Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අනාගතය ගැන හිතනකොට බයක් වගේම දුකකුත් ඇතිවෙනවා

උරේෂා සතුටින් සහ සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක්ද? 
ඇත්තටම ඔව්, මගේ ජීවිතේ ඉලක්ක තියෙනවා. ඒත් අසවලා අභිභවා යනවා, අංක එකට එනවා කියන විදිහේ තරගකාරී මානසිකත්වයක් මට නැහැ. මගේ ජීවිතය ගවෛන්නේ මධ්‍යම ප්‍රතිපදාව තුළ. ඒ හින්දා සැහැල්ලුව, සතුට මගේ ජීවිතේ පුරාවට තියෙනවා.
 
උරේෂා වැඩියෙන්ම සතුටු වන්නේ මොන වගේ දේවල්වලින්ද?
මගේ සැමියා, දරුවා දෙමව්පියෝ එක්ක ගෙවන කාලයෙන් තමයි මම ලොකුම සතුටක් ලබන්නේ.
 
එතකොට දුක් වන්නේ...?
දුක කියන්නේ මොකක්ද ඇහුවොත් මට කියන්න තියෙන්නේ ඒ අකමැති දේවල් වෙනකොට ඇතිවන හැඟීමම කියලයි. ඒ වගේ දේවල් වුණාමයි මම දුක් වන්නේ.
 
දුකක් දැනුණම උරේෂා මොනවාද කරන්නේ ?
මට නම් දුක තද කරගෙන ඉන්න බැහැ. දැනෙන දුක කඳුළින් හෝදලා දාන්න ඕනෑ. ඒ වගේම තමයි මට සමීප කෙනෙකුට දුක කියලා හිතේ බර සැහැල්ලු කරගන්නවා. 
 
කාගෙත් එක්කද ඒ විදියට දුක බෙදා ගන්නේ ? 
අම්මා, තාත්තා, මගේ සැමියා වගේම නිලු, දීපානි කියල යාළුවෝ දෙන්නත් ඉන්නවා. ඒ දෙන්නත් එක්කත් මගේ ප්‍රශ්න කතා කරනවා.
 
පුංචිම කාලෙදි ගායනයට එකතු වෙලා ආපු ගමන ගැන සිහිපත් කරද්දී ලොකු සතුටක් දැනෙනවා ඇති නේද?
ඇත්තෙන්ම ඔව්, මම අවුරුදු 8 දී “ශක්තිය ඔබයි අම්මේ” චිත්‍රපටයේ පසුබිම් ගීයකට එකතු වුණා. “‍පොඩි පුතු ඉපැදුණු දවසේ” කියන ඒ ගීතයේ පේලි 4ක් මට ගයන්න තිබුණා. ඒ ආරම්භයේ ඉඳන් අද දක්වා ආ ගමන සිහිපත් කරද්දී මට පුදුමාකාර සතුටක් දැනෙනවා. 
 
කලා ලොවේ කැපිලි කෙටිලි ගොඩක් තියෙන බව කියනවානේ. පුංචි වයසෙදි ඒ වගේ දුක්බර අවස්ථාවලට මුහුණ දුන්නේ කොහොමද?
මම පුංචි කා‍ලේ පසුබිම් ගායනයට දායක වූ ඇතැම් චිත්‍රපටවල නිර්මාණකරුවන් තාත්තා එක්ක අමනාප වීම හින්දා මා ඒ නිර්මාණවලින් ඉවත් කළ අවස්ථා තිබුණා. ඒ වගේම තාත්තා ගුවන් විදුලියෙන් ඉවත් වූ කාලයේ තාත්තත් එක්ක අමනාප අය මගේ ගී ප්‍රචාරය නොකර සිටි අවස්ථා තියෙනවා. ඒත් ඒ කා‍ලේ ඒවා කැපිලි කෙටිලි විදියට මට දැනුණේ නැහැ. පුංචි ළමයෙකුට දැනෙන පුංචි දුකක් විදියටයි මට ඒක දැනුණේ. 
 
තාත්තා ජනප්‍රිය කලාකරුවකු වීම උරේෂාට ඒවගේ දුක්බර අත්දැකීම් ඇතිකළා. ඒත් කලාවේ ඉදිරියට එන්න ඒකම හේතුවක් වුණා නේද? ඒ ගැන සතුටුද?
සතුටුයි. ඒ මගේ ගමනට තාත්තා ලොකු ආලෝකයක් වූ නිසා. හැබැයි මම ඒකෙන් අදහස කළේ මම තාත්තගේ ආලෝකයෙන් මගේ ගමන ආවා කියන එක ‍නෙවෙයි. කලා පසුබිමක ඉපැදුනු හින්දා පුංචි කාලෙදී ගායනයට එකතු වෙලා ජනප්‍රිය වීම මට සාමාන්‍ය දෙයක් වුණා. මම රෑට ප්‍රසංගවලට ගිහින් පහුවදා ඉස්කෝ‍ලේ ගියා. මිනිස්සුන්ගේ ආදරය අවධානය ලැබෙද්දී සාමාන්‍ය පාසල් සිසුවියක් විදියට අධ්‍යාපනය කළා. ක්‍ෂේත්‍රය තුළ ගනුදෙනු කරන හැටි ඉගෙන ගත්තා. මේ හැමදේම හින්දයි තාත්තා මට ආලෝකයක් වුණේ.
 
කාලයක් සංගීත ක්‍ෂේත්‍රයේ හිටපු ගායිකාවක් විදියට අද දැනෙන සතුට කොහොමද?
මං ආපු ගමන ගැන සතුටුයි. ඒත් අද දවසේ සංගීත ක්‍ෂේත්‍රය ගැන දුකක් තියෙනවා.
 
ඇයි ඒ දුක ?
හොඳ නිර්මාණ කරන අය ඉන්නවා. ඒත් කිසිම දැනුමක් අවබෝධයක් නැති අය ක්‍ෂේත්‍රය විනාශ කරනවා. හරසුන් ගීත වගේම ගීත රූප රචනා තුළිනුත් ඒ අය කරන්නේ ලොකු හානියක්. නිරුවත වගේම චරිත ඝාතන කරලත් මුදල් හම්බ කරන මට්ටමට ඒ අය පත්වෙලා. මේ අය ගොඩ නගන මේ වැරදි පාර දිගේ අලුතින් බිහිවන පරපුර යයිද කියලා හිතන කොට දුකක් විතරක් නමෛයි බයකුත් ඇතිවෙනවා. 
 
ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 268

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 880

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 984

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1111

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 1556

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 2517

Please publish modules in offcanvas position.