Coss Ear2
lakbima.lk
COSS Ear 1

මම මිය ගියේ නැහැ

රොඩ්නි වර්ණකුල හදිසියේ මිය ගිය බවට බොරු පුවතක් පසුගිය දවස්වල අන්තර්ජාලයේ එහා මෙහා වුණා. මේ විදියේ බොරු කතා පතුරුවන අයට ඔබ දෙන්නේ මොනවගේ පිළිතුරක්ද?
අපේ රටේ ගොසිප් හදන හැටි තමයි ඔය. සමහරු ඔහොම කරලා ලොකු තෘප්තියක් ලබනවා ඇති. ඔය වගේම සිදුවීමක් අදට අවුරුදු 15කට කලිනුත් මට සිදුවුණා. ඒ කියන්නේ සමහරු මාව අවුරුදු 15කට කලින් මරලා දැම්මා. අපේ ගමේ හිටපු රොඩ්නි ප්‍රියංකරයි මාවයි පටලවාගෙන තමයි ඔය දේ වුණේ. රොඩ්නි ප්‍රියංකර හදිසි අනතුරකට ලක්වෙලා මිය ගියා. කට්ටිය හිතුවේ රොඩ්නි වර්ණකුල මිය ගියා කියලා. එදත් අද වගේම මා වටා සිටි පිරිස කලබල වුණා. 
 
මෙදා සැරේ ඒ කලබල වීම මොන විදියටද සිදුවුණේ ? 
 මට එක දිගට කෝල්ස් එන්න පටන් ගත්තා. යාළුවෝ කෝල් කරලා ඇහුවා මචං හොඳින් නේද කියලා. මුලදී මමත් ඔය කතාවට කලබල වුණා. පස්සේ මමත් නිහඬව හිටියා. ඔය අතරේ මම පුංචි වැඩකට එක්තරා කාර්යාලයකට ගියා. එතන හිටිය කට්ටිය මාව දැකලා හොල්මනක් දැකලා වගේ බයවෙලා හිටියා. 
 
මේ විදිහට අපේ රටේ හැදෙන ගොසිප් ගැන මොකද හිතෙන්නේ? 
මේ ළඟදීත් මට ඔය වගේම සිදුවීමක් වුණා. මම ප්‍රසංගයකට යන්න හිටියේ. ඒ ප්‍රසංගයට යන්න හදනකොට අපේ කණ්ඩායමේ හිටපු කෙනෙක් හිටිහැටියේ අසනීප වෙලා ඩොක්ටර් ගාවට අරගෙන ගියා. ඔන්න ඉතිං කට්ටිය කියන්න පටන්ගත්තා රොඩ්නි අසනීප වෙලා රෝහ‍ලේ කියලා. අපේ රටේ ඉතින් ජනප්‍රිය චරිතයකට ‍පොඩි සිදුවීමක් වුණත් ඒක ලොකු කරලනේ පෙන්නන්නේ. ඔන්න ඕකට තමයි ඉතිං කියන්නේ ඕප දූපවලට අත්තටු එනවා කියලා. 
 
ඔය අතරේ රොඩ්නි අලුත් වැඩකටත් සූදානම් වෙනවලු නේද?
ඔව්, මමයි, සමන් ලෙනිනුයි, කුමාර තිරිමාදුරයි එකතු වෙලා වෙනස්ම විදිහේ සංගීත ප්‍රසංගයක් කරන්න යන්නේ. ඒක නම් කරලා තියෙන්නේ ත්‍රී-ෆේස් (මුහුණ තුන) කියලා. මේ අවුරුද්දේ දෙසැම්බර් විතර පවත්වන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. 
 
ඔබ වැඩිපුරම ආදරේ කරන්නේ වේදිකාවට කියන්නේ ඇත්තද? 
මගේ ආත්මය ඉතිං වේදිකාව තමයි. මම මැරෙනකම් වේදිකාවෙන් බහින්නේ නැහැ. මේ දිනවලත් මා රඟදක්වන නාට්‍ය කිහිපයක්ම වේදිකා ගතවෙනවා. ගොන්ඩෝලා, නරි බෑණා, මධුර ජවනිකා වගේම හොරු හොඳයි ඒ අතරින් විශේෂයි.
 
රොඩ්නි හිතනවද ඉස්සර තරම් දැන් වේදිකාව වටා ප්‍රේක්ෂකයෝ ඉන්නවා කියලා ? 
අනිවාර්යයෙන්ම. අදටත් හොඳ ගුණාත්මක වේදිකා නාට්‍ය නිර්මාණය වෙනවා. ඒවාට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ලැබෙනවා. විශේෂයෙන් දැන් යන ටෙලි නාට්‍ය බලලා හෙම්බත් වුණ පිරිස් නැවත වේදිකාව වෙතට ඇදී ගෙන එනවා. 
 
රොඩ්නි ටෙලි නාට්‍යවලයි, චිත්‍රපටවලයි දැන් වැඩිපුර දකින්න ලැබෙන්නේ නැත්තේ ආරාධනා නොලැබෙන නිසාද?
දැන් තිබෙන ටෙලි නාට්‍ය ගැන නම් මගේ හිතේ කිසි සතුටක් නැහැ. අනිත් එක දැන් යන ඒවාවල වැඩිපුරම ඉන්නේ ඉන්දියාවේ නළු නිළියොනේ. ඒත් සිනමාව ගැන නම් තරමක් සතුටු වෙන්න පුළුවන්. හොඳ ගුණාත්මක ටෙලි නිර්මාණයකට හෝ සිනමා පටයකට ආරාධනා ලැබුණොත් මම භාර ගන්නවා. 
 
සමන්මලී නැලිගම{jcomments on}

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 636

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1160

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1018

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 786

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5445

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3599

Please publish modules in offcanvas position.