Coss Ear2
lakbima.lk
COSS Ear 1

සෙල්ෆි ගැසීම මානසික රෝගයක් නොවේ

තමාගේම ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙන් ගැනීම හෙවත් සෙල්ෆි ගැනීමට ගිය කීපදෙනෙකු අවාසනාවන්ත ලෙස මියයෑම් කීපයක්ම පසුගියදා වාර්තා වීමත් සමග ඒ පිළිබඳ විවිධ කතිකා මාධ්‍ය හරහා අසන්නට දකින්නට ලැබිණි.

ඒ අතර කැපී පෙනෙන කරුණක් වූයේ සෙල්ෆි ගැනීම මානසික රෝගයක් ලෙස ඇමෙරිකානු මනෝවෛද්‍ය සංගමය විසින් ප‍්‍රකාශයට පත්කළැයි පළ වූ පුවතයි. ජ්‍යෙෂ්ඨ මනෝවෛද්‍යවරයකු ඇතුළු කීපදෙනෙකුම මේ ප‍්‍රකාශය රූපවාහිනිය ඇතුළු විවිධ මාධ්‍ය හරහා කරන්නට යෙදුණි.

ඇමෙරිකානු මනෝවෛද්‍ය සංගමයට, මෙරට මාධ්‍ය වාර්තා දකින්නට ලැබෙන්නේ නැත. ශ‍්‍රී ලංකා මනෝවෛද්‍ය සංගමයද මේ පිළිබඳ කිසිවක් ප‍්‍රකාශ කර නොතිබිණි.

නමුත් ඇත්තම කතාව නම් මේ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවය. ඇමෙරිකානු මනෝවෛද්‍ය සංගමය මේ දක්වා කිසි දිනක සෙල්ෆි ගැනීම මානසික රෝගයක් යැයි හඳුන්වා දී නැත.

මේ කතාවට මුල් වී ඇත්තේ හාස්‍ය ලිපි පළකරන පිලිපීන වෙබ් අඩවියක් වන ADOBO CHRONICLES හි 2014වසරේදී පළවූ ලිපියකි.

චිකාගෝහි රැස්වුණු ඇමෙරිකානු මනෝවෛද්‍ය සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය සෙල්ෆි ගැනීම රෝගයක් ලෙස නම් කිරීමට තීන්දු කළ බව ඒ ලිපියේ සඳහන් වේ. ඒ රෝගය ‘සෙල්ෆයිටිස්’ නමින් හඳුන්වා දී ඇති බවද එම ලිපිය කියා තිබිණි.

අන්තර්ජාල වෙබ් අඩවිවල පළවන ලිපි/පුවත් ඉවක් බවක් නැතිව පිළිගන්නන් හා බෙදාහරින්නන් මේ ලිපිය සත්‍යයක් ලෙස සලකා විවිධ මට්ටමේ ප‍්‍රචාරයන් ඒ සඳහා දී තිබිණි. ඉන් වසර 3ක් ඉක්මවා ගිය තැනද ඒ හාස්‍ය ලිපිය තවමත් ඇතැමුන් රවටන බව පැහැදිලිය. ඇමෙරිකානු මනෝවෛද්‍ය සංගමය මානසික රෝගයක් පිළිබඳ අර්ථ නිරූපණයට සාමාන්‍යයෙන් වසර 10-20ක් පමණ ගනී. අධ්‍යක්ෂ මණ්ඩලයකට රැස්වී එබඳු තීරණ ගැනීමේ කිසිදු හැකියාවක් නැත.

මේ කරුණු මගින් පැහැදිලි වන්නේ ඇත්තටම සෙල්ෆි ගැනීම රෝගයක් බව නොව සමාජ ප‍්‍රශ්න ලෙඩ බවට පත්කිරීමේ රෝගයක් නම් නූතන මාධ්‍ය ලෝකය තුළ පෙරට පැමිණ තිබෙන බවය. එමගින් සෙල්ෆි ගැනීමේ ප‍්‍රවණතාව ගැන වඩා ගැඹුරු කතිකාවකට තිබූ ඉඩකඩ අවහිර වී තිබේ.

සෙල්ෆි ගැනීම රැල්ලක් ලෙස පැතිරීම, මහා පරිමාණ ස්මාර්ට් ෆෝන් වෙළෙඳපොළ, අන්තර්ජාලය හා බැඳුණු සමාජ ජාලයන්ගේ නැගීයාම, නව ලිබරල් ආර්ථිකයේ ව්‍යාප්තිය හා සම්බන්ධය.

මේ පිළිබඳ වඩාත් තියුණු නිරීක්ෂණ ඉදිරිපත් කර තිබෙන්නේ පශ්චාත් නූතනවාදී දෘෂ්ටියකින් ඒ දෙස බලන ලේඛකයන්ය. සෙල්ෆි ගැනීමට ගොස් මියයෑම ගැන පැරණි X කණ්ඩායමෙන් විමසුවේ නම් වෛද්‍ය වරුන්ට වඩා හොඳ පැහැදිලිකිරීමක් ලබාගත හැකිව තිබිණැයි මේ ලියුම්කරුගේ අදහසය.

නව ලිබරල් ආර්ථිකය තුළ පුද්ගලයන්ගේ අනන්‍යතාව බොඳව ගොස් අනන්‍යතාව පිළිබඳ අර්බුදයක් ජනිත වන බව පෙන්වාදෙන මේ ලේඛකයෝ මෙය වෙළෙඳපොළ විසින් දැනුවත්ව ඇතිකර තිබෙන්නක් බව පෙන්වා දෙති. ස්මාර්ට් ෆෝන් වෙළෙන්දා සහ සමාජ ජාල, තමන්ව අහිමි වූ ජනයාට සෙල්ෆි ගැනීමේ කැරට් අලය මගින් සන්තර්පණය වීමට අවස්ථාව ලබාදී තිබෙන බව ඔවුන්ගේ කියවීමය.

සෙල්ෆිය හැමවිටම යථාර්ථයෙන් ඔබ්බෙහි වූ ප‍්‍රබන්ධයක් බවත් එයට ලයික් කරමින් යෑම ස්වාර්ථකාමී රෝගයක් ලෙස පෙනුණද එය නව ලිබරල් ක‍්‍රමය හා නූතන සමාජ ජාල මාධ්‍ය ජනිත කළ සමාජ ව්‍යාධියේ සලකුණක් බව ඔවුහු පවසති. වෙළෙඳ දැන්වීම් සහ සමාජ ජාල මගින්  ඕනෑම අයෙකුට මොහොතකින් ඡායාරූප ශිල්පියකුවීමටත් එය අන් අයගේ බැල්මට යොමු කිරීමේ හැකියාවත් ලබාදී තිබේ. කවුරුත් තමන් දෙස අනෙකෙකු බලනු රිසිය. එසේ දැක ‘ලයික්’ කිරීම ඒ චර්යාව දිගින් දිගට පවත්වා ගෙන යන ප‍්‍රබල සාධකයක් ලෙස ක‍්‍රියාත්මක වේ.

සමාජ ප‍්‍රශ්න, රෝග ලෙස හඳුනාගැනීමට යාම සෞඛ්‍ය ප‍්‍රතිපත්ති ක්ෂේත‍්‍රයේද මේ දිනවල පුළුල්ව සාකච්ඡා වන මාතෘකාවක් බව මෙහි දී සිහිපත් කිරීම වැදගත්ය. මේ කරුණ විශේෂයෙන් වැදගත්වන්නේ ගැටලූවට විසඳුම ලෙස ඉදිරිපත් වන විසඳුම් එය හඳුනාගන්නා දෘෂ්ටිකෝණයට සාපේක්ෂවීමය. සෙල්ෆි ගැනීම මානසික රෝගයක් නම් මනෝ වෛද්‍යවරුන්ට ඒ පිළිබඳව කළ හැක්කේ කුමක්ද?

පසුගිය වසර 10ක පමණ කාලයක් තොරොම්බල් කළ ‘බෝ නොවන රෝග’ යන යෙදුම වෙනස් කළ යුතු යැයි දැන් ප‍්‍රබල හඬක් මතුව තිබෙන්නේ ප‍්‍රශ්නය එලෙස විස්තර කිරීම මගින් ඊට ලබාදෙන විසඳුම්ද වෛද්‍යමය වීමය, ප‍්‍රතිඵල පටුවීමය.

පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්ව වැනි ස්වාභාවික විපත්වලට ගොදුරුවූවන්ගේ දුක්ඛදෝමනස්සයන්ට මනෝවිද්‍යාත්මක විසඳුම් ඉදිරිපත් කිරීමේදී දක්නට ලැබෙන්නේද මේ ආකාරයටම ප‍්‍රශ්න ලෙඩ ලෙස සූත‍්‍රගත කිරීමේ දරිද්‍රතාවයය.

අනෙක් අතට සමාජ ප‍්‍රශ්න ලෙඩ ලෙස විස්තර කෙරෙද්දී ප‍්‍රතිකාර තිබෙන ලෙඩ සමාජ ප‍්‍රශ්න ලෙස විස්තර කෙරෙන කතිකාවක්ද මාධ්‍ය තුළ විරල නොවේ.

පසුගිය දිනෙක තම බිරිඳ ජංගම දුරකථනයකින් කිසිවකුට ඇමතීම නිසා කෝපයට පත් සැමියකු ඇය ඝාතනය කිරීම ඇතැම් විචාරකයන් විස්තර කර තිබුණේ වැඩවසම් ක‍්‍රමයේ පැවැති පුරුෂාධිපත්‍යය බිඳවැටීමේ අර්බුදයට මුහුණ දී ගත නොහැකි වූ පිරිමියාගේ ගැටලූවක් ලෙසිනි. ජංගම දුරකථන භාවිතය හා සම්බන්ධව හටගත් අවිශ්වාසය ප‍්‍රචණ්ඩත්වයක් බවට පත්වීම මගින් ඇතැම් විට පිටතට ප‍්‍රකාශවන්නේ ප‍්‍රතිකාර කළ හැකි මානසික රෝගී තත්ත්වයන්ය. ඇතැම් විට ප‍්‍රචණ්ඩතාව දක්වන්නේ පිරිමියාට එරෙහිව කාන්තාවය. එවිට වැඩවසම් ප‍්‍රවාදවලට ඇඩ‍්‍රස් නැත.

මින් වසර කීපයකට පෙර උතුරු ප‍්‍රදේශයේ ද්‍රවිඩ ජාතික කාන්තාවක් තම දරුවන් තිදෙනා ළිඳට දැමීම වාමාංශිකයන්  සමාජ විචාරකයන් විස්තර කර තිබුණේ දරුවන් රැකබලා ගැනීම සඳහා මව්වරුන්ට රජය විසින් පහසුකම් නොසැපයීම, සැමියා විසින් පවුල හැර යනු ලැබීම, යුද්ධයේ පීඩාව ආදී දෘෂ්ටිකෝණවලිනි. එකී කාන්තාව කලක සිට උග‍්‍ර මානසික රෝගී තත්ත්වයකින් පෙළුණු බව පාද සටහනකින්වත් නොකියැවිණි.

ඒ සිදුවීමෙන් පසු කාන්තාවන් කීපදෙනෙකුම ළිංවලට පැනීමේ සිදුවීම් වාර්තා විය. ඒ එම මුල් සිද්ධිය සමාජ ප‍්‍රශ්නයක් ලෙස විස්තර කිරීමේ අතුරු ඵලයන්ය.

ප‍්‍රශ්න ලෙඩ ලෙස දැකීමේත්, ලෙඩ ප‍්‍රශ්න ලෙස දැකීමේත් ලෙඬේට බෙහෙත් අවශ්‍ය වී තිබේ.

(ලේඛකයා මාතර මහ රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥවරයා)

වජිර ධර්මවර්ධන{jcomments on}

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 634

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1157

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1014

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 783

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5442

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3596

Please publish modules in offcanvas position.