Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඉන්දියාවම පුදුම කළ ක‍්‍රිකට් කෙල්ල ධාරා

ඉන්දියාව කියන්නේ ක‍්‍රිකට්වලට ප‍්‍රසිද්ධ වුණු සහ ක‍්‍රිකට් කිව්වොත් කන්න බොන්න පවා  ඕනෙ නැති මිනිස්සු ඉන්න රටක් කිව්වොත් නිවැරදියි. නමුත් මේ ඔක්කොම පහසුකම් තියෙන්නේ ජාතික මට්ටමේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට විතරයි. ඒ විතරක් නෙවෙයි ක‍්‍රිකට් කියන්නේ පිරිමින්ගේ ක‍්‍රීඩාවක් කියලා තමයි ඉන්දියානුවන් හිතාගෙන ඉන්නේ. ඒ නිසා ගැහැනු ළමයෙක් ක‍්‍රිකට් ගහනවා කියලා කිව්වොත් ඒක විහිළුවට කාරණයක් බවට පත් වෙනවා. ඉන්දියානු ගැහැනු අය ඉන්නේ දරුවො හදන්නයි කෑම උයන්නයි විතරයි කියන සංකල්පය ඉන්දියානු පිරිමි අතරින් තුරන් කරන්න මේ වගේ ටෙලි නාට්‍යයකට පුළුවන් කමක් නැහැ. නමුත් ‘තමන්නා’ ටෙලි නාට්‍ය වැඩිපුරම ප‍්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඉන්දියානු පිරිමි අය අතර කියලා නම් කියන්නම  ඕනෙ. ඒ ක‍්‍රිකට් නිසා. තවත් පැහැදිලි කරනවා නම් ක‍්‍රිකට් ක‍්‍රිඩා කරන කෙල්ලෙක් තමන්නා ටෙලි නාට්‍යයේ ප‍්‍රධාන චරිතය රඟපාන නිසා.
තමන්නා ටෙලි නාට්‍ය, එහෙමත් නැත්නම් සෝප් ඔපෙරාව 2016 අවුරුද්දෙ පෙබරවාරි පළමුවෙනිදා ඉන්දියානු ස්ටාර් ප්ලස් නාලිකාවෙන් විකාශය වෙන්න පටන් ගත්තා. පළමුවෙනි කතා මාලාවට කොටස් 143 ක් අඩංගු වෙනවා. තාම ඉන්දියාවෙ විකාශය වෙන්නෙ පළමුවෙනි කතා මාලාව. ඒ වගේම අපේ රටෙත් දැන් තමන්නා ටෙලි නාට්‍ය ‘ධාරා’ නමින් විකාශය වෙන්න පටන් අරන්. ධාරා සොලාන්කි කියන්නේ තමන්නා නාට්‍ය මාලාවෙ ඉන්න ප‍්‍රධාන නිළියගෙ නම. ඇය තමයි කලින් කියූ ක‍්‍රිකට් ක‍්‍රිඩා කරන ගැහැනු ළමයා. තරුණ ධාරාගේ චරිතයට පණ දෙන්නේ ප‍්‍රසිද්ධ දකුණු ඉන්දියානු නිළි අනූජා සාතේ විසින්. ලංකාවෙ විකාශය වෙන ධාරා නාට්‍යයේ නම් තාමත් ධාරාගේ චරිතය ර`ගපාන්නේ ධාරාගේ පුංචි කාලයට පණ පොවන හර්ෂිතා  ඕජා කියන පුංචි නිළිය.
අනූජා සාතේ කියන්නේ 2010 වසරේ වේදිකා රංගනයෙන් ටෙලි නාට්‍ය කලාවට අවතීර්ණ වුණු මරාති නිළියක්. 2010 අවුරුද්දෙ ඇය Agnihotra කියන ටෙලි නාට්‍ය අතිශය ජනප‍්‍රියත්වයට පත් වුණා. Agnihotra නාට්‍යයට අනුජාව තෝරා ගන්න හේතු වුණේ ඇය වේදිකාවේ සිදුකළ අපූර්ව රංගනයන් බව Agnihotra හි අධ්‍යක්ෂකවරයා පවසා තිබුණා. අනූජා මේ වනවිට රඟපා ඇති ටෙලි නාට්‍ය ගණන 6 ක්. ඒ සෑම ටෙලි නාට්‍යයකම පවා ඇයට උප ප‍්‍රධාන චරිත ලැබී තිබෙනවා. නමුත් තමන්නා ටෙලි නාට්‍යයේ ඇයට ප‍්‍රධාන චරිතයම ලැබී තිබෙනවා. ඊට අමතරව ඇය මරාති චිත‍්‍රපට පහකත් බජ්රා ඕ මස්තානි කියන බොක්ස් ඔෆිස් වාර්තා තැබූ හින්දි චිත‍්‍රපටයේ රඟපා තිබෙනවා. 
1987 වසරේ ඔක්තෝබර් මස 8 වැනිදා ඉන්දියාවේ පූනෙ හි උපත ලැබූ අනූජා සාතේ බාල කාලය ගත කළේ පූනෙ නගරයේයි. පාසල් අධ්‍යාපනය ලබන අතරම පාසල් වේදිකාවේ දක්ෂ ලෙස රඟපෑ ඇයට ඉන්පසු ප‍්‍රසිද්ධ වේදිකාවේ රඟපාන්නට අවස්ථාව ලැබුණා. වර්තමානය වනවිට ඇය මරාති සිනමාවේ වෘත්තීය නිළියක බවට පත් වෙලා. ටෙලි නට්‍ය ක්ෂේත‍්‍රයේ දී දැන හඳුනා ගත් මරාතේ සිනමා නළු සවුරබ් ගෝක්ලේ සමග විවාහ වුණු අනූජා මේ වනවිට සවුරබ් සමග මුම්බායි නගරයේ පදිංචිව සිටිනවා. 
තමන්නා නිසා අනූජාට ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඉතා හොඳින් පුහුණු වෙන්න සිදු වුණා. රූගත කිරීම් සිදු කරන්න මාස තුනකට කලින් සිට ඇය පන්ජාබි ක‍්‍රිකට් පුහුණුකරුවෙකු යටතේ දවසකට පැය හතර බැගින් පිති හරඹය පුහුණු වුණු ආකාරය ගැන ‘ස්ටාර්ස්’ සඟරාවට විස්තර කර තිබුණා. මේ වනවිට ඇය ප‍්‍රාන්ත තරගවල පවා හොඳින් දක්ෂතා පෙන්වන්න පුළුවන් මට්ටමින් ඉන්නවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ක‍්‍රිකට් ක‍්‍රිඩාවේ නීති රීති ගැනවත් දැනුමක් නොතිබුණු අනූජාට මේ වෙද්දි ක‍්‍රිකට් ගැන විශාල ඇල්මක් ඇති වී තිබෙන බවත් ඇය ස්ටාර්ස් සඟරාවට පවසා තිබෙනවා. මේ හේතු නිසා කතා මාලා කීපයකින් සමන්විත තමන්නා නාට්‍ය මාලාවේ රඟපාන්නට අවස්ථාව ලැබීම තම ජීවිතයේ කඩඉම් ලක්ෂ්‍යයක් බව ඇය විශ්වාස කරනවා.
 
දුලංජලී මුතුවාඩිගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1691

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2060

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4881

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2903

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1671

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2545

Please publish modules in offcanvas position.

Web Analytics