Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කේන්දරයට හොරෙන් සිකුරා අනූෂා සොයා එයි

Anusha“සතුටයි දුකයි“ විශේෂාංගයට අනුෂා දමයන්ති ගොඩවන්නේ අලුත්ම ආරංචියක්ද රැගෙනයි. “ආදරය” හින්දා ඇගේ ජීවිතයේ අත් විඳපු බොහෝ දුක් මුසු අවස්ථා ඇය මේ වන විටත් උත්සාහයෙන්ම ජය අරගෙන. එක් අවස්ථාවක ජීවිතයට එකතු වෙන්න ගිය කඳුළු බිඳුවක්, හෙට දවසේ සතුටු කඳුළක්ව බිමට ඇද හැලෙනු ඇති බවයි ඇය පවසන්නේ. අනුෂා කියන ඒ කතාව අද “සතුටයි දුකයි” විශේෂාංගය ඔස්සේ ඔබටත් දැන කියා ගන්නට පුළුවන්.

සතුට හා දුක කෙටියෙන් නිර්වචනය කරන්න කියලා  අපි ඔබට කියනවා. ඔබ කොහොමද අපේ අභියෝගය බාරගන්නේ?
“සතුට කියන්නේ හෘද සාක්ෂියට අනුව නිවැරදි දෙයක් කළ විට දැනෙන හැඟීම. අවංක සිතින් හොඳ දෙයක් කරලා නරක ප්‍රතිචාරයක් ලබන්න සිදුවුණාම දැනෙන හැඟීමට තමයි දුක කියලා කියන්නේ.

දශක එකහමාරක කලා දිවිය තුළ අනුෂා වඩාත්ම සතුටු වූ දවස මතකද?
ස්වර්ණවාහිනී නාලිකාව මෙහෙයවූ “ඩාන්සිං ස්ටාර්” තරගයේ කිරුළ දිනා ගත් දවස. ඒ අවස්ථාව උදා කරගත්තේ ගොඩක් බාධක මැද්දේ. ඒ හින්දා එදා සතුට වැඩියි.

කලා ජීවිතේ ඔබ අත් විඳි ලොකුම දුක මොකක්ද?
එක්තරා සම්මාන උළෙලක ජනප්‍රිය නිළිය සම්මානය මට හිමි වන බව දැනුම් දීමක් කළා. ඒ වසරේ මගේ චිත්‍රපට 7ක් තිරගත වුණා. ඒත් උළෙලට ගියාට පස්සේ සම්මානය හිමි වුණේ වෙනත් නිළියකටයි. ඒ වෙලාවේ ලොකු දුකක් ඇති වුණා.

පුද්ගලික ජීවිතේ අත් විඳි ලොකුම සතුට මතකද?
පහුගිය වෙසක් මාසේ බාප්පයි පුංචියි මරණයට නියම වුණ හරකෙක් නිදහස් කළා. මටත් ඒ වගේ පින් කටයුත්තකට දායක වෙන්න හිතුණා. මමත් අදාළ තැනට කතා කළා. ඒ වෙද්දී පැටියෙක් ලැබෙන්න ඉන්න එළදෙනක් මරණයට සූදානම් කරලා තිබුණා. ඉරිදා දවසේ තමයි ඒ එළදෙන මරන්න යොදාගෙන තිබුණේ. මම සෙනසුරාදා සල්ලි දීලා ඇයව නිදහස් කළා. පහුවදා පාන්දර එළදෙන පැටියව බිහි කළා. ජීවිත දෙකක් බේරා ගැනීමේ සතුට මම එදා අත් වින්දා. දැන් ඒ මවයි පැටවයි වෙනත් පවුලකට දීලා තියෙන්නේ. ඒ දෙදෙනා සතුටින් ජීවත් වෙනවා. ඒ දකින මොහොතක් ගානේ මම විඳින සතුට අප්‍රමාණයි.
 

පෞද්ගලික ජීවිතේ විඳි ලොකුම දුක මතක් කරන්න කැමතිද?
1999 දී මගේ සීයාගේ අභාවය සිදුවුණා. ඒ වියෝව තරම් දුකක් මගේ ජීවිතේ විඳලා නැහැ.

ආදරය ඔබට සතුටක්ද දුකක්ද?
හරියට තේරුම් ගත්තොත් ආදරය තරම් සුන්දර දෙයක් තවත් නැහැ. ඒ වගේම ආදරය තරම් ජීවිතයට සතුට රැගෙන එන දෙයකුත් ලෝකෙ තවත් නැහැ. ඒ වගේම තමයි නිවැරදිව වටහාගන්න බැරි වුණොත් ඒ ආදරය කඳුළක් විතරයි.

අනුෂා ආදරය හින්දා විඳි ලොකුම සතුට මොකක්ද?
දුරකථනයෙන් කතා බහ කරලා දැන හඳුනාගත් ඔහු පසුව හමුවීම, ඉන්පසු අපි පෙම්වතුන් වීම. ඒ සිද්ධි මාලාවම හරිම සුන්දරයි.

අනුෂා ආදරය හින්දා අත් විඳපු ලොකුම දුක සිහිපත් කළොත්?
අපි දෙන්නගේ කේන්දරවල ‍පොඩි ප්‍රශ්නයක් තිබුණා.  අම්මලා ඒ ගැන තදින් හිතුවා. ඒ වෙලාවේ ලොකු දුකක් ඇති වුණා. පසුව අපි දෙන්නාම එකතුවෙලා ඒ දුක ජයගත්තා.

ඒ ආදරයේ සතුට විවාහයෙන් මල්පල ගැනෙන දවස කවදාද?
ළඟදීම.

ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 1632

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 2736

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 1928

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1691

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 2180

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 3402

Please publish modules in offcanvas position.