Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සුරාජ් මාපාට කපුටු ප්‍රහාරයක්

දැන් සුරාජ්ගේ අලුත්ම වාහනේ කුණු ට්‍රැක්ටරයලු නේද? 
ජාතික රූපවාහිනියෙන් විකාශය වන “චුට්ටේ” ටෙලි නාට්‍යයේ චුට්ටේ කියන චරිතය නිසා තමයි මට කුණු ට්‍රැක්ටරයක් ලැබුණේ. මේ චරිතය හරහා කුණු ට්‍රැක්ටරයක වැඩ කරන මිනිහෙකුගේ අත්දැකීම කොයි තරම් දුෂ්කරද කියන එකත් මට දැන ගන්න ලැබුණා. ඇත්තටම මේ චරිතය මගේ රංගන ජීවිතය තුළ ලැබුණු විශාලතම අභියෝගය විදියටත් හඳුන්වන්න පුළුවන්. 
 
ඔය කියන “අභියෝගය” ඔබ මොන විදියටද ජය ගත්තේ? 
ට්‍රැක්ටරේ පදවගෙන යන එක මට ගොඩක් අමාරු වුණා. වාහනේ අතට හුරු කරගන්නත් ලොකු කාලයක් වැය කරන්න 
වුණා. මට මේ ටෙලි නාට්‍ය සඳහා අධ්‍යක්ෂවරයාගෙන් ඇරයුම් ලැබෙන කොටත් ඇහුවේ සුරාජ් කුණු ට්‍රැක්ටරයක ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න කැමතිද කියලයි. හැබැයි බාර දුන් චරිතෙ මේ තරම් අභියෝගයක් වෙයි කියලා නම් එදා හිතුණේ නැහැ. 
 
එතකොට “චුට්ටේ” නිසා සුරාජ්ට කපුටෝ කොටන්න ආපු කතාව මොකක්ද? 
ඒක නම් මාරම අත්දැකීමක්. මොරටුව ටවුන් එකේ රූගත කිරීම්වලට යනකොට මැරිච්ච කපුටෙක්ව කුණු ට්‍රැක්ටරේට දාගන්න දර්ශනයක් තිබ්බා. මම ඉතින් කපුටාව අරගෙන කුණු ට්‍රැක්ටරේට දාගන්න යනකොට කපුටෝ රංචුවක් ඇවිත් මාව වට කරගත්තා. 
ඒ විතරක් නම් මදෑ. උන් ටික එකතු වෙලා මට පන්න පන්න කොටන්නත් ගත්තා. හරියට උන්ගේ රෑනේ් එකෙක්ව මම මරා දැම්මා වගේ. 
 
හාර කෝටියේ නැ‍පෝලියන්, චුට්ටේ වගේ වෙනස් විදිහේ චරිතවලටම දැන් සුරාජ්ට ආරාධනා ලැබෙන්නේ පෙම්වතාට දැන් සුරාජ් හරියන්නේ නැති නිසාද? 
කවුද කිව්වේ මම දැන් පෙම්වතාට හරියන්නේ නැහැ කියලා. මට තවමත් පෙම්වතාගේ චරිතේ හොඳට කරන්න පුළුවන්. ඒත් මම අහිංසක පෙම්වතාගේ චරිතෙන් මිදෙන්න ලැබුණ එකම ලොකු දෙයක්. මේ වගේ වෙනස් විදිහේ චරිත වලින්ද සුරාජ්ට අලුත් දේවල් කරන්න පුළුවන් කියන එක දැන් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට දැනගන්න ලැබුණානේ. 
 
මේ වෙනකොට සිනමා සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ඔබට තිබෙන ඉල්ලුම මොන වගේද? 
මට චරිත දෙන්න කියාගෙන මම අධ්‍යක්ෂවරු පස්සෙන් යන්නේ නැහැ. අනිත් එක මට චරිත නොදුන්නත් මට කිසි කෙනෙක් එක්ක අමනාපයක්, තරහක් නැහැ. ඒත් මට චරිත ලැබෙන්න ඕන වේලාවේදී ලැබිලා තියෙනවා. 
 
ඔබ හිතනවාද ඔබ එදා තරමටම ජනප්‍රියයි කියලා? 
මං අදටත් මිනිසුන්ගේ හදවතේ ඉන්න බව නම් මම දන්නවා. අනිත් එක ඉර්ඉ දාගෙන වසරේ ජනප්‍රියම නළුවා වෙන්න මට වුවමනා නැහැ. ජනප්‍රියත්වය කියන්නේ දවසින් දවස වෙනස් වෙන දෙයක්. ටික කලක් යනකොට ජනප්‍රියත්වය දිරන්නත් පුළුවන්. නාස්ති වෙන්නත් පුළුවන්. ඒත් හදවතේ ජනප්‍රිය නළුවා කියන එක සදහටම පවතින දෙයක්.
 
ඔබ එක්තරා රූපවාහිනී නාළිකාවක සුපිරි නර්තන කිරුළ තෝරන විනිශ්චය මණ්ඩලයක සිටියා. නමුත් එක්වරම ඔබ එයින් ඉවත් වුණා. ඒ ඇයි? 
මට ජජ් බෝඩ් එකට ආරාධනා කරන කොටම කිව්වා මට දිගුකාලීනව නම් ඉන්න බැහැ කියලා. මං ආස නැහැ පුංචි ළමයි විනිශ්චය කරලා එයාලව රිද්දන්න. ඉතින් මම වට දෙකකට විතරයි හිටියේ. මම නළුවෙක්නේ. මම කැමති මගේ රංගනයට මුල්තැන දෙන්න. 
 
සුරාජ් වසර ගණනාවක් තිස්සේම පෙම්වතාගේ චරිතේ රඟපෑවනේ. ඔය රඟපෑම සැබෑවක් වන දවස පේන තෙක් මානයේ නැද්ද? 
විවාහ වෙන්න තවම නම් මට කිසිම හදිස්සියක් නැහැ. ඒත් හැමෝම අහනවා සුරාජ්ට පෙම්වතියක් ඉන්නවානේ. ඇය ගැන කියන්න කියලා. සමහරු කියනවා මං යාළුවෙලා ඉන්නෙත් ජනප්‍රිය නිළියක් එක්ක කියලා. ඔව්. මට පෙම්වතියක් ඉන්නවා. ඒත් ඇය ජනප්‍රිය නිළියක් නම් නමෛයි. අපි ආදරේ කරනවා. ආදරේ විඳිනවා. ඒත් විවාහ වෙන දවස ගැන විතරක් තවම හිතලා නැහැ. 
 
සමන්මලී නැලිගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4641

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4251

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7377

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4646

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2975

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3783

Please publish modules in offcanvas position.

Web Analytics