Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

වාද බයිලා කියන අක්කයි නංගියි

බයිලා සංගීතය ගැන කතා කරද්දී අපේ රටේ බිහිවූ සුවිශේෂී ගායකයින් කීප දෙනෙක්ම ඉන්නවා. ඒ හැමෝම ගායකයින්. ඒත් අපි මේ කතා කරන්නේ වාද බයිලා ගයන ගායිකාවන් දෙදෙනෙකු ගැන. මේ ලක්ෂපතියේ ශෂිරා රාජපක්ෂ සහ ලක්ෂපතියේ ශිෂාරා රාජපක්ෂ. ප්‍රවීණ බයිලා ගායක ලක්ෂපතියේ පර්සි රාජපක්ෂගේ දුවරු දෙදෙනා තමයි පියාගේ අඩිපාරේ යමින් අද මේ විදිහට වේදිකාවේ වාද බයිලා ගයන්නේ. කාන්තාවෝ වාද බයිලාවට එකතු වීම විරල දෙයක්. ඒ හින්දමයි අපි හිතුවේ වාද බයිලා සඳහා එක්වූ මේ අක්කයි නංගියි දෙන්නාගේ තොරතුරු ටික්ක කතා කරන්න.

  •  පුංචි කා‍ලේ ඉඳන්ම ගේ ඇතු‍ලේ බයිලා හඬ ඇහුණද?

ශෂිරා - ඔව්, අම්මත් තාත්තගේ කටයුතුවලට උදව් කළා. බයිලාවලට සම්බන්ධ තාත්තාගේ යාළුවොත් නිතර ආවා ගියා. ගෙදර තිබුණු පරිසරය තුළම බයිලා සංගීතය රැඳිලා තිබුණා.

ශිෂාරා - අපේ පවු‍ලේ අක්කයි මමයි විතරයි. පුංචි කාලෙ ඉඳන් අපි දෙන්නා සෙල්ලම් කරන්න ගියත් බයිලා තාලයට “ම්...ම්...” හඬ නගමින් හිතට එන වචන කෑලි කියමින් තමයි සෙල්ලම් කරන්නේ.

  •  කවුද දෙන්නගෙන් මුලින්ම බයිලා කියන්න වේදිකාවට ගොඩවුණේ?

ශෂිරා - මම. එතකොට මට වයස අවුරුදු 11ක් විතර ඇති.

ශිෂාරා - අක්කා වේදිකාවේ බයිලා කියනවා දැක්කම මටත් බයිලා කියන්න ඕන කියලා මම ඇඬුවා. ඊට පස්සේ තමයි මාවත් ඒකට යොමුකළේ. එතකොට මට වයස 7ක් විතර ඇති.

  •  පුංචි වයසේදීම දෙන්නට සජීවීව වාද බයිලා ගොතන්න හැකියාව තිබුණද?

ශෂිරා - මුල්කා‍ලේ කො‍ලේ බලාගෙන තමයි කිව්වේ. අම්මා තමයි බයිලා ලිව්වේ. ඒත් කාලයත් එක්ක සජීවීව වාද කරන්න හැකියාව ලැබුණා.

ශිෂාරා - වේදිකාවේ අපි බයිලා ගයන කොට සමහරු එක එක මාතෘකා දීලා කියනවා මේ මාතෘකාව යටතේ බයිලා ගයන්න කියලා. ඒ වෙලාවට අසරණ වෙනවා. ඒ අසරණ කමත් එක්ක වචන ගලපනවා. ඒ විදිහට තමයි ඉබේම වාගේ සජීවීව ගයන්න හැකිවුණේ.

  •  දැන් ඔබ දෙදෙනා වෘත්තීය මට්ටමින් වාද බයිලා ගායිකාවෝ

ශෂිරා - ඔව්, ප්‍රසංග වේදිකාවේ අපිට හොඳ ඉල්ලුමක් තියෙනවා.

ශිෂාරා - විදෙස් ප්‍රසංගත් ඒ අතර තියෙනවා. ළඟදී යුරෝපා සංචාරයකටත් සූදානම් වෙනවා.

  •  ගෑනු ළමයි වේදිකාව උඩ වාද බයිලා කියද්දී හොඳ වගේම නරක ප්‍රතිචාරත් එල්ල වන්න ඇති ?

ශෂිරා - අපි දෙන්නාම ගියේ බෞද්ධ බාලිකා විදුහලට. පාස‍ලේදී වගේම සමාජය තුළත් අපට යහපත් ප්‍රතිචාර තමයි ලැබුණේ.

ශිෂාරා - මුලදී අපි දෙන්නා බයිලා කියන්න එනවට තාත්තගේ පුංචි අකමැත්තක් තිබුණෙත් ඔය හේතුව හින්දා. ඒත් අම්ම නම් කැමති වුණා. අපිට ලොකු ප්‍රතිචාරයක් ලැබෙන හින්දා තාත්තා අද ගොඩක් සතුටු වුණා.

  •  දැන් තවත් කාන්තාවෝ වාද බයිලා කියනවා නේද?

ශෂිරා - ඔව්, මම මගෙ දුවලා දෙන්නත් දැන් මීට යොමු කරලා තියෙනවා. ලොකු දුව පෘථිවි තුෂිරාට වයස 9යි. දෙවැනියා සෘතුවිට 4යි. දෙන්නම දැන් වේදිකාවේ බයිලා ගයනවා.

ශිෂාරා - ලංකාවේ මුලින්ම වාද බයිලා කී කාන්තාවෝ දෙදෙනා අපි දෙදෙනා. 2001 දී තාත්තා “පර්සි රාජපක්ෂ වාද බයිලා කලායතනය” ආරම්භ කළා. දැන් ඒ තුළත් ගොඩක් අය ඉන්නවා. හර්ෂනී, නුවන්ෂනී කියලා. අක්කයි නංගියෙකුයි දැන් වාද බයිලා කියනවා.

  •  කොහොමද සැමියන්ගෙන් ලැබෙන සහයෝගය?

ශෂිරා - මගේ සැමියා තුෂාර. ඔහුගෙන් ලොකු සහයක් ලැබුණා. දැන්නම් ඔහු ඉන්නේ විදේශ ගත වෙලා.

ශිෂාරා - මගේ සැමියා වසන්ත බණ්ඩාර. ඔහු වාද්‍ය ශිල්පියෙක්. කලාවේදී තමයි අපි  හමුවුණේ. ඔහුගෙන් නම් ලැබෙන සහයෝගය විශාලයි.

 

ආරියවංශ කුලතිලක

ඡායා - මංජුල පෙරේරා

IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 23

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 164

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6906

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4534

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6023

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6708

Please publish modules in offcanvas position.

X

Right Click

No right click