Coss Ear2
lakbima.lk
COSS Ear 1

වයිට්නිං ක‍්‍රීම්වලින් ඇත්තටම සුදු වෙනවද?

අද කාලෙ තමන්ගේ සමේ පැහැය ගැන උනන්දු වෙන්නෙ කාන්තාවන් විතරක් නෙවෙයි. පිරිමි අයත් සුදු හෝ පැහැපත් සමක් ලබා ගැනීම ගැන බොහොම උනන්දුයි. ඒ නිසාම පිරිමි අය වෙනුවෙන් පවා සම සුදු පැහැ ගන්වන ක‍්‍රීම් වර්ග නිෂ්පාදනය කර තිබෙනවා. උපතින්ම තමන්ට හිමි සමේ පැහැය වෙනස් කර ගන්න, සුදු පැහැයට හරවා ගන්න  ඕනෑ තරම් මිල මුදල් වැය කරන අයත් අප අතර ඉන්නවා. මේ කිසිම කෙනෙක් සම සුදු පැහැ ගැන්වීමේ ක‍්‍රීම්වල ඇති අතුරු විපාක ගැන හිතන්නේ නැහැ.
වයිට්නිං ක‍්‍රීම්වලට ඇති ඉල්ලූම නිසාම අද වෙළඳ පොලේ විවිධ නම්වලින් වයිට්නිං ක‍්‍රීම් වර්ග, ෆෙයානස් ක‍්‍රීම් වර්ග විකුණන්නට තිබෙනවා. වයිට්නිං ක‍්‍රීම් කියලා හඳුන්වන්නේ සම සුදු පැහැයට හරවන ආලේපන. එතකොට ෆෙයානස් ක‍්‍රීම් කියලා කියන්නේ සම සුදු පැහැ ගැන්වීමට වඩා සම පැහැපත් කරන එක. මේ වගේ ආලේපනයක් මිලදී ගන්න කලින් එහි අඩංගු දේ ගැන, නිෂ්පාදකයන් ගැන, අපේ රටේ දේශගුණයට ගැලපෙනව ද කියන කාරණය ගැන හෝ අපේ සමට ගැලපෙනව ද කියන කාරණය ගැන සළකා බලන්න බොහොමයක් අය කිසිවිටකත් පෙළඹෙන්නෙ නැහැ. මේ නිසාම සමහර වයිට්නිං ක‍්‍රීම් නිෂ්පාදකයින් උසස් තත්වයෙන් ඒවා නිෂ්පාදනය කරන්නේ නැහැ. ඉල්ලූම වැඩි නිසා තත්වයෙන් බාල කර හෝ සැපයුම වැඩි කරන්න තමයි උත්සාහ කරන්නෙ. ඒ විතරක් නෙවෙයි වැඩි මිල ගණන් යටතේ සමට හානිකර බ්ලීචිං වර්ග යොදා ඒවා නිෂ්පාදනය කරනවා. බ්ලීචිංවලින් කරන්නෙ දවසක් දෙකක් තුළ සමේ පැහැය වෙනස් කරන එක. ඒ කියන්නෙ සුදු කරන එක. හැබැයි ඒ ස්වභාවික සුදක් නෙවෙයි. මේවා සමට ඉතාම අහිතකරයි.
අපේ සමට කළු පැහැය ලබා දී තිබෙන්නේ මෙලනීන් කියන වර්ණකයෙන්. මෙලනීන් අඩංගු සෛල තාවකාලිකව විනාශයට පත් වීම තමයි බ්ලීචිංවලින් සිදු වෙන්නෙ. ඒ නිසා බ්ලීචිං අඩංගු වයිට්නිං ක‍්‍රීම් පාවිච්චි කරන තාක් සම සුදු පැහැයට හැරෙනවා. නතර කරපු ගමන් නැවතත් කළු පැහැ වෙනවා. සමහර විට කලින් තිබුණාටත් වඩා කලූ පැහැ වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මෙය පසු කාලීනව සමේ අසාත්මිකතා ඇති වන්න වගේම චර්ම පිලිකා ඇති වෙන්නත් හේතු විය හැකියි. මේ නිසාම සමහර රටවල නියමිත ප‍්‍රමිතියට නිෂ්පාදනය කර නැති වයිට්නිං සහ ෆෙයානස් ක‍්‍රීම් වර්ග විකිණීම තහනම් කර තිබෙනවා. නියමිත ප‍්‍රමිතිය ගැන පිටින් බලලා තීරණය කරන්න බැහැ. මේ ආලේපනවල අඩංගු දේවල් මොනවාද කියන එක ආලේපනය දමා ඇති ටබ් එකේ පිටත මුද්‍රණය කර තිබීම අනිවාර්ය වෙනවා. එහෙම මුද්‍රණය කරලා නැත්නම් ඔබත් කවදාවත් ඒ වගේ ඒවා මිලදී ගන්න එපා.
ඒකට හේතුවක් තිබෙනවා. බැරි වෙලාවත් මේ වගේ ආලේපනයක් නිසා ඔබට සමේ අසාත්මිකතාවක් ඇති වුණොත් ඔබට ප‍්‍රතිකාර කරන්න කලින් ආලේපනයේ අඩංගු දේ ගැන වෛද්‍යවරු දැනුවත් වෙන්න  ඕනෙ. ඉතිං ඒ ගැන ආලේපනය අඩංගු ටබ් එකේ මුද්‍රණය කර නොතිබුණොත් ඔබට ප‍්‍රතිකාර කරන්නත් පුළුවන් වෙන්නෙ නැහැ. මේ නිසා ඔබ ආලේපනයක් මිලදී ගන්න කලින් මේ දේවල් ගැන දැනුවත් වෙන්න  ඕනෙ. එය නිෂ්පාදනය කර ඇති ආයතනය පිළිගත් ආයතනයක් ද කියන කාරණය සොයා බැලීම වගේම එය සුවඳ විලවුන් හා ඖෂධ අධිකාරියේ ලියාපදිංචි වී ඇත්දැයි සොයා බැලීමත් වැදගත්. ඊට අමතරව එම ආලේපනය හඳුන්වා දෙන රූපලාවන්‍ය ශිල්පීන් හෝ ශිල්පිනියන් කාලයෙන් කාලයට මුදල් මත විවිධ නිෂ්පාදන ගැන කතා කරන කෙනෙක් ද වේ කරුණු ගැන දැනුවත් වෙන්න  ඕනෙ.
මොන විදියේ නිෂ්පාදනයක් වුණත් කෘත‍්‍රිම නිෂ්පාදනවල තිබෙන්නේ කෘත‍්‍රිම රසායන ද්‍රව්‍ය. ඒවා එක් එක් පුද්ගලයාගේ ශරීර සෞඛ්‍යයේ හැටියට වෙනස් වෙන්න පුළුවන්. ඉතිං මේ වගේ සමට අහිතකර කෘත‍්‍රිම දේ වෙනුවට ස්වභාවික දේ පාවිච්චි කරන්න පෙළඹෙනවා නම් තමයි ඔබටත් ඔබේ සෞඛ්‍යයත් යහපත් වෙන්නෙ. දවසින් දෙකෙන් සුදු වෙන්න බැරි වුණත් ස්වභාවික ඖෂධ මගින් ඔබට පැහැපත් සමක් ලබා ගත හැකි අවස්ථා තිබෙනවා. ඒ ගැන දැනුවත් වෙන එක කෘත‍්‍රිම ආලේපන වර්ග ගැන විශ්වාසය තබනවාට වඩා ඉතාම යහපත්.
 
ප‍්‍රතිභා රත්නසූරිය

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1235

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 706

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4103

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2354

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4387

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5544

Please publish modules in offcanvas position.