Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දිවුලපිටියෙන් ඉවත් කිරීම ගැන රන්ජන් කියන කතා

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය එක්සත් ජාතික පක්‍ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කොට ඇත. ‍

මේ ඒ සම්බන්ධයෙන් ඔහු සමඟ ලක්බිම ඔන්ලයින් කළ විශේෂ කතා බහකි.

  • දිවුලපිටිය සංවිධායක කමින් ඔබ ඉවත් කරන බව කලින්ම දැන සිටියා නේද?

ඔව්; පක්‍ෂ ලේකම් කබීර් හෂීම් මැතිතුමා මාව ඒ සම්බන්ධයෙන් සුහදශීලීව දැනුවත් කළා.

  • ඔබට ඔය විරෝධය ආවේ දිවුලපිටියේ ප්‍රාදේශීය දේශපාලඥයන් ගෙන් නේද?

අපේ ප්‍රාදේශීය දේශපාලනයත් නැවත ප්‍රතිසංවිධානය විය යුතු මට්ටමට ජරාජීරණ වී තිබෙනවා. පසුගිය රජය කාලයේ ඇතිවූ ඒ ඛේදනීය තත්ත්වය අනාගතයේ දී අවම කිරීමට එජාපය කටයුතු යොදාවි.

  • නමුත් එජාපය ඔබට තනතුරක් අහිමි කළා නේද?

මා දේශපාලනමය වශයෙන් තනතුරක් නැති කාලෙත් ජනතා සේවයට උපරිමයෙන් කැපවුණු කෙනෙක්. විදේශ සේවයේ යෙදෙන ශ්‍රී ලාංකීය කාන්තා ඛෙදවාචකය හඳුනාගෙන එය පිටුදැකීම සඳහා උපරිම ලෙස මම කැපවුණේ දේශපාලන බලයක් අතේ තබාගෙන නොවේ. ඒ බලය තවමත් මා සතුයි.

  • ඔබට මේ තනතුරු අහිමිවීම දේශපාලනමය කැපිල්ලක් ලු නේද?

පවුල් බලයක් ,ධන බෙලයක්, මැරබලයක් ආදී කිසිවක් නැතිව රන්ජන් රාමනායක චරිතය අද මේ තත්ත්වයට ඇවිත් තිබෙන්නෙත් ඔය කියන දාහකුත් එකක් කැපිලි කෙටිලි මැදයි. ඒ නිසා ඇතැම් අය කියන හෝඩුවාවල් පසුපස ලුහුබඳින්න මං සූදානම් නෑ. අනික පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා වංචාවෙන් දූෂණයෙන් තොර දූර්දර්ශී නායකයෙක් එනිසා එතුමාගෙන් මට අගතියක් සිදුවෙතැයි මා සිතන්නේ නැහැ.

  • ඔබ ජනතාවට සිදුවන අසාධාරණය ගැන සෘජුව හඬ නගන්නෙක්; විශේෂයෙන් පසුගිය කාලයේ අපේ රටේ පරිසර සංහාරය පිළිබඳව ඔබ ප්‍රසිද්ධියේම හඬ නැඟුවා; ඔබේ ඒ ක්‍රියාව සහ මේ තනතුර අහිමිවීම අතර කුමක් හෝ සම්බන්ධයක් තිබිය නොහැකිද?

මගේ ඒ ක්‍රියාවලිය ජනාධිපතිතුමාගේ පවා පැසසුමට ලක් වුණා. නමුත් මා දිවුලපිටිය සංවිධායක කමින් ඉවත් කිරීම ගැන කුමන්ත්‍රණයක්, කැපිල්ලක් වගේ වචන පාවිච්චි කරන්න මම කැමති නැහැ. මේක පක්‍ෂ නායකත්වය ගත් තීරණයක්. මා ඒ තීරණය හිසනමා පිළිගන්නවා.

  • පක්‍ෂය ඔබ ආසන සංවිධායක කමින් ඉවත් කිරීමට හේතු දක්වා තිබෙනවා ද?

ආසන්න හේතු ‍කිහිපයක් තිබෙනවා. නමුත් ඒවා මගේ පෞරුෂය පිළිබඳ කාරණා මිස මගේ දුබලතාවයන් නොවේ. අනික ඒක පක්‍ෂයේ නායකත්වය ගත් තීරණයක්.

  • දිවුලපිටිය ආසන සංවිධායක කමින් ඉවත්කිරීම ගැන ඔබ ඉන්නේ කලකිරීමකින්ද?

නැහැ; කිසිසේත්ම නැහැ.

  • ඒකට හේතුව මොකක්ද?

මම දේශපාලනයට ආවේ රජ පවුලකට සේවය කිරීමකටවත්, තවත් ප්‍රභූන්ට ගැතිකම් කිරීමටවත්, දේශපාලනය මුවාවෙන් සිදුකෙරෙන හොර, මැර, වංචා වලට ආවැඩීමටවත්, වෙනකාටවත් කඩේ යාමටවත් නොවේ. මුළු හදවතින්ම මගේ උපරිම කැපවීමෙන් ජනතාවට සේවයක් කිරීමටයි. එතැනදී ආසන සංවිධායක කම කෙසේ වෙතත් නියෝජ්‍ය ඇමති කම හෝ පාරිලිමේන්තු මන්ත්‍රීකම අහිමි වුණත් 'රන්ජන් රාමනායක කම' මා සතුව තියෙන තුරු ඒ ශක්තිය, ධෛර්ය මට තියෙනවා.

  • ඔබ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා හමුවේ 'කුටු කුටු' ගානවා කියා සමහරු කියනවා ඇයි ඒ?

ඒ වගේ ශ්‍රේෂ්ඨ නායකයෙක් ඉදිරියේ හයියෙන් කෑ ගහන්න හොඳ නෑනෙ; ඒකයි.

  • ඔබ ජනාධිපතිවරයා හමුවේ එජාපය විවේචනය කරන බවත් සමහරු කියනවා.

රන්ජන් රාමනායකට 'කුටු කුටු' ගාමින් එජාපය විවේචනය කරන්න ඕනෑ නැහැ. ආණ්ඩුවේ හිටියත්, විපක්ෂයේ හිටියත්, හොරා හොරා මයි කියා මා පසුගිය කාලයේ මාධ්‍ය මඟින් මහ හඬ දී කියා තිබෙනවා. බැඳුම්කර සිද්ධිය ප්‍රසිද්ධියේම විවේචනය කොට තිබෙනවා. ඉතින් මොකටද මං 'කුටු කුටු' ගාන්නෙ. ඕවා නිකන් බොරු ජෝක් කතා නෙ.

  • මෛත්‍රීපාල සිරිසේන මහතා ඔබට ශ්‍රීලනිපයට පැමිණෙන ලෙස රහසින් ඇරයුම් කළා ද?

ඒවැන්නක් ඔබ දැනසිටියාට; මා තබා එතුමාවත් එවැන්නක් තවම දන්නේ නැහැ.

  • ඔබ එජාපයේ දිවුලපිටිය සංවිධායක කමකින් ඉවත් කිරීම ඔබේ දේශපාලන පසුබැස්මක් නේද?

කිසිසේත්ම නැහැ.

  • ඔබ එසේ කියන්නේ ඇයි?

මම ජනතාව අතරට පැමිණියේ කලා කාරයෙක් හැටියටයි. ඊට අමතරව දැන් දේශපාලන භූමිකාවකත් නියැලී සිටිනවා. ඒ අනුව මගේ දේශපාලන හාම්පුතුන් සහ මුර දේවතාවුන් මහජනතාව යැයි කියන ස්ථාවරය මං කවදාවත් වෙනස් කරන්නේ නැහැ. මහජනතාවගේ සකලවිධ මනාපයන් නොලැබුණා නම් අද ඔබ මේ කතා කරන අන්දමේ රන්ජන් රාමනායක කෙනෙක් නැහැ.

  • ඒ කියන්නේ ඔබ කාගෙවත් දේශපාලන ගැත්තෙක් නෙවෙයි?

පසුගිය මහින්ද රාජපක්ෂ රජය තුළ ඒ පවුලට යටත් දේශපාලන ගැත්තන් බිහිවුණා. දේශපාලන නිලතල නොතකා ඒ පවුලේ ඇත්තන්ගේ යටත් වැසියන් බවට පත්වීමට සාමාන්‍ය ජනතාවට වගේම දේශපාලඥයන්ටත් සිදුවුණා. නමුත් අද මේ එළැඹි ඇත්තේ ඊට ඉඳුරාම වෙනස් ප්‍රජාතන්ත්‍රීය නව යුගයක්. මා ඉතා පැහැදිළිවම කියනවා ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් පවුල් වාදය, රදළ වාදය මුළුමනින් බැහැර කළ  නවීන දේශපාලන මතිමතාන්තර වලින් යුත් අදට වගේම හෙටටත් ගැලපෙන නායකයන් දෙදෙනෙක් කියා.

  • එතකොට ඔබේ දේශපාලන හෙට දවස?

අනේ සමාවෙන්න මට සාස්තර කීමේ හැකියාවක් නම් නැහැ. අනෙක මම දේවාල, සාස්තර පසුපස දුවන්නෙත් නැහැ. ඒ වගේම අර 'සුමනෙ' වගේ කෙනෙක්ගෙන් සාස්තර ඇහුවොත් අර තියෙන 'මොකක්ද එකත්' ඇහිරෙනවනේ. මතක නැද්ද පහුගිය කාලේ සිද්ධවෙච්ච දේවල්.

 

තිලක් සේනාසිංහ

 

 

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4696

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3357

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4828

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5450

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6272

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3838

Please publish modules in offcanvas position.

X

Right Click

No right click