Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ක්ෂේත්‍රයේ ඉන්න කුහකයෝ පිරිසක් මගේ ගමනට බාධා කරනවා

ග්‍රේෂන් ආනන්ද කියන්නේ ලංකාවේ ගීත කලාව තුළ කැපී පෙනෙන භූමිකාවකට පණ පෙවූ සංගීතඥයෙක්. චිත්‍රපට පසුබිම් ගීත ගායනයෙහිලා ඔහු දැක්වූ දායකත්වයත් අමතක කරන්න බැහැ. ග්‍රේෂන් ආනන්ද මහතාගේ අභාවයෙන් පසුව හැමෝම දැන හඳුනාගත් ඔහුගේ පුත් මාරියෝ ආනන්දත් අද වන විට ජනප්‍රිය චරිතක්. කොහොම නමුත් අදටත් මාරියෝගෙන් ග්‍රේෂන් ආනන්ද කියන ගායන ශිල්පියාව බල‍පොරොත්තුවන පිරිසකුත් ඉන්නවා. එවැනි හේතූන් නිසා අද තමන්ට මුහුණදීමට සිදුව තිබෙන ප්‍රශ්නයක් ගැනත් මෙම සංවාදයේදී මාරියෝ අප සමග හෙළි කළා. 
 
ඔබේ පියාගේ අභාවයෙන් පසුවයි බොහෝ දෙනා ඔබව ගායන ශිල්පියෙකු විදිහට හඳුනාගත්තේ. නමුත් ඒ වෙනකොටත් ඔබ සංගීත ක්ෂේත්‍රයට පිවිසිලා ඉවරයි ?
ඔව් මම වයස අවුරුදු 15 දියි සංගීත කටයුතු පටන්ගත්තේ. තාත්තා අවසන් වරට ගැයූ කොවුලා කොහෙදෝ කියන ගීතය සංගීතවත් කළේත් මමයි.
 
අද වන විටත් ඔබව ජනතාව හඳුනන්නේ ඔබේ පියා ලබා තිබූ ජනතා ප්‍රසාදය නිසා යැයි කීවොත් නිවැරදියි නේද?
තාත්තා නිසා මගේ ජීවිතයට ලැබුණු ආලෝකය කවදාවත් අමතක කරන්න බැහැ. හැබැයි ග්‍රේෂන් ආනන්දගේ පුතාවීම නිසාම අද වෙද්දී ක්ෂේත්‍රය ඇතුළේ මාව කොටු කිරීමක් සහ කොන්කිරීමක් සිද්ධ වෙනවා.
 
මොන හේතුවක් නිසාද එහෙම වෙන්නේ ?
මම හැමදාමත් තාත්තාගේ ගීත ගායනා කරමින් ඉන්නවා දකින්න තමයි හුඟක් කැමති. මාරියෝ ආනන්ද විදිහට මට මගේම කියලා මාර්ගයක යන්න ඒ අය ඉඩ දෙන්නේ නැහැ. බොහොම ටික දෙනෙක් තමයි මගේම නිර්මාණ කරන්න කියලා මාව දිරිමත් කරන්නේ. ප්‍රසංගවලදී වුණත් තාත්තාගේ හැමදාම ගායනා කරන ගීත ගායනා කරන්න වෙන විදිහට තමයි මාව කොටු කරලා තියෙන්නේ.
 
කවුද ඔබට ඔබේ අනන්‍යතාවයක් හදාගන්න ඉඩ නොදෙන්නේ ?
සංගීත ක්ෂේත්‍රයේ සිටින අයගේ කුහකකම නිසා තමයි, එවැනි දේවල්වලට මට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්නේ. මම මේ හැමෝටම චෝදනා කරනවා ‍නෙවෙයි. නමුත් බහුතරයක් දෙනාගේ ක්‍රියාකලාපය ඔය විදිහයි. කොහොමටත් මම කෙළින් කතා කරන නිසා හුඟක් අය මට කැමති නැහැ.
 
අද වෙනකොට ඔබේම ගීත ඔබ සතුව තිබෙනවාද?
මම මගේම සිංහල ගීත රැසක් ගායනා කරලා තියෙනවා. නමුත් මට අතපය දිගහැරලා මුදල් වියදම් කරන්න බැරි නිසා ඒවා ජනතාව අතරට ගෙනියන්න බැරි වුණා. 
 
ඒ කාරණය තව ටිකක් පැහැදිලි කළොත් ?
මට මුදල් වියදම් කරලා ඒවාට විෂුවල් හදලා එළිදක්වන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අනික විවිධ හේතූන් නිසා ක්ෂේත්‍රයේ සමහරු මාත් එක්ක තරහයි.  තාත්තාගේ ගීත රී මේක් කරන්න ඒ කා‍ලේ අවසර නොදීම වැනි හේතු නිසා ගීත එළිදැක්වීමේදී මට විවිධ බාධක එනවා. අනික අද හැම දෙයක් වගේම සංගීත ක්ෂේත්‍රයත් මුදලට යට වෙලයි තියෙන්නේ. 
 
යහමින් මුදල් උපයන ගායක ගායිකාවෝ අද නැතිවා නොවෙයි. මුදල් ටිකක් උපයා ගත්තා නම් ඔබට තියෙන මේ ගැටලුවත් මගහැරිලා යාවි නේද?
එහෙම ආසාවක් මට නැහැ. අනික මුදල් දීලා මගේ ගීත මාකට් කරන්නත් මම කැමති නැහැ. සල්ලි හම්බ කරනවා නම් මට වයස අවුරුදු 19 දී කිසිම අමාරුවක් නැතුව ලක්ෂ ගණනින් හම්බ කරන්න තිබුණා. මොකද තාත්තාගේ අභාවයෙන් පස්සේ මට ගීත ගායනා කරන්න පුළුවන්ද බැරිද කියලාවත් නොදැන සමහරු තාත්තාගේ ගීත වෙන අය ලවා රීමේක් කරන්න ලක්ෂ ගණන් මුදල් දෙන ‍පොරොන්දුව පිට මාව හොයාගෙන ආවා. මගේ ප්‍රතිපත්ති අනුව ම ඒ යෝජනාවලට කැමැති වුණේ නැහැ. හැබැයි අද වෙද්දී ප්‍රසංගවලින් අඩුවෙන්ම මුදල් හම්බකරගන්නා ගායකයා මම වෙන්න ඇති.
 
සංගීත ක්‍ෂේත්‍රයේ ඔබටම ආවේණික ගමනක් යෑමද ඔබේ බලා‍පොරොත්තුව?
මට උපතින්ම ලැබුණු හැකියාවක් තියෙනවා. ඒ හැකියාවත් තියාගෙන හැමදාම තාත්තාගේ ගීතවලින් යැපෙන එක ලැජ්ජා නැති වැඩක් විදිහටයි මම දකින්නේ. මම දැන් වැඩිපුර මගේම ඉංග්‍රීසි ගීත ගායනා කරන්නයි යොමු වෙලා ඉන්නේ. ඒ ගීතවලට දැනටමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. හැබැයි මට ඒ විදියේ හැකියාවන් තියෙනවා කියලා හුඟක් අය තවම දන්නේ නැහැ.
 
තාත්තාගේ සමකාලීනයන්ගෙන් වත් ඔබට සහයෝගයක් ලැබුණේ නැද්ද?
මට කාගෙන්වත් උදව් උපකාර අවශ්‍ය නැහැ. මේ යන ගමනට බාධා නොකර ඉන්න කියලයි මම හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ. අද වෙද්දී ලොකු චෝදනාවක් තියෙනවා නවක ගායක ගායිකාවෝ හොඳ නිර්මාණ බිහි කරන්නේ නෑ කියලා. මම දකින විදිහට නම් දක්ෂයෝ ඕනෑතරම් සැඟවිලා ඉන්නවා. හැබැයි අතපය විසි කරලා මුදල් වියදම් කරන්න පුළුවන් අය තමයි අද ගායක ගායිකාවෝ විදිහට මතු වෙන්නේ. මුදල් වියදම් කරන්න බැරි අයට තැනක් නැහැ.
 
මේ විදියේ ගැටලුත් එක්ක මාරියෝ කොහොමද අනාගතයට මුහුණ දෙන්නේ ?
මේ යන විදිහට නම් මට හොඳ අනාගතයක් තියේවි කියලා. මට හිතෙන්නේ නැහැ. සමහර විට මට කවදාහරි හිඟාකන්න පවා සිද්ධ වේවි. මම මේ විදියේ නිර්මාණ කරලා තියෙනවා කියලා ජනතාව දැනගන්නේ මම මිය ගියාට පස්සේ වෙන්නත් පුළුවන්. ඊට කලින් මාරියෝ ආනන්ද කියන්නේ මේ විදියේ නිර්මාණකරුවෙක් කියලා ජනතාවට හඳුනාගන්න ලැබුණොත් නම් ලොකු දෙයක්.
 
කිෂාන් කනංකෙ
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5232

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3637

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5124

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5742

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6557

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4055

Please publish modules in offcanvas position.

X

Right Click

No right click