Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඔබේ ගෙවත්තේ සමනල උයනට ' දොස්තර උපදෙස් '

ඔබේ ගෙවත්තත් සමනල උයනක් කරගන්න කැමතිද කියලා ඇහුවොත් කිසිම කෙනෙක් අකමැති වෙන එකක් නැහැ. ඒ ඒක කාගේත් මානසික යහපැවැත්මට විනෝදාස්වාදයට තුඩු දෙන කරුණක් නිසා. නමුත් බොහෝ දෙනෙක් හිතන්නේ මේක හුගත් අසීරු අමාරු කාරියක් කියලයි. ඒත් ඒ සම්බනධ උනන්දුව, කැපවීම තියෙනවානම් ඉදිරිකාලය තුළ ඔබේ ගෙවත්තේ පර්චස් 03 - 04 ක භූමිභාගයක වුණත් සමනල උයනක් නිර්මාණය කර ගැනීමේ අපහසුවක් ඇති වන එකක් නැහැ.

නමුත් මම මෙහිදී සමනල උයන කියන්නේ කොටු දැල් වලින් වට කරපු සමනල සිර කඳවුරක් නම් නොවේ. සමනලුන් නිදහසේ ගැවසෙන ස්වභාවික පරිසර පද්ධතියක්. සමනල උයනක් සැකසීමේ දී ඔබේ ගෙවත්තේ ගස් කොළන් ඉවත් කොට පොළව සකසා ගැනීම කෙසේවත් නොකළ යුත්තක්. ඔබ කළ යුත්තේ ගෙවත්තෙන් තෝරා ගත් කොටසක් සමනල උයනක් ලෙස අභිරක්ෂණය කිරීම ‍විතරයි. ඒ සඳහා මූලිකව කළ යුත්තේ ඔබේ ප්‍රදේශයේ ගැවසෙන, බහුලව දක්නට ලැබෙන සමනල විශේෂ හදුනාගෙන ඔවුන්ගේ පැවැත්මට සුදුසු ශාක වර්ග ඒ පරිසර පද්ධතියට එක් කර ගැනීම පමණයි. තමන්ට බිත්තර දැමීමට, ආහාර ලබා ගැනීමට, සුදුසු හිතකර හා හානිකර නොවන ශාක ගහනයන් වෙත සමනලුන් එක් රොක් වෙනවා.

ඒ වගේම සමනලුන්ට පැණි බීමට මල් සහ ඉඳුණු පලතුරු එම පරිසර පද්ධතියට එක් කිරීමත් වැදගත් කාරියක්. සමනල  බිත්තර පුපුරා දළඹුවකු බිහිවන අතර ඒ දළඹුවා කෝෂයක් තනාගන්නවා. පසුව ඒ කෝෂය පුපුරා සුහුඹුල් සමනලයකු පිටතට එනවා. මේ දළඹුවාගේ ආහාර මාධ්‍ය වන්නේ එම ගසේ ඒ දළඹුවා ජීවත් වන ශාක පත්‍රයමයි. සමනලුන් බිත්තර දමන්නේ දළඹුවන්ට එසේ ආහාර වශයෙන් ගත හැකි ශාක පත්‍රවල වීමත් ස්වභාදහමේ අපූරු සංසිද්ධියක්.

ඒ අනුව ඔබ පදිංචිවී සිටින්නේ පහත රට වියළි කලාපයේ වුවත්, පහතරට තෙත් කලාපයේ වුවත්, උඩරට තෙත් කළාපයේ වුවත් ඒ ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන සමනලයින්ට බිත්තර දැමීමට, මල්පැණි බීමට , වසා සිටීමට සුදුසු ශාක වර්ග එකින් එක හෝ පරිසර පද්ධතියට එක් කර ගත හැකියි.

සමහර සමනල වර්ග පැඟිරි කුලයේ ශාක මත බිත්තර දමන අතර තවත් සමහර සමනල විශේෂ අක්කපාන වැනි ශාක පත්‍ර වල බිත්තර දමනවා. ඒ  එම දළඹුවන් එම ශාක පත්‍ර ආහාරයට ගන්නා නිසයි. නමුත් ඒ පරිසර පද්ධතියට කිනම් හෝ රසායනික ද්‍රව්‍යයක් එක් කරන්නේ නම් එහිදී එම සමනලුන් විනාශ වීමත් එම පරිසරය හැර යාමත් ඒකාන්තයෙන්ම සිදුවන දෙයක්. ඒ නිසා එම පරිසර පද්ධතීන්ට කෘෂි රසායනික ද්‍රව්‍ය හෝ ගෘහස්ථ රසායනික ද්‍රව්‍ය වත් එක් නොවීමට විශේෂයෙන් වග බලා ගත යුතුයි. ඒ වගේම අහිතකර වායුගෝලීය බලපෑම් මගින්ද සමනලුන්ගේ පැවැත්මට දැඩි අහිතකර තත්ත්වයක් ‍උද්ගත වන බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව සමනල උයනක් වශයෙන් ඔබ තෝරාගත් පරිසර පද්ධතියට ඒ සඳහා ඉවහල් වන ශාක වර්ග 10 -12 මුසු කිරීමෙන් සහ ඒවාට රසායනික ද්‍රව්‍ය මුසු නොකිරීමෙන් සිඟිති දූ දරුවන් ඇතුළු කාගේත් හිත සුව පිණිස වන සමනල උයනක් නිර්මාණය කර ගත හැකියි.

මේ වන විට කොළඹ 'රිජ්වේ ආර්යා ළමා රෝහලේ' එවැනි සාර්ථක සමනල උයනක් පවත්වාගෙන යන බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්.


වෛද්‍ය නුවන් තොටවත්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 2983

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 1813

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1394

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3544

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 5984

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 5250

Please publish modules in offcanvas position.