Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ආයුර්වේදයට මුවා වී ස්පාවල කෙරෙන ගණිකා ජාවාරම

ගල්කිස්ස ප්‍රදේශයේ එක්තරා ආයුර්වේද ප්‍රතිකාර ආයතනයක් ඉදිරියේ නතර වූ සුඛෝපභෝගී වාහනයකි. එයින් බැසගත් ආරෝහ පරිණාහ දේහයකින් යුත් කඩවසම් තරුණයෙකි. ඔහු ප්‍රතිකාර ආයතනය වෙත පියනැගුවේය. සාමාන්‍යයෙන් ආයුර්වේද සම්බාහන ආයතනයන් තුළ සිදු කරනුයේ රෝගීන් සඳහා සම්බාහන ප්‍රතිකාර ක්‍රමය ඇතුළු අනෙකුත් ප්‍රතිකාරයන්ය. විශේෂයෙන්ම අංශබාගය සෑදුණු පුද්ගලයින්ගේ  හෝ සන්ධි රෝග සෑදුණු පුද්ගලයින්ගේ මාංශ පේශී ලිහිල් කිරීම සඳහා ඖෂධීය තෙල් වර්ගයන් ආ‍ලේප කර සම්බාහනය කිරීමක් කරනු ලැබේ. මෙහිදී එම පුද්ගලයාගේ  මාංශපේශී ක්ෂය වීම වැළකී යම් සහනයක් ලැබෙන්නේ යැයි ආයුර්වේදයේ සඳහන් වන්නේය. ඒත්  මේ සම්බාහන ආයතනය වෙත ගොඩ වුණ කඩවසම් තරුණයාට ඉහෙන් බහින රෝගයක් නම් නොතිබුණි. ඇත්තෙන්ම මේ සම්බාහන ආයතනය පෙරකී රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කරන්නක්ද නොවේ. එසේ නම් මෙවැනි ආයතනයන් තුළ සිදු කරන්නේ කුමක්ද යන්න අපි සොයා බැලුවෙමු.
වර්තමානයේ ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන යන නාමපුවරුවට මුවා වී පවත්වාගෙන යන බොහෝමයක් ප්‍රතිකාර මධ්‍යස්ථානවල නම සඳහන් වන්නේ “ස්පා” යනුවෙනි. ස්පා කියන වචනය ලොකු අකුරින් සඳහන් වන අතර එම ස්ථානයේ ලබා දෙන ආයුර්වේද ප්‍රතිකාරයන් පිළිබඳව කුඩා අකුරින් සඳහන් කර ඇත්තේය. එහිදී ආයුර්වේදයේ සඳහන් පංචකර්ම චිකිත්සාව ඇතුළු විවිධ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයන් මෙහිදී ලබා ගත හැකි බව එම නාම පුවරුවල සඳහන් වන්නේය. ඒත් සමගම ඇතැම් ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඇති නාම පුවරුවෙහි විදේශීය කාන්තාවකගේ රුවක් ඇතුළත් කර එහි “තායි ස්පා ක්‍රම” යනුවෙන් සඳහන් වන්නේය.
ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන , ආයුර්වේද සම්බාහන ප්‍රතිකාර මධ්‍යස්ථානයන්  සහ ස්පා මධ්‍යස්ථානයන්හි සිදුකරන්නේ කුමක්ද යන්න වග අප  රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති මෙන්ම බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් ලෙස සේවය කළ වෛද්‍ය නිමල් කරුණාසිරිගෙන් විමසීමක් කළේය. එහිදී ඔහු එහි වෙනස පිළිබඳව පැහැදිලි කළේ මෙසේය.
“ඇත්තෙන්ම කියනවා නම් ආයුර්වේද වෛද්‍ය කර්මය තුළ හෝ පාරම්පරික වෙදකම තුළ සම්බාහනය කියලා ප්‍රතිකාර ක්‍රමයක් නැහැ.  පූර්ව කර්ම හා පංච කර්ම කියලා ක්‍රම දෙකක් තිබෙනවා. පච්චාත් කර්ම කරන්න කලින් රෝගියාගේ ශරීරය සකස් කළ යුතු වෙනවා. ශරීරය සකස් නොකර පංච කර්ම කරන්න බැහැ. රෝගියාගේ ශරීරය සකස් කරනවා කියන්නේ ආයුර්වේදයට අනුව වමන, විරේචන, වස්ති, රක්තමෝක්ෂණ නස්‍ය කියන කාර්ය පහ කිරීමට පෙර ස ුදුසු ලෙස ශරීරය සකස් කළ යුතු වෙනවා. 
මෙසේ ශරීරය සකස් කිරීමේදී එම පුද්ගලයාට තිබෙන රෝගයට අනුව හා ඔහුට අසාත්මික නොවන ආකාරයේ තෙල් වර්ගයක් යොදා ගෙන මාංශ පේශී ලිහිල් කිරීම සඳහා අවශ්‍ය තර්පන කරනවා. 
ඒ වගේම ශරීරයෙන් දහඩිය පිටවන මාර්ගයන් අවහිර වී ඇත්නම් ඒවා ලිහිල් කිරීමක් කරනවා. (ස්වේද කර්ම) මෙසේ කළාට පසුව තමයි එම රෝගියාගේ  ශරීරය පංච කර්ම කිරීම සඳහා  සුදුසු තත්ත්වයට පත් වෙන්නේ. පංච කර්ම කියන්නේ චිකිත්සීය ක්‍රියාවලියක් පමණයි. 
ඒත් අපේ රටේ බොහෝ ප්‍රදේශවල “ස්පා” යන නම භාවිතා කරලා ආයුර්වේද ප්‍රතිකාර ආයතන ලෙස  පවත්වාගෙන යන්නේ පුද්ගලයින්ට සෘජුවම ලිංගික ආස්වාදයන් ලබාදෙන ආයතනයන්. අනික ඔය “ස්පා” කියන වචනය අපේ භාෂාවේ තිබෙන වචනයක් නොවේ. ඔය ඉංග්‍රීසි වචනයක්. ස්පා කියන්නේ අපේ ආයුර්වේදයේ සඳහන් වන  ප්‍රතිකාර ක්‍රම පිළිබඳ වචන ටිකත් ඇතුළත් කරගෙන මේ අය කරන්නේ ලිංගික ආස්වාදය අවශ්‍ය පුද්ගලයින්ට එය ලබා දීමයි.” 
සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා යැයි පවසමින් මෙවැනි ස්පා ආයතන රට පුරාම ප්‍රධාන නගර ඉලක්ක කර ගනිමින්  පිහිටුවා තිබේ. ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානය යන නමින් හඳුන්වන මෙම ආයතන ආරම්භ කිරීමට පෙර ආයුර්වේද කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් අවසරය ලබා ගත යුතුයි. මේ වන විට එවැනි අවසර ලබා ගත් ආයතන  3000ක් පමණ ආයුර්වේද දෙපාර්තමේන්තුව තුළ ලියා පදිංචි වී  තිබෙන බව ආයුර්වේද කොමසාරිස් මංගලිකා කරුණාරත්න සඳහන් කළාය. 
මෙම ආයතනයන් තුළ ලිංගික කාර්යයන් කෙරෙන බව බස්නාහිර පළාතේ හිටපු ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කළද එය වළක්වා ලීමට බලධාරීන් ක්‍රියා නොකරන්නේ මන්ද යන්න ගැටලුවකි. ඒත් ඔහු තව දුරටත් අප හා පැවැසුවේ මෙවන් අදහසකි.
“මම ආයුර්වේද කොමසාරිස්වරයාව සිටි කාලයේදී ආයුර්වේද ප්‍රතිකාර (සම්බාහන ) මධ්‍යස්ථානයන් තුළ සිදුකරන ලිංගික කටයුතු නතර කර ප්‍රඥප්තියක් පවා සකස් කළා. එම ප්‍රඥප්තිය තවමත් ක්‍රියාත්මක කර ගන්න බැරිව තමයි අපිත් ඉන්නේ. එම ප්‍රඥප්තිය තුළ සඳහන් වුණ කරුණු අතර තිබෙනවා මෙවැනි ආයතනයක් පිහිටුවන්න අවශ්‍ය නම් එම ප්‍රදේශයේ ‍පොලීසියේ, සමිති සමාගම්, ආගමික ස්ථානවල අවසරය ලබා ගත යුතු බව, එම ආයතනය තුළ අනිවාර්යයෙන්ම  ආයුර්වේද වෛද්‍යවරයෙක් සිටිය යුතු බව ආදීය වශයෙන් කරුණු ගණනාවක් තිබෙනවා.  
ආයුර්වේද වෛද්‍යවරයෙක් හෝ නොමැතිව දේශපාලන හයිය ඇතිව ප්‍රදේශයේ සිටින මුදල් හදල් හා මැර බලය ඇති අයට පහසුවෙන්ම හා ලෙහෙසියෙන්ම මෙවැනි ආයුර්වේද සම්බාහන ආයතන නමින් ලිංගික ආස්වාදයන් ලබා දෙන ආයතන ආරම්භ කිරීමට හැකියාව ඇත. ඒ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ද ලියාපදිංචිය ලබා ගැනීමට හැකිය. 
එහෙත් ආයුර්වේද කොමසාරිස්වරියගෙන් අප මේ පිළිබඳව විමසූ විට ඇය සඳහන් කළේ.
“අපි කිසි විටෙකත් “ස්පා” හෝ ආයුර්වේද සම්බාහන ආයතනයන් සඳහා ලියාපදිංචිය ලබා දෙන්නේ නැහැ. අපි ලියා පදිංචිය ලබා දෙන්නේ ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයන් සඳහා පමණයි.”
ඇය එසේ සඳහන් කළද මෙම ආයතන පවත්වාගෙන යන හයිරන්කාරයින් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ලියා පදිංචිය ලබා ගන්නේය. ඒ සඳහා ඔවුන් කෙසේ හෝ ආයුර්වේද වෛද්‍යවරයෙකුද තම කටයුත්තට ඈඳා ගන්නා බව හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් නිමල් කරුණාසිරි අප හා කළ කතා බහේදී පැවැසීය. ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයේ ආම්පන්නද පෙන්වමින් මෙම ආයතනයට ලියාපදිංචිය ලබා ගන්නේය. එම නීත්‍යනුකූල ලියවිල්ල අරගැනීමෙන් අනතුරුව ඔවුන් තමන්ට අවැසි ලිංගික සේවා සැපයීමට කටයුතු කරගෙන යන්නේය. ඒ සඳහා සොයා බැලීමට කවුරුන් හෝ ඉදිරිපත් නොවෙති. එහෙත් මේ පිළිබඳව සොයා බැලීමේ අයිතිය ඇත්තේ ආයුර්වේද කොමසාරින් දෙපාර්තමේන්තුවටය. ඒත් ඔවුන් ඒවා සොයා බලන්නේ වසරකට වරක්ය. එයද වසරක් පාසා මෙම ආයතන අලුතින් ලියාපදිංචි කළ යුතු නිසාය. මෙසේ ලියා පදිංචිය ලබා දීමට පෙර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ එම ස්ථානය පරීක්ෂා කරනු ලැබේ. එසේ පරීක්ෂා කිරීමේදී ආයුර්වේද වෛද්‍යවරයෙක් යටතේ එම ස්ථානයේ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයන් භාවිතා කරන්නේද යන්න සොයා බැලීමකින් අනතුරුව ලියාපදිංචිය ලබා දෙන්නේය.
මෙම ආයතනයන් තුළ ලිංගික සම්බාහන කටයුතු කරන පුද්ගලයෙකුගේ සාමාන්‍ය මාසික වැටුප රුපියල් ලක්ෂය ඉක්මවන බව වෛද්‍ය කරුණාසිරි සඳහන් කරයි. ඔහු පවසන්නේ ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් තුළ එක් පුද්ගලයෙකුට මාසිකව රුපියල් ලක්ෂයක වැටුපක් ලබා දිය නොහැකි බවය.
නීතිමය අවසරය ලබා ගනිමින් සිදු කරන නීති විරෝධී ආයතන මැඩලීමට තවත් බොහෝ කාලයක් ගත වෙනු ඇත.
 
ශ්‍රියානි විජේසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1853

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3279

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9046

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4693

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4855

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6584

Please publish modules in offcanvas position.