Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

හැරී කුමරු සහ මෙගාන් මාර්කල් විවාහ ගිවිස ගනිති

බ්‍රිතාන්‍ය රජ පවුල මේ දිනවල නිතර පුවත් මවන පවුලක් බවට පත්ව ඇති බව පෙනේ. මහ රැජින සහ පිලිප් කුමරු අතර විවාහයේ ප්ලැටිනම් ජුබිලිය හෙවත් 70 වෙනි සංවත්සරය පැවැත්වුණේ මෙයට සතියකට පෙරය. ඒ පිළිබඳ පුවත්වලින් පසුගිය දිනවල ජනමාධ්‍ය බොහෝ කාර්යබහුල වී සිටි අන්දම දැකිය හැකි වූ අතර දැන් නැවතත් රජ පවුලෙන් තවත් විවාහයක් හා බැඳුණු පුවතක් වාර්තා වෙයි. මෙවර මෙම ප්‍රවෘත්තියේ කතා නායකයන් වී සිටින්නේ හැරී කුමරු  සහ ඔහුගේ පෙම්වතිය වන මෙගාන් මාර්කල්ය. ඔවුන් දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම පිළිබඳ පුවත පසුගිය 27 වෙනි දින ප්‍රථම වරට නිල වශයෙන් නිවේදනය කෙරුණු අතර විවාහ උත්සවය ලබන වසරේ මුල් භාගයේ පැවැත්වෙනු ඇති බවද රජ මාලිගයෙන් නිවේදනය කෙරිණි. මෙම පුවතත් සමග  රජ පවු‍ලේ ලෝලීන් විශාල වශයෙන් උද්දාමයට පත්ව සිටින අයුරු බ්‍රිතාන්‍ය මාධ්‍ය හරහා දැකගත හැකි විය.
හැරී-මෙගාන් ආදර කතාව පිළිබඳ කිසියම් ආන්දෝලනයක් ඇති කළ එක් කාරණයක් වූයේ මෙගාන් බ්‍රිතාන්‍ය ජාතික තරුණියක නොවීමයි. එමෙන්ම ඇය වරක් විවාහ වී සිට දික්කසාද වූ අයෙකු වීමද  අවධානයට ලක් වූ කාරණයක් විය. ඒ රජ පවු‍ලේ සාමාජිකයෙකු විවාහ වීමේදී ඒ හා බැඳුණු සම්ප්‍රදායන් තුළ මෙවැනි කාරණා ගැන වැඩියෙන් සොයා බැලෙන බැවිණි. දික්කසාද වූ අය සමග විවාහ වීමට අදාළව කලක් රජ පවුල තුළ දැඩි සීමාවන් පැවැතිණි. නවසිය තිස් ගණන්වල විසූ 8 වෙනි ජෝර්ජ් රජුට රජකම අත්හැරීමට පවා සිදු වූයේ ඔහු වොලිස් සිම්ප්සන් නමැති, දෙවරක් දික්කසාද වූ කාන්තාවක සමග විවාහ වීමට තීරණය කිරීම නිසාය. නමුත් මේ වනවිට මෙම කාරණය ගැන එතරම් දැඩි සීමා ක්‍රියාත්මක නොවන අතර චාල්ස් සහ කැමිලා පාකර් අතර විවාහය එම පැරණි සම්ප්‍රදායන් විශාල වශයෙන් වෙනස් කළ අවස්ථාවක් විය. 
මෙගාන් මාර්කල් ඇමෙරිකානු ජාතික තරුණියක වන අතර සිනමා සහ රූපවාහිනී නිළියක ලෙසද, නිරූපණ ශිල්පිනියක ලෙසද කටයුතු කළ කෙනෙකි. 1981 අගෝස්තු 4 වෙනි දින ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි උපත ලැබූ මෙගාන්ගේ මව්පියන් වන්නේ තෝමස් මාර්කල් සහ ඩොරියා රද්ලාන්ය. තෝමස් සුදු ජාතිකයෙකු වන අතර ඩොරියා  අප්‍රිකානු- ඇමෙරිකානු කාන්තාවකි. තෝමස්  රූපවාහිනී ආලෝකකරණ අධ්‍යක්ෂවරයෙකු ලෙසද, ඩොරියා මනෝ චිකිත්සකවරියක ලෙසද කටයුතු කර ඇත. මෙගාන්ගේ පවු‍ලේ තවත් සහෝදරයෙකු සහ සහෝදරියකද සිටින බව ද සඳහන් වේ. කෙසේ නමුත් මෙගාන්ට වයස අවුරුදු හයේ දී ඇගේ මව්පියන් දික්කසාද වී ඇතැයි පැවැසේ. නමුත් ඇය තවමත් ඇගේ මව්පියන් සමග ඉතා සමීපව ඇසුරු කරන බව සඳහන්ය. 
33 වෙනි වියේ පසුවන හැරී සහ 36 හැවිරිදි මෙගාන් මුල් වරට මුණ ගැසුණේ මෙයට වසර එකහමාරකට පමණ පෙරය. 2016 ජූලි මාසයේ ලන්ඩන් නුවරදී එම හමුව සිදු වූයේ ඔවුන් දෙදෙනාගේම මිතුරියකගේ මැදිහත් වීමෙනි. හැරී පසුගිය දිනෙක පවසා තිබුණේ ඇය හමු වූ මුල් දිනයේම තමා තුළ මෙගාන් පිළිබඳ බැඳීමක් ඇති වූ බවයි. හැරී සහ මෙගාන් අතර මෙම හමුව සිදුවෙද්දී මෙගාන් ඇගේ පළමු විවාහයෙන් දික්කසාද වී වසර තුනකට ආසන්න කාලයක් ගතවී තිබිණි. ඇය කලින් විවාහ වී සිටියේ හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකයෙකු වන ටේ‍රවර් එන්ගල්සන් සමගය. 2011දී යුග දිවියට එළැඹුණු ඔවුහු  2013 වසරේ එකිනෙකාගෙන් වෙන් වූහ. එම දික්කසාදයට හේතුව ලෙස සඳහන් වූයේ ඔවුන් දෙදෙනා අතර තිබූ නොගැළපීම්ය. ටේ‍රවර් මේ වනවිට රජ පවුලක් පසුබිම් කරගත් රූපවාහිනී මාලානාටකයක් නිෂ්පාදනය කරමින් සිටින බව පැවැසෙන අතර තවමත් ඔහු සිය කලින් බිරිඳගේ විවාහ ගිවිස ගැනීම ගැන කිසිදු ප්‍රකාශයක් සිදු කර නැති බවද සඳහන් වේ.
හැරීද මෙගාන් සමග ප්‍රේම සම්බන්ධය ඇති කරගැනීමට පෙර තවත් තරුණියන් කිහිප දෙනෙකු සමග සබඳතා පවත්වා ඇති බවද සඳහන් විය. 2014 වසරේ හඳුනාගන්නට ලැබුණු බව පැවැසෙන 30 හැවිරිදි එලී ගෝල්ඩින් එවැනි එක් ‘පෙම්වතියකි’. 2016 මැයි මාසය වනතෙක්ම මේ දෙදෙනා අතර ඇසුරක් පැවැති බව සඳහන් වේ. හැරී සමග සබඳතා පැවැත්වූ බව පැවැසෙන ඇතැම් තරුණියන් පසුව එම සබඳතා නතර කර ඇත්තේ රජ පවු‍ලේ ජීවන ෙශෙලියට හැඩ ගැසීමට තිබූ අපහසුතා නිසා බවද පැවැසේ.
ලබන වසරේ හැරී-මෙගාන් විවාහ උත්සවය පැවැත්වෙන්නේ කවදාද, කවර ආකාරයෙන්ද   යන්න සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරු අනාවරණය වී නැත. එය විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් අතර පැවැති උත්සවය මෙන් මහා පරිමාණයෙන් පැවැත්වෙන්නක් වේවිද, නැතහොත් එතරම් විශාල නොවන උත්සවයක් වේවිද යන්න ගැනද කිසිවක් සඳහන්ව නැත. ඔවුන් දෙදෙනාගේ විවාහයෙන් පසු හැරී-මෙගාන් යුවළ රජ පවුලට අයත් කෙන්සින්ටන් මාලිගය පිහිටි භූමියේම පිහිටා ඇති නොටිංග්හැම් කොටේජ් (Nottingham Cottage)  නමින් හැඳින්වෙන මන්දිරයේ වාසය කරනු ඇත. විලියම් සහ කේට් දෙදෙනා මේ වනවිට කෙන්සින්ටන් මාලිගයේ වාසය කරන අතර දැනටත් හැරී කුමරුගේ වාසස්ථානය වන්නේ ඉහත කී නොටිංග්හැම් මන්දිරයයි. විලියම්-කේට් දෙදෙනාද කලක් මෙම මන්දිරයේ වාසය කර තිබේ. එය නිදන කාමර දෙකකින් පමණක් සමන්විත තරමක් කුඩා මන්දිරයකි. නිදන කාමරවලට අමතරව තවත් කාමර කිහිපයක්ද, අලංකාර ගෙවත්තක්ද එයට අයත් බව සඳහන් වේ.
හැරී සහ මෙගාන් දෙදෙනා විවාහ ගිවිස ගැනීම ප්‍රසිද්ධියට පත් කළේ පසුගිය සඳුදා (27) වුවද එම ගිවිස ගැනීම සිදුව ඇත්තේ මේ මාසයේ මුල් දිනවල බවද අනාවරණය වෙයි. මහ රැජින, චාල්ස් කුමරු, විලියම් සහ කේට් යුවළ ඇතුළු රජ පවු‍ලේ සාමාජික සාමාජිකාවන් මෙන්ම මෙගාන්ගේ මවුපියන් ද මේ සම්බන්ධයෙන් මහත් සතුටට පත්ව සිටින බව මාධ්‍ය වාර්තා කර තිබිණි. බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ද, විපක්ෂ නායක ජෙරමි කෝබින් ද හැරී-මෙගාන් යුවළට සුබ පතමින් නිවේදන නිකුත් කර ඇත. 
 
කිත්සිරි මල්වත්ත
IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 53

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 201

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6922

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4541

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6029

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6719

Please publish modules in offcanvas position.

X

Right Click

No right click