Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මීළඟ ස්වභාවික අපදාවකදී ළඟ තිබිය යුතු ආපදා කට්ටල

හෙට අනිද්දා හා ඉන්අනිද්දා දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට අධික වර්ෂා තත්වයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.  එබැවින් ඉන් ඇති විය හැකි ගංවතුර, නායයෑම් සහ වෙනත් හදිසි අවස්ථාවන් සඳහා පෙර සූදානමින් සිටීය යුතුයි. යැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා ද රත්නපුරදී ප්‍රකාශ කර තිබේ.

ආපදාවන් වළක්වා ගැනීමට තරම් සාර්ථක පෙර ආපදා පියවර ගැනීම ඉතාම අසීරුය‍. එහෙත් ආපදා අවස්ථා වලදී ජීවිත ආරක්ෂා වූ ජනතාවට මුහුණ පෑමට සිදුවන විවිධ ගැටලු පිළිබඳ සළකා බැලීමෙන් පසු, ඒ ඒ අවස්ථා වලට මුහුණ දීම පහසු කරවීම උදෙසා ගත යුතු පියවර රැසක් මේ වන විට හඳුනාගෙන තිබේ. 

මහා ආපදාවකට පසුව තනි තනිව හෝ පවුල් පිටින් බොහෝ අය අතරමංවීම ආපදාවේ ප්‍රබලතාවය මත රඳා පවතී. ආපදාවට ලක්වූ බොහෝ දෙනෙක් බාහිර ආධාරයක් ලැබෙන තෙක් හුදෙකලා වන්නේ ගංවතුර මධ්‍යයේ, ගංවතුරට හසුවූ නිවසක් තුළ, කදුගැටයක් මත, ගසක් මත හෝ සමහරවිට උදව්කරුවකුගේ නිවසක් තුළය. විදුලි බල, ජල සහ දුරකථන පහසුකම් අඩාල වීම, බැංකු, තැපැල්හල්, වෙළඳසල් සහ සමහරවිට ආරෝග්‍යශාලා පවා වැසීයාම, ගමන් බිමන් පහසුකම් නොමැතිවීම වැනි කරුණු නිසා දින 2 - 3 ක් හෝ සමහරවිට ඊටත් වඩා දිගු කාලයක් හුදෙකලා වීමට සමහරුන්ට සිදුවේ.  එවන් ජනතාව පිළිබඳ සළකා ආපදාවකදී හුදෙකලා වූ විටෙක බාහිර උපකාරයක් ලැබෙන තෙක් ජීවිතය රැකගැනීම සඳහා අත්‍යාවශ්‍ය වන ද්‍රව්‍ය ලැයිස්තුව හඳුන්වාදී ජනතාව දැනුවත් කොට ඇත. එය 'ආපදා කට්ටලය'  (Disaster kit) හෝ 'ආපදා සහන කට්ටලය' (Disaster Survival Kit) ලෙස හඳුන්වනු ලැබේ.

ආපදාවකට ගොදුරුවේ යයි බලාපොරොත්තුවන සියලු දෙනා විසින් සැලකිලිමත්වී අවස්ථාවට මුහුණ  දීම පිණිස තමන් සතු කරගත යුතු අත්‍යවශ්‍ය භාණ්ඩ තීරණය කිරීම තමන් සතු වගකීමකි. තමන් මුහුණ දෙන අපදාව අනුව ඒ ඒ ද්‍රව්‍ය සහ උපකරණවල ඇති වැදගත්කම කුමක්ද යන්න වටහා ගැනීම අපහසු කරුණක් නොවේ.

වෛද්‍ය උපදෙස් මත ලබාගත යුතු අත්‍යාවශ්‍ය බෙහෙත්, වේදනානාශක, ප්ලාස්ටර් ආදිය සහිත ප්‍රථමාධාර බේත් හේත් ද්‍රව්‍ය, නිවැසියන්ට දින 2 - 3 ක් ජීවිතය ගෙනයාම සඳහා සෑහෙන තරම් වියළි ආහාර බිස්කට්, රෝස්පාන් සහ විශේෂයෙන්ම ළදරුවන් සහ වැඩිහිටියන් සඳහා අවශ්‍ය කිරිපිටි ආදිය මේ සඳහා උදාහරණ වේ.

ඉතාම අත්‍යාවශ්‍ය වියහියදම් සඳහා වන මුදල් ප්‍රමාණයක්, වියළි කෝෂ (බැටරි) බලයෙන් ක්‍රියාකරන කුඩා ගුවන් විදුලි (රේඩියෝ) යන්ත්‍රයක් (ආපදා කළමණාකරන නිවේදන වලට සවන් දීමට)

වියළි කෝෂ බලයෙන් ක්‍රියාකරන විදුලි පන්දමක්, ගිනිපෙට්ටි සහ ඉටිපන්දම්, බෝතල් කළ පානීය ජලය හෝ අවශ්‍ය නම් වෙනත් බීම විශේෂයෙන්ම ළදරුවන් සහ වයෝවෘද්ධ සාමාජිකයන් සඳහා උණුසුම් ඇඳුම් පැළඳුම් ඉක්මනින් පිළියෙල කළ හැකි ටින් කළ ආහාර, බෝතල් අරිනයක් (Bottle Opener) ටින් කපනය (Tin Cutter) සහ හැඳි කිහිපයක්,  ළඳරුවන් සඳහා කිරි/වතුර පොවන බෝතලය සහ කුඩා කෝප්ප ඉතා වැදගත්යයි සිතන පුද්ගලයින්ගේ සහ ආයතනවල දුරකථන අංක

පවුලේ සාමාජිකයන් අතරමංවූ අවස්ථවකදී පරිහරණය කිරීමට ඉතාම අත්‍යවශ්‍යයයි තීරණය කළ හැකි ද්‍රව්‍ය හෝ උපකරණ ඉහත ලැයිස්තුවට එකතුකර ගැනීමේ අයිතිය අප හැම සතුය.

අපගේ එදිනෙදා කටයුතු පිළිබඳව සැලකීමේදී මහා ආපදාවකට ලක්වූ අවස්ථාවලදී සමහර වැදගත් ලියකියවිලි විනාශවීම සහ අස්ථානගතවීම තවත් ප්‍රධාන ගැටලුවක් බව අවබෝධ කරගනිමු. එනම් අපගේ කටයුතුවලට අත්‍යවශ්‍ය වන ජාතික හැඳුනුම්පත්, උප්පැන්න සහතික, අධ්‍යාපනික සහ වෙනත් සහතික, පාස් පෝට්, බැංකු ගිණුම් පොත්, ස්ථාවර තැන්පතු සහතික, ඉඩම් සහ නිවාසවල ඔප්පු, පත්වීම් ලිපි, වෛද්‍ය සහතික සහ වෛද්‍ය වාර්ථා, ඉතා වැදගත්වන දුරකථන අංක ලැයිස්තු, වටිනා ආභරණ ආදිය එවන් වැදගත් ලියකියවිලි සහ ද්‍රව්‍ය කිහිපයකි. එවන් වැදගත් ලියකියවිලිවල මුල් පිටපත්වල ආරක්ෂාව සඳහා ගතහැකි පියවර පිළිබඳව කල්තියාම පියවර ගෙන තිබීමෙන් ආපදා අවස්ථාවකදී මෙන්ම ඊට පසුව අපගේ කටයුතු පහසුවන බව පැහැදිලිය. සමහර විදේශ රටවල්වල ජනතාව දැනුවත් කර ඇති පරිදි එවන් ලියකියවිලි ජලය කාන්දු නොවන පරිදි අසුරණයක බහා නිවසේ ඉතාම ආරක්ෂක ස්ථානයක තැබීම හෝ ආපදාවකදී විනාශ නොවේයයි සිතන ශක්තිමත් ස්ථානයක (කොන්ක්‍රීට් කණු හෝ බාල්ක වැනි) ගැට ගසා තැබීම යෝග්‍ය වේ.

මෙහිදී අප විසින් ගතහැකි තවත් පියවරක් වනුයේ, අදාළ ලියකියවිලි වල අංක, නිකුත් කළ දින ආදී වැදගත් දත්ත සටහන් කරන ලද ලියවිල්ලක් නිවසේ සාමාජිකයන් සතුව තබාගැනීමයි. නිවැසියන් සැමගේම අදාළ විස්තර සහිතව ලියවිල්ලක් සකස් කර තබාගැනීම ආපදාවකදී පමණක් නොව, ඕනෑම කටයුත්තකදී ඉතා ප්‍රයෝජනවත් වෙනු නොඅනුමානයි. ආපදාවකට ලක්වී විනාශ වූ සහ අස්ථානගතවූ වැදගත් ලියකියවිලි යළිත් ලබාගැනීමේදී ඒවායේ විස්තර සහිත ලියවිල්ලක් ඉතාම විශාල උපකාරයක් වනු ඇත.

හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ කාලගුණ විද්‍යාඥ කේ.ආර්.අභයසිංහ 

 
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1490

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1766

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3026

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1614

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1939

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3512

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click