෙනාට මෙරටට මෝටර් රථ ගෙන්වා විකුණන වෙළෙඳ සමාගම් දෙකක් ඇති බව කියැවේ. ජිහාන් හමීඩ් නමැත්තිය මෙකී ලැම්බෝගිනි රථය මෙරටට ගෙන්වා ඇත්තේ නැවත විකිණීම සඳහා බවද අප කළ සොයා බැලීම්වලදී දැනගත හැකි විය.
ඇය මෙසේ ගෙන්වන ලද නවතම ලැම්බෝගිනි රථය ලංකාවේ ඇති හය වැනි ලැම්බෝගිනිය වෙයි. එමෙන්ම මේ වන විට පවතින නවීනතම ලැම්බෝගිනි මාදිලිය එය බව ඔවුහු සඳහන් කරති.Lamborghini Hurcan මාදිලියට අයත් මෙම රථය LP 610-4 කාණ්ඩයට අයත් වන අතර කොළ පැහැ Verede -mampis වර්ණයෙන් යුතුය. සුපිරි වේගයක් සහිත මෙම රථයේ වේගය කි.මී. 0-100 ළඟාවීමට ගතවන කාලය තත්පර 2.9කට අඩු බව සඳහන් වෙයි.
මෙම රථය රු. කෝටි 11ක් පමණ මිල වන අතර එහි තීරු බදු පමණක් රු. කෝටි 6කට අධික බව සඳහන් වෙයි. CC 5000ක එන්ජින් ධාරිතාවක් සහිත මෙම ලැම්බෝගිනි රථය පැයට කිලෝමීටර් 350ක වේගයකින් ධාවනය කළ හැකි බවද සඳහන් වෙයි.

මිහිරාන් කරුණාරත්න

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 151

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 176

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 290

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 435

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7050

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4628

Please publish modules in offcanvas position.

X

Right Click

No right click