Coss Ear2
lakbima.lk
COSS Ear 1

දරුවන් දුව දුවා ඉගෙනගන්නා දහම් පාසලක්

අව්ව ඇති විටෙක  හිසට සෙවණක් සොයමින්ද වැසි දිනවලදී නොතෙමී සිටීමට තැනක් සොයමින්ද ඒමේ අත දිවයමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සිසු පිරිසක් පිළිබඳ ශෝචනීය පුවතක් මහනුවර ප්‍රදේශයෙන් අසන්නට ලැබේ. ඒ එම දහම්පාසල සඳහා කලින් හිමිව තිබූ හිසට සෙවණ දුන් වහළයෙන් එම සිසු දරුවන් සහ ආචාර්ය ප්‍රජාව ‘දොට්ට දැමීම’ හේතුවෙනි.

තිස්හය වසරක් තිස්සේ පවත්වාගෙන පැමිණි මෙම බෞද්ධ දහම් පාසල එම ගොඩනැගිල්ලේ උසස් අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීම නිසා  මිදුලේ අඹගස් යට පැවැත්වීමට එම දහම් පාසල් ආචාර්ය මණ්ඩලයට සිදුව තිබේ.

මෙසේ දොට්ට දමන ලද  බෞද්ධ දහම් පාසල පිහිටා ඇත්තේ මහනුවර දඹවෙල ප්‍රදේශයේය.

දඹවෙල කනිෂ්ඨ විද්‍යාලයට අයත් ගොඩනැගිල්ලක ගතවූ වසර 35 ක කාලය පුරා  මෙම දහම් පාසල පවත්වා ඇති නමුත් එම ගොඩනැගිල්ල  අධ්‍යාපන කාර්යයක් වෙනුවෙන් මහනුවර උසස් තාක්ෂණ ආයතනයට පවරා ගෙන තිබේ. මේ  හේතුවෙන් එම ස්ථානයේ පවත්වාගෙන යමින් තිබූ උදාසිරි දහම් තරංග දහම් පාසලට සිය දරු දරියන් මෙන්ම ඩෙස්, පුටුරාක්ක, පුස්තකාල ‍පොත්පත් හා සියලු ලිපි ‍ලේඛන රැගෙන එම ස්ථානයෙන් ඉවත්වීමට සිදුව තිබේ.


දහම් අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු යැයි ජනාධිපතිවරයාගේ මුවින් සිය දහස් වරක් පැවසී ඇති යුගයක මෙලෙස බෞද්ධ දහම්පාසලක් ‘දොට්ට දැමීම’ සුළු ‍‍කොට තැකිය නොහැකි බව බොහෝ දෙනෙකුගේ මත වී තිබේ.

දහම් පාසල පැවැත්වූ ගොඩනැගිල්ල මහනුවර උසස් තාක්ෂණ ආයතනයට පවරා ගන්නා විට එම දහම් පාස‍ලේ උපකරණ ගබඩා කිරීම සඳහා වෙනම ස්ථානයක් ලබාදෙන බවට එම ආයතනය ලිඛිතව දැනුම් දී ඇත. නමුත් අද වන විට එම ‍පොරොන්දුව කඩකිරීම නිසා තමන්ට එම බඩුබාහිරාදියද සමඟ විදුහ‍ලේ අඹ ගස් යට දහම් පාසල පවත්වා ගැනීමට සිදුව තිබෙන බව විදුහ‍ලේ ප්‍රධානාචාර්ය උපාලි වෛද්‍යරත්න  මහතා කියයි.

සමස්ත ලංකා සිසු නිපුණතා තරඟවලින් ජයග්‍රහණ රැසක් හිමිකර ගත් දරු දැරියන් ගෙන් සමන්විත මෙම දහම් පාසල මහනුවර ප්‍රදේශයේ කීර්තිමත් තරඟකාරී දහම් පාසලක් බවට පත්ව තිබුණු බව කී ප්‍රධානාචාර්යවරයා මෙසේද කීය.


අප දහම් පාස‍ලේ දරු දැරියන් තුන් සියයක් පමණ අධ්‍යාපනය ලැබුවා. නමුත් හිසට වහළයක් නොමැතිව පාසල් භූමියේ අඹ ගස් යටට පැමිණීමට සිදුවූ නිසා අද ළමුන් පනහක්වත් දහම්පාසලට එන්නෙ නැහැ. දරුවන් අව්ව එන විට සෙවණක් සොයා බංකු අරගෙන එහේ මෙහේ ඇවිදිනවා. වැස්ස එනවිට ‍පොත් අර‍ගෙන දුවනවා. ළමුන් මෙන්ම ආචාර්ය මණ්ඩලයද අද අසීරුතාවට පත්වෙලා.

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ මුදුන්මල් කඩක් වන ශ්‍රී දළදා සමිඳුන් වැඩ වෙසෙන මහනුවර ප්‍රදේශයේ දහම් පාසල් අධ්‍යාපනය සඳහා මෙවැනි කෙනෙහිලිකම් සිදුකිරීම ‍සුළුපටු කරුණක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත.  






නදීක දයා බණ්ඩාර - මහනුවර{jcomments on}

 

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1234

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 706

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4102

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2354

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4387

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5543

Please publish modules in offcanvas position.