Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

'රැකියා බර' ගෙදර ගෙනයාම තහනම් කරන නීතියක්!

'උඹ කරන රස්සාව හැම තිස්සෙම ඔළුවේ තියා ගනින්'

මෙය තවමත් අපේ බොහෝ හාම්පුතුන්ගෙන් සේවකයන්ට නිතර අසන්නට ලැබෙන අවවාදයකි. එහෙත් 'රස්සාව ගෙදර ගෙනියන්න එපා' යනුවෙන් සේවකයන්ට අවවාද දෙන නව නීතියක් දැන් ප්‍රංශයේ ක්‍රියාත්මක වේ. මෙම නීතිය හැඳින්වෙන්නේ විබන්ධනය වීමේ නීතිමය හිමිකම (Right to Disconnect law) යනුවෙනි. ප්‍රංශයේ ක්‍රියාත්මක වන මෙම නව නීතිය අනුව රැකියාවෙන් බැහැරව සිටින විට රැකියාව හා සම්බන්ධ ඊමේල් ඇතුළු විද්යුත් සන්නිවේදන කටයුතු වල යෙදීම තහනම්ය.

මෙය වඩාත් සරළ ලෙසින් කිව හොත් කාර්යාලයේ හෝ සේවා ස්ථානයේ රැකියාව 'ගෙදර ගෙන යාම' මෙම නීතියට අනුව තහනම් වේ.

මෙම නීතිය සම්පාදනය කිරීමේ පුරෝගාමී වී ඇත්තේ කාන්තාවකි. ඇය ප්‍රංශ ජනතාවාදී පක්ෂය නියෝජනය කරමින් කම්කරු ඇමති ධුරය හොබවන 39 හැවිරිදි මීරීයම් එල්. කොම්රි (Miriam el Khomri) ය.  ඇගේ මෙම යෝජනාවට පදනම් වී ඇත්තේ රැකියාව හා පෞද්ගලික ජීවිත 'එකිනෙකට' සම්බන්ධ කර ගැනීමෙන් රැකියා ජීවිතය සේම ගෘහ ජිවිතයද අසාර්ථක වන බවට ඇය විසින් කරන ලද නිරීක්ෂණ මාලාවකි.

මීරීයම් එල්. කොම්රි (Miriam el Khomri)

ඒ නිසා ජාතික ශ්‍රම ඵලදායකත්වයේ පවා පසුබෑමක් ඇතිවිය හැකි බව ඇය අවධාරණය කරයි.

සේවකයන් සේවයෙන් බැහැර අවස්ථා වලදී ඊමේල්, දුරකථන වැනි විද්යුත් සන්නිවේදන ක්‍රම මගින් රැකියාව හා සම්බන්ධ වීම ප්‍රංශය පාර්ලිමේන්තු පනතක් මගින් තහනම් කොට තිබේ.

2016 වසරේ පෙබරවාරි 17දා ඇය විසින් ප්‍රංශ පාර්ලිමේන්තුවට ගෙනා පනත් කෙටුම්පත 2016 අගෝස්තු 8දා පාර්ලිමේන්තුවේ සම්මත කර නීතියක් බවට පත් කර ඇත.

කාර්ය මණ්ඩලයේ පනස් දෙනෙකුට වඩා සේවයේ නියුතු ආයතන වලට බලපාන මෙම නීතිය නිසා ඒවායේ හාම්පුතුන් කාර්යාල වේලාවෙන් බැහැර අවස්ථාවල තම විද්යුත් සන්නිවේදන ජාල අවහිර කොට ඇත.

ඒ එහි සේවකයන්ට පූර්ණ නිදහස ලබා දීම සඳහාය. විද්යුත් සන්නිවේදනය නිසා සේවකයන් මතට පැටවී ඇති අතිරේක රැකියා බර මින් ඉවත් වී තිබේ.

මේ මගින් එම සේවකයන්ට සේවා කාලයෙන් බැහැර අවස්ථාවන්හිදී රැකියා මානසිකත්වයෙන් අත්මිදී තම පවුලේ සාමාජිකයන් සමග හෝ පෙම්වතුන් පෙමිවතියන් සමගින් නිදහස් මනැසකින් කාලය ගත කිරීමට අවකාශ ලැබේ. එය ඔවුන්ගේ රැකියාවේ සාර්ථකත්වයටද හේතු වන බව ප්‍රංශ රජය අද වන විට පිළිගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සේවකයකු සතියකට පැය 45ක කාලයක් සේවය කරන මුත් ප්‍රංශ සේවකයෙකුගේ සතියක සේවා කාලය වනුයේ පැය 35ක් පමණි.

වැඩියෙන් වැඩ කිරීමෙන් වැඩි ප්‍රතිලාභයක් ලැබිය හැකි යැයි බෙහෝ දෙනා සිතන යුගය තොරතුරු තාක්ෂණය මත පදනම් වූ වර්තමාන රැකියා ක්ෂේත්‍රයට එය එතරම් අදාල නොවන බව නවතම සෙයා ගැනීමකි. එහිදී ඒ සදහා ගතවන කාලයට වඩා එම කටයුත්තේ ඇති විධිමත් බව හා නිවැරදි බව මගීන් වැඩි ශ්‍රම ඵලදායක්වයක් ලැබිය හැකි බව නවීන වෘත්තීන් හා සම්බන්ධ මනෝ විද්‍යාඥයෝ තහවුරු කරති.

ඒ අනුව 'රැකියාව ගෙදර ගෙන යාම' හෝ 'නැහීගෙන' වැඩ කිරීම එතරම් ප්‍රයේජනවත් නොවන බව මේ වන විට ප්‍රංශය ඇතුළු නවීන ලෝකයේ පොදු පිළිගැනීම වී තිබේ.

ඒ.ජී.රේණුකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4889

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4475

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7628

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4831

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 3099

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3908

Please publish modules in offcanvas position.

Web Analytics