Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

තරගය නිම වෙන්නත් කලින් මම කිරුළ පිළිබඳ පැතුම අතහැරියා

පසුගියදා පැවැති ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වුණේ 2017 ශ්‍රී ලංකා රූ රැජින විදියට කිරුළ දිනූ දුෂේනි මියුරංගියි. නමුත් තරගයේදී අවසන් තරගකාරියන් 40 දෙනා අතරටවත් ඒමට ඇයට නොහැකි වුණා. “2017 ලෝක රූ රැජින” තරගයේදී තමන් මුහුණ දීපු අත්දැකීම් ගැන ඇය මුල්වරට කීවේ “රිද්ම” සමගයි. 
 
2017 ලෝක රූ රැජින තරගයට සහභාගි වීමට ලැබුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නේ ?
මගේ ජීවිතයේ ලැබූ ලොකුම අත්දැකීමක් තමයි මේ. මම මේ වගේ ජාත්‍යන්තර තරගයකට මුහුණ දුන්නේ පළමු අවස්ථාවටයි. නෑදෑ හිතවතුන්ගෙන් වගේම රටෙනුත් ඈත්වෙලා සති පහකට වැඩි කාලයක් මම තරගය වෙනුවෙන් චීනයේ ගත කළා. එතැනදී නම් පුංචි පාළුවක් හිතට දැනුණා. ඒත් ටික දවසක් යනකොට අනෙක් තරගකාරියෝ එක්ක මිත්‍රශීලිව ඉන්න කොට ඒ පාළුව තනිකම මැකිලා ගියා.
 
අවසන් තරගකාරියන් අතරට එක්වන්නට අවස්ථාව නොලැබිම ගැන දුකක් නැද්ද?
නැහැ. මොකද ඒ වන විට මම කිරුළ පිළිබඳ ආශාව අතහැර දාලයි හිටියේ.
 
ඒකට හේතුව සෙසු තරගකාරියන් ඔබට වඩා ඉහළින් සිටීමද? 
නැහැ. ඒ වනවිට මගේ හිතේ “තරගාවලිය” ගැන ඇතිව තිබූ අදහස් 
 
ඒ මොනවාද?
ඇතැම් රටවල් බොහොමයක ජනතාව තමන්ගේ රට නියෝජනය කළ තරගකාරිය වටා හිටියා. එවැනි අයට තරගය තුළ ලොකු විශේෂත්වයක් තිබුණා. 
ඒ වගේම දියුණු රටවල අයටත් විශේෂත්වයක් තිබුණා. මම ඉදිරිපත් වුණේ ලංකාව නියෝජනය කරමින්. ලංකාව පිළිබඳ ඒ අය තුළ ලොකු පිළිගැනීමක් තිබුණේ නැහැ. ඒ වගේම මගේ රටෙන් මට අනුග්‍රාහකත්වය දක්වන්න කෙනෙක් හිටියෙත් නැහැ. මම තරග බිම තුළ හුදකලා වූ චරිතයක් විදිහට හිටියේ. ඒ හින්දා මට කලින්ම දැනුණා අවසන් 40ට මම ඇතුළත් නොවන බව. 
 
ඒත් දුෂේනි තරගයට පිටව ගියේ පිබිදුණු සිතකින් ?
ඔව්, මට බලා‍පොරොත්තු ගොඩක් තිබුණා. ඒත් එහෙට ගිහින් දවස් ගෙවිලා යද්දී තමයි මම දැකපු හීන බොඳ වෙන බව තේරුණේ
 
තරගයේ සෙසු තරගකාරියන් ඔබට දැක්වූ ප්‍රතිචාර මොන වගේද? 
රටවල් 130ක අය ඇවිත් හිටියා. ඒ අය අතරින් “අප්ලර් ස්ටේල් (මිස් ටර්නි), ෆ(ර්) අර්න් (මිස් කොරියා) හා කොරිනා ජෝෂුවා (මිස් රුසියා) තුන්දෙනා තමයි මගේ හොඳම මිතුරියන් වුණේ. ඔවුන් සමග ගෙවී ගිය දවස් නම් හරිම සුන්දරයි. 
 
අනෙකුත් තරගකාරියන් ගැන කතා කළොත් ?
විවිධ මානසික මට්ටම් තියෙන අය ඕනෑම තැනක ඉන්නවානේ. ඇතැම් රටවල අය තමන් පිළිබඳ ලොකු අභිමානයකින් හිටියා. ඒ අයට ලංකාව පිළිබඳ තිබුණේ පහත් ආකල්පයක්. එවැනි අයගෙන් යම් යම් සිත් රිදෙන ප්‍රතිචාරත් ලැබුණා. හැබැයි මම ඒ හැම දෙයක්ම සම සිතින් දරාගෙන හිනා වෙලා හැමෝටම සුහදශීලී ප්‍රතිචාර දැක්වූවා.
 
ඉදිරියටත් මෙබඳු තරග සඳහා යාමට අදහස් කරගෙන සිටිනවාද? 
නැහැ. ‘මිස් ශ්‍රී ලංකා’ විදිහට මම කිරුළ දිනුවා. ලෝක රූ රැජින තරගයට සහභාගි වුණා. මීට වඩා දැවැන්ත තරග නැහැනේ. ඉතින් වෙන තරගයකට ආයෙ සහභාගි වෙන්න බැහැ. 
 
මෙම තරගයත් එක්ක දුෂේනිගේ රංගන ජීවිතයත් තාවකාලිකව නතර වුණා ?
ඔව්. මම ඒ කැප කිරීම කරලා තමයි මේ තරගයට ගියේ. 
“ශ්‍රී ලංකා රූ රැජින” විදියට කිරුළ ලැබුවට පස්සේ ටෙලි නාට්‍ය හා සිනමාවට ලැබෙන ආරාධනා වැඩි වුණා. ඉදිරියේදී ඒවායින් හොඳ නිර්මාණවලට එකතු වනවා. 
 
ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 1714

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 1734

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 1016

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2559

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 4016

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 10166

Please publish modules in offcanvas position.