Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පුංචි තිරයෙන් දකින තරම් මම අහිංසක නෑ

මේ දිනවල ස්වර්ණවාහිනිය ඔස්සේ  විකාශය වන හාරකෝටිය ටෙලිනාට්‍යය ජනප්‍රියත්වයට එහි රඟපාන රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ගෙන් ලැබෙන දායකත්වය අමතක කළ නොහැකිය. හාරකෝටිය ටෙලි නාට්‍යයෙහි රශ්මිගේ චරිතය නිරූපනය කරන සඳනි ප්‍රනාන්දු ද ඒ අතරින් ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළින්ම දිනා සිටින රංගන ශිල්පිනියකි. ශලනි තාරකා අතින් රචනා වූ නවතම ගීත වීඩියෝවේ රංගනයෙන්ද ඇය මේ දිනවල ප්‍රේක්ෂක අවධානය දිනා සිටී.
 
සඳනිට හාරකෝටියේ රශ්මි වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද කියලා මතක් කරමින් මේ කතාබහ අරඹමු?
මම 2016 අයි.ටී.එන්. අවුරුදු කුමාරි තරගාවලියේ දෙවැනි ස්ථානය දිනාගත්තාට පසුවයි. ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනා මාව හඳුනාගත්තේ. ඒ හඳුනා ගැනීමත් එක්කම චාමර සමරවික්‍රමගේ මග පෙන්වීම යටතේ තමයි හාරකෝටියේ රශ්මි වෙන්න මට අවස්ථාව ලැබුණේ.
 
සැබෑ ජීවිතයේදීත් සඳනි, රශ්මි වගේ චරිතයක්ද?
සඳනිත් රශ්මි වගේම යාළුවන්ට හොඳ යාළුවෙක්. රශ්මි ගොඩක් අහිංසකයි. හැබැයි සැබෑ ජීවිතයේදී මම ඒතරම් අහිංසක නැහැ.
 
ශලනි තාරකා ලියපු ගීතයක් නිසාත් සඳනි ගැන මේ දිනවල බොහෝ දෙනා කතා වෙනවා?
ඔව්. ඒ ගීතය මේ දවස්වල බොහෝ දෙනා ආදරයෙන් වැලඳගත්ත ගීතයක්. ඒ ගීතයේ රූප රචනයට දායක වෙන්න ලැබිම ගැන මට ගොඩාක් සතුටුයි. ඒ වගේම මගේ රංගනයෙන් ඒ ගීතයට මම උපරිම සාධාරණයක් ඉටු කළා කියලා මට හිතෙනවා. මොකද ඒ ගීතයට මට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙන නිසා.
 
නමුත් ඉරාජ්ගේ සාවි කියන මියුසික් වීඩියෝව නිසා ඔබට බැනුම් අහන්නත් වුණා නේද?
ගොඩාක් අය ඉරාජ් අයියා නිර්මාණය කළ 'සාවි' විෂුවල් එකට මුලින්ම බැන්නා. මම දැක්ක කමෙන්ට්වල එහෙමත් නොයෙක් දේවල් කියලා තියෙනවා. ඒත් වීඩියෝ එක ආවාට පස්සේ බොහෝදෙනා නොහිතපු වෙනසක් තමයි වීඩියෝ එකේ තිබුණේ. මිනිස්සු හුඟාක් බනිනකොට මම ඉවසාගෙන හිටියා. මොකද ඒක රිලීස් වුණාට පස්සේ ඒ නරක ප්‍රතිචාර නතරවෙයි කියන විශ්වාසය මා තුළ තිබුණා.
 
පසුගිය දිනවල ඉරාජ්ගේ මියුසික් වීඩියෝවලට දිගින් දිගටම විවිධ විවේචන එල්ල වුණා. ක්‍ෂේත්‍රයේ තමන් හැදීගෙන එන රංගන ශිල්පිනියක් විදිහට ඔහුගේ මියුසික් වීඩියෝවකට කළ ආරාධනාව බාරගන්න බය හිතුණේ නැද්ද?
ඔහුගේ කලින් වැඩත් එක්ක බලනකොට මුලදී නම් මට ටිකක් බය හිතුණා. ඒ නිසා මම ඇහුවා මොකක්ද මේ වීඩියෝවෙන් කියැවෙන කතාව කියලා. කතාව ඇහුවාම මට තේරුණා ඒක කළින් කරපු මියුසික් වීඩියෝවලට වඩා වෙනස් නිර්මාණයක් කියලා. ඒ නිසයි මම ඒ ආරාධනාව බාරගත්තේ.
 
සඳනි ඇත්තටම ජනප්‍රිය වෙන්නේ ශලනිගේ මියුසික් වීඩියෝව නිසාද? නැත්නම් හාරකෝටියේ රශ්මි නිසාද?
මම හිතන්නේ මට හැමදේම ලැබෙන්න පටන් ගත්තේ හාරකෝටියේ රශ්මි නිසා කියලයි. ඒ චරිතය වෙනුවෙන් ලැබුණු හොඳ ප්‍රතිචාර නිසාමයි ඔය කියන මියුසික් වීඩියෝවටත් මට ආරාධනා ලැබුණේ. 
 
සඳනිගේ පෞද්ගලික තොරතුරු ගැනත් කතාකරමුද?
මමයි, අම්මයි, තාත්තයි තමයි අපේ පවු‍ලේ ඉන්නේ. මම කැමැති හැමදේටම මගේ දෙමවුපියෝ ඉඩ දෙනවා. හැබැයි මම යන හැම වැඩකටම අම්මා මාත් එක්ක එනවා. සමහර වෙලාවට මම බැහැ කියපු වැඩවලට පවා අම්මා මාව උනන්දු කරලා යවලා තියෙනවා.  මම මේ දිනවල උසස් පෙළ ප්‍රතිඵල එනතුරුයි බලාගෙන ඉන්නේ. ඒත් එක්කම කළමනාකරණය පිළිබඳව උපාධියකට යොමුවෙන්න බලා‍පොරොත්තුවකුත් තියෙනවා. ඒ අතරතුර හොඳ නිර්මාණවලට විතරක් දායක වෙන්නයි හිතාගෙන ඉන්නේ.
 
සමන්මලි නැලිගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 1727

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 1743

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 1021

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2563

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 4021

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 10175

Please publish modules in offcanvas position.