Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නළුකම හොයාගෙන ගිහින් මම කලන්තෙ දාලා වැටුණා

  • චාමර ජීවිතයේදී වැඩියෙන්ම සතුටු වුණේ කවදද?

කොළඹින් ඈත මහනුවර තෙල්දෙණියේ ඉපදිලා ජීවිතේ තිබුණු එකම හීනය, ඒ කියන්නේ නළුවෙකු වීමේ හීනය ඉටු කරගන්න ගමෙන් කොළඹ ඇවිත් අද දක්වා ආ ගමන, තවත් ඉදිරියට යන ගමන තමයි මගේ එකම සතුට.

  •  ඒ ගමනේදී ලැබූ  සතුටුදායකම අත්දැකීම?

අද මම පාරේ යද්දී මිනිස්සු මාව අඳුනගෙන “චාමර” කියලා කතා කරනවා. ඒ වෙලාවට දැනෙන සතුට තමයි ජීවිතයේ විඳින ලොකුම සතුට.

  •  ඒ වගේම දුක්බර  අත්දැකීමුත් ඒ ගමනේ ඇති?

අනන්තයි... අප්‍රමාණයි.

  •  ඒ අතුරින් ප්‍රබලම දුක්ඛදායක අත්දැකීම?

ඒ දවස්වල ආධුනික නළුවො හොයනවා කියල ආරංචියක් ලැබුණොත් මම එතැනට යනවා. සමහරු මට එන්න කියලා බොරු ලණු දෙන අවස්ථා තියෙනවා. දවස පුරා කොළඹ නගරයේ තැන් තැන්වලට මේ විදියට යන්න අතේ සල්ලි තියෙන්න ඕන හින්දා කෑම බිම අඩු කරන්න වෙනවා. ඔය විදියට දවස් දෙකක් මම කන්නේ නැතුව ගමන් ගියපු අවස්ථාත් තිබුණා. දෙවැනි දවසේදී ටවුන්හෝල් එකේ යද්දී මම සිහි නැතිවෙලා වැටුණා. සිහිය එද්දී මම කොළඹ ජාතික රෝහ‍ලේ. එදා මගේ ජීවිතේ දුක්බරම මොහොතේදී මාව රෝහල්ගත කළ නාඳුනන කෙනා කවුද කියලා අදටත් මම දන්නේ නැහැ.

  •  කොළඹ ඇවිත් නළුවෙක් වෙන්න යන ගමනේදී නවාතැනක් හොයා ගන්න එකටත් දුක් විඳින්න ඇති...?

මගේ මාමලගේ ගෙදර හිටියා. අයියගෙ ළඟ හිටියා. ඒ අය මට හොඳට සැලකුවත් මම ඒ අයට බරක් කියන හැඟීම මට තිබුණා. ඒ හින්දා මමම නවාතැන් හොයා ගත්තා. පන්සල්වල පවා සිටියා.

 ඔය ගමනට මුදල් හදල් හොයා ගන්න එක ඊටත් වඩා දුෂ්කර ක්‍රියාවක් වෙන්න ඇති.

මේසන් බාස්ලට අත්වැඩ දීල තියෙනවා. පිටකොටුවේ කඩේක බිල් ලියලා තියෙනවා. පිටකොටුවේ වැඩ කරන කා‍ලේ මම රෑට නිදාගෙත්තේ නාටාමිලා නිදාගන්න තැන. නාන්න, රෙදි හෝදගන්න රුපියල් 10ක් දීලා ‍පොදු ටැංකිය තමයි පාවිච්චි කළේ.

  •  ඔය යන ගමනේදී ජීවිතේදි සතුට වගේම දුක එක්කළ විවිධාකාර පුද්ගලයන් හමුවන්න ඇති?

වැඩිපුරම හමුවුණේ ජීවිතේට දුක එකතු කළ අය. විවිධාකාර අදහස් තියෙන කපටි පුද්ගලයන් හමුවුණා. නොයෙක් රැවටීම්වලට ලක්වුණා. ඒ වගේම ගොඩක් හොඳ අය හමුවුණා. රඟපාන්න පුංචි පුංචි චරිත ලැබුණා. ඒ විදියට උදව් කළ අයත් බොහොමයක් ඉන්නවා. ටෙලි නාට්‍ය 30ක 40ක පුංචි පුංචි චරිත රඟපාලා ඉන්න අතරේදී සන්ධ්‍යා මෙන්ඩිස් නිෂ්පාදනය කළ රංජන් ප්‍රසන්න අධ්‍යක්ෂණය කළ “සිහින පුරය” ටෙලි නාට්‍යයේ සැලකිය යුතු චරිතයක් ලැබුණා. ඒ විදියට උදව් ලැබුණා.

අද වන විට මම පිළිබඳව යම් විශේෂයකින් හොඳ චරිත ලබාදෙමින් උදව් කරන අය ඉන්නවා.

  •  අපි මෙච්චර වෙලා කතා කළේ කලා ජීවිතේ සතුට හා දුක ගැනනේ. ආදරයේ සතුට හා දුක විඳලා නැද්ද?

විඳල තියෙනවා.

  •  ඒ සතුට හා දුක ගැනත් කතා කරමු.

ප්‍රථම ප්‍රේමය පාසල් ප්‍රේමයක්. ඒ සතුට දුකකට හැරුණේ ඒ ප්‍රේමය බිඳී යාමත් එක්ක. දෙවැනි ප්‍රේමය ඇතිවුණේ කොළඹදී. ඒත් ඇය හා ඇගේ පවුල් පසුබිමේ අය ඉහළ අධ්‍යාපනයක් ලැබූ අය. මම උසස් පෙළ කරලනේ ගමෙන් කොළඹ ආවේ. ඇයට මා ගැන හොඳ අවබෝධයක් තිබුණත් ඇගේ පවු‍ලේ අයට මාව මදි වුණා. ඒ හින්දා ඒ ප්‍රේමයේ සතුටත් දුකකට හැරුණා.

  •  ඔබ අද ඔබේ ජීවිතය ගැන, ආදරය ගැන සතුටු වනවාද?

මම වෙනත් රැකියාවක් නොකර නළුකම තුළම තමයි රැඳිලා ඉන්නේ. අද වෙද්දී යම් ස්ථාවර මට්ටමක ඉන්නවා. දැන් ඉතින් ආදරයක්් විවාහයක් දක්වා අරගෙන ගිහින් ජීවිතයේ සතුටුදායක තවත් අලුත් ආරම්භයක්  ලබන්න මම ආසාවෙන් ඉන්නේ.

 

ආරියවංශ කුලතිලක

ඡායා: මංජුල පෙරේරා

 

IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 58

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 213

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6929

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4547

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6033

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6722

Please publish modules in offcanvas position.

X

Right Click

No right click