lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

ගයාත්‍රි දියණියන් සමග රට හැර යන්නේ ඇයි?

Gaya3
ගයාත්‍රි ඩයස් තමන්ගේ දියණියන් දෙදෙනා සමග කැනඩාවට යන්න සූදානම් වෙනවා කියන පුවත මේ වෙද්දී බොහෝ අයගේ කතා බහට ලක්වෙලා. මේ ගමනට චන්න පෙරේරා එකතු නොවන්නේ පවුල් විරසකයක්වත් හින්දද?  ඇත්තම කතාව දැන ගන්න අපි චන්නට කතා කළා.

චන්න ඇත්තද ගයාත්‍රි දරු දෙන්නත් එක්ක ලංකාව හැර යන්නට සැරසෙනවා කියන්නේ?
ඔව්.

ඇයි ඒ?
ලොකු දුව දැන් උසස් පෙළ කරලා ඉවරයි. එයා වැඩිදුර අධ්‍යාපනය කරන්න යන්නේ පරිගණක තාක්ෂණය. ඒ කටයුතුවලට තමයි එයා යන්නේ.

ඉතින් ඒ ගමනට ඇයට තනියම යන්න පුළුවන් නේ?
මුලදී එහෙම තමයි හිතාගෙන හිටියේ. ඒත් දුවව තනියම යවන්න  මමයි ගයාත්‍රියි දෙන්නම කැමති නැහැ. ඒ හින්දා තමයි ගයාත්‍රිත් දුවත් එක්ක යන්න හිතුවේ.

එතකොට ‍පොඩි දුව?
එයා තවම 6 වසරේ ඉගෙන ගන්නේ. ඉතින් අපි හිතුවා ‍පොඩි දුවවත් කැනඩාවට අරගෙන ගිහින් වැඩිදුර අධ්‍යාපන කටයුතු කරන එක හොඳයි කියලා.

ඇයි ලංකාවේ අධ්‍යපාන රටාව ගැන පැහැදීමක් චන්නටයි ගයාත්‍රිටයි නැද්ද?
ඒක ටිකක් බැරෑරුම් ප්‍රශ්නයක්. ඕකට ඇත්තම ඇත්ත උත්තරේ තමයි දෙන්න වෙන්නේ.

මොකක්ද ඒ උත්තරේ?
අපේ රටේ පවතින දේශපාලන පෙරළි, සමාජ පෙරළි දැක්කම ළමයෙකුගේ අනාගතේ ගැනත් හරිම අස්ථාවර බවක් තමයි හැඟෙන්නේ. ඒ කොහොම වුණත් දෙමාපියන්ට තියෙන ලොකුම සම්පත දරුවෝ. දෙමාපියෝ හැමෝම කැමති දරුවන්ගේ අනාගතය යහපත් එකක් වෙනවා දකින්න. දරුවෝ දෙන්නම පිටරටකට යවලා අධ්‍යාපනය ලබාදීලා අනාගතය ස්ථාවර කරන එක තමයි අපි දෙන්නටම ඕන කරන්නේ.

ඒ කියන්නේ ගයාත්‍රියි දරුවො දෙන්නයි ලංකාවට එන්නෙ නැතුව කැනඩාවෙ පදිංචි වෙයිද?
ඒක හරියටම කියන්න බැහැ.

බිරිඳයි දරුවො දෙන්නයි මුහුදෙන් එතෙර යද්දී චන්න ඇයි තනිවෙන්නේ?
මම දශක දෙකකට ආසන්න කාලයක් හිටියේ කලා ක්‍ෂේත්‍රය තුළ. රඟපෑම, අධ්‍යක්ෂණය තමයි මම කළේ. ජීවිතේ හැමදේම මට ලැබුණේ කලාව නිසා. කොටින්ම කියනවා නම් ගයාත්‍රිව හමුවුණොත් කලා ක්‍ෂේත්‍රයේදී. මට කලා ක්‍ෂේත්‍රය දාලා යන්න බැහැ. එහෙම ගියත් මට කැනඩාවට ගිහින් අලුතින්ම මොනා හරි කරන්න වෙනවා. ඒ රටේ කලාවට සම්බන්ධ වුණත් මුල ඉඳන් පටන් ගන්න වෙනවා. ඒක හිතන තරම් ‍ලේසි නැහැ. ඒ හින්දා මම ලංකාවේ නවතිනවා.

ගයාත්‍රි කැනඩාවට ගිහින් මොන වගේ ක්‍ෂේත්‍රයක නිරත වේවිද?
රූපලාවන්‍ය හරි එයාට සුදුසු මොකක් හරි ක්‍ෂේත්‍රයකට හරි යොමුවෙයි.

චන්නව දාලා යන්න ගයාත්‍රියි දරුවො දෙන්නයි කැමතිද?
නැහැ. ලොකු දුව නම් දැනුත් කියන්නේ මටත් යමු කියලා. ඒත් මට ඒක කරන්න බැහැ.

දරු පවුලෙන් දුරස් වෙලා ඉන්න පුළුවන්ද?
අද තාක්ෂණය දියුණුයි. අපිට නිතරම ස්කයිප් එකෙන් කතා බහ කරන්න පුළුවනි. අනික මට අවුරුද්දකට සැරයක්වත් ගිහින් ඒ අයව බලලා එන්න පුළුවන්නේ.

එතකොට හැමදාම ඔය දෙගොල්ලෝ දෙතැනක?
නැහැ. මටත් කලාවෙන් දුරස් වෙන්න දවසක් එයි.
ප්‍රේක්ෂකයින්ට මාව එපාවෙන දවසක් එයි. එදාට කලාවෙන් විශ්‍රාම අරගෙන මමත් කැනඩාවට යනවා.

චන්ද්‍රලතා තන්ත්‍රිගේ

 
IMAGE

ජීවිතයේ මුල්වරට කෝච්චියේ අධිවේගයේ ගිය කෙවිලියාමඩුවේ...

IMAGE 2017 Jun 25 11:18
කෙවිලියාමඩුව ගමේ දරුවෝ හරියට “හෝ ගාන ‍පොකුණ” චිත්‍රපටයේ හුන් දරුවන් මෙන් යැයි මට සිතුණේ...
Views - 62

මළවුන්ට පණ දීමට තරම් බලගතු කතරගම තුන්නූරු

IMAGE 2017 Jun 23 10:33
කතරගම වාර්ෂික ඇසල මංගල්‍යය පසුගිය ජූනි 10 වෙනිදා කප්සිටුවීමෙන් ආරම්භ කෙරිණ. මෙම ජූලි 23 වෙනිදා...
Views - 1097

සමහරු මට මඩ ගහන්න වචනයක් වරදිනතුරු බලා ඉන්නවා

IMAGE 2017 Jun 22 09:57
“දෙරණ” නාලිකාවෙන් රටම හඳුනාගත් සහන් අබේසේකර දැන් අප හමුවට එන්නේ “සියත” රූපවාහිනී...
Views - 2630

මීළඟ ස්වභාවික අපදාවකදී ළඟ තිබිය යුතු ආපදා කට්ටල

IMAGE 2017 Jun 21 10:19
හෙට අනිද්දා හා ඉන්අනිද්දා දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට අධික වර්ෂා තත්වයක් ඇතිවන බව කාලගුණ...
Views - 1823

ක්ෂේත්‍රයේ ඉන්න කුහකයෝ පිරිසක් මගේ ගමනට බාධා කරනවා

IMAGE 2017 Jun 20 20:48
ග්‍රේෂන් ආනන්ද කියන්නේ ලංකාවේ ගීත කලාව තුළ කැපී පෙනෙන භූමිකාවකට පණ පෙවූ සංගීතඥයෙක්....
Views - 2773

උකස්කරන්නවත් තව කිසි දෙයක් ඉතිරිවෙලා නැහැ

IMAGE 2017 Jun 20 20:36
90 දශකයේදී සංගීත ක්ෂේත්‍රයට පිවිස ගීතලෝලීන්ගේ සිහින කුමාරයකු බවට පත් වු ප්‍රින්ස් උදය...
Views - 3804

Please publish modules in offcanvas position.