Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දක්ෂිණ අධිවේගයේ ගැලනිගමින් හෙළිවන අතීත රහස්

‘ගැලනිගම’ යන නම මෑතක සිට අතිශය ප්‍රසිද්ධියට පත් ව ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ හුවමාරු ස්ථානයක් මුල් කර ගනිමිනි. එහෙත් ගැලනිගම මුල් කොටගත් විශිෂ්ට ඵෙතිහාසික සහ පුරා විද්‍යාත්මක උරුමයක් ඒ ආසන්නයේම ඇති බව ඔබ දන්නවාද?

දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගොස් ‘ගැලනිගම’ හුවමාරුවෙන් පිටතට පැමිණි විට අවතීර්ණ වන්නේ පානදුර - රත්නපුර මහාමාර්ග‍යටයි. එතැන සිට පානදුර නගරයට ඇත්තේ කිලෝමීටර් හතකි. එදවස ‘රයිගම’ පුරය වූයේ මෙම ‘ගැලනිගම’ මංසන්ධිය අවට ප්‍රදේශයයි. ‘නිකාය සංග්‍රහය’ට අනුව එය එදවස ‘රාජග්‍රාම’ (රජුගේ ගම) ලෙසද හැඳින්විණි. ගැලනිගම මංසන්ධියෙන් රත්නපුර දෙසට මඳක් ගොස් අතුරු මාර්ගයක් ඔස්සේ හැරුණුවිට පතහවත්තේ ‘පුෂ්කරාරාමය’ හමුවේ.

මෑතදී තැනූ මෙම ‘පුෂ්කරාරාම’ විහාර භූමියෙහි අද දවස ද ඉපැරණි රජ මාලිගාවක නටබුන් තිබේ. මෙම රජ මාලිගාවේ නටබුන් පිළිබඳව ඇති පුරාවිද්‍යා සටහනෙහි සඳහන් වන්නේ එය ‘රයිගම් බණ්ඩාර’ රජු වාසය කළ රජ මාලිගාව බවය.

වීදාගම රජමහා විහාරයේ ඉදිරිපිට ඇති වීදාගම මෛත්‍රී හිමියන්ගේ ප්‍රතිමාව

එසේ නමුත් ‘රයිගම’ පුරයෙහි මෙම ස්ථානයෙහි ප්‍රභූ රාජයන් රැසක් වාසය කළ බව අප්‍රකට කරුණකි. ‘රයිගම’ රාජධානිය කොට විසූ ප්‍රභූ රාජයන් අයිතිවන්නේ ‘අලගක්කෝනාර’ පරපුරටය. දැනට පතහවත්ත ‘පුෂ්කරාරාම’ භූමියේ ඉතිරිව ඇති රජ මාලිගාවේ ප්‍රාකාරය අඩි නවයක් පළලින් යුක්තය. එය අක්කර හතරක ඉඩමක් වටා විහිදී ඇත. මෙම ස්ථානයෙහි දැනටත් ඉපැරණි මුරගල්, කැසිකිලි ගල්, කළුගලෙන් තනන ලද වැහි පීළි සහ වෙනත් නටබුන් සමූහයක් දක්නට ඇත.

‘රයිගම’ නගරය වැදගත් වූයේ එම නගරය මගින් පාලනය කෙරුණු විදේශීය වෙළෙඳාම නිසාය. රජරට ශිෂ්ටාචාරය බිඳවැටීමත් සමඟ නිරිතදිගට සංක්‍රමණය වූ සිංහල ජන ප්‍රධානීන්ගේ ප්‍රධානතම ආදායම් මාර්ගය බවට පත්වූයේ විදේශ රටවල් සමඟ කරන ලද වෙළෙඳාම යි. ලංකාවෙන් අපනයනය කරන ලද ද්‍රව්‍යයන් අතර ප්‍රධාන ස්ථානයක් ගත්තේ මුතු, මැණික්, ඇත් දත්, කුළුබඩු ආදියයි. ‘රයිගම’ නගරය පිහිටා ඇති ස්ථානය හරහා විහිදෙන පානදුර - රත්නපුර මාර්ගය ඔස්සේ ‘රයිගම’ නගරය හරහා නිරිතදිග වෙරළෙහි තිබූ පානදුර, බේරුවල වැනි වරාය හා  ‘සබරගමුව’  සම්බන්ධ කෙරින. මෙම තොටුපොළවල් හා වරායයන් පාලනය කළ රජවරු එම හේතුව නිසා ද ධනවත් වූහ. ඔවුහු එම නගරයන් අවට වෙහෙර විහාරද කරවූහ.

වීදාගම ශ්‍රී ඝනානන්‍ද පිරිවෙනේ ඇති පැරණි සඳකඩපහණක්

‘රයිගම’ නගරය අසල තිබූ ප්‍රධානතම විහාරය ‘වීදාගම සිරි ඝනානන්‍ද පිරිවෙන’ ය. මෙම ‘වීදාගම ශ්‍රී ඝනානන්‍ද පිරිවෙන’ මූලික කොට වාසය කළේ වීදාගම සංඝ පරම්පරාව යි. වීදාගම සංඝ පරම්පරාවේ සුප්‍රසිද්ධම භික්ෂූන් වහන්සේ  ලෝවැඩ සඟරාව, බුදුගුණාලංකාරය රචනා කළ ‘වීදාගම මහා මෛත්‍රීය’ ස්වාමින් වහන්සේ ය. 

එසේ නමුත් කුරුණෑගල යුගයේ සිට පැවතෙන ඉතිහාසයක් ‘වීදාගම සිරි ඝනානන්‍ද පිරිවෙන’ ට ඇත. ක්‍රි.ව 1302 දී කුරුණෑගල රජ බවට පත්වූ ‘සතරවෙනි පරාක්‍රමබාහු’ රජු ‘රත්ගම්පුර’ (රයිගම) සමීපයෙහි ‘විද්දුම ගාම’ යේ (වීදාගම) ශ්‍රී ඝනානන්ද නමින් පිරිවෙනක් හා වෙහෙරක් කරවා, තම ආචාර්ය වූ සොලී රටින් වැඩි මහතෙරුන්ට පූජා කළ බව මහාවංශයෙහි සඳහන් වේ. අතීතයේ අප රටට එල්ල වූ සොලී ආක්‍රමණ සඳහා ඉතිහාසයේ ලැබී ඇති තැන මෙවන් ශාසනික සබඳතා වෙනුවෙන් ලැබී නොමැති වීම කණගාටු දායකය.

මෙම පිරිවෙනින් මහ නා හිමිවරුන් රැසක් බිහි වූ අතර, ක්‍රි.ව 1405 දී මෙහි ආධිපත්‍යය දරන්නට ඇත්තේ ‘මහා මෛත්‍රී හිමි’ ගේ ගුරුදේවයාණන් වූ ‘වීදාගම නා හිමි’ ය.

ඔබත් ඉතිහාසය පිළිබඳව උනන්දුවන්නෙකු නම් පානදුර - රත්නපුර මාර්ගය ට මුහුණලා ‘ගැලනිගම’ මන්සංදිය අසල දී මෙම ‘වීදාගම සිරි ඝනානන්‍ද පිරිවෙන’ නැරඹිය හැක. ‘රයිගම’ රජමාලිගාවේ සිට ‘වීදාගම’ පිරිවෙනට ඇත්තේ කිලෝමීටර් තුනක් පමණි. පෘතුගීසි පාලන යුගයේ දී ඔවුන් විසින් මෙම පිරිවෙන මුළුමනින්ම විනාශ කරන ලදී. නමුත් දැනට ඇති නව පිරිවෙන් භූමියෙහි  ඉපැරණි පිරිවෙනෙහි නටබුන් අදටත් දැකගත හැකි ය.

මෙම වීදාගම පිරිවෙන ‘රයිගම’ නගරයේ ප්‍රධානතම භික්ෂු මධ්‍යස්ථානයකි. රාජ්‍ය පාලනය හැසිරවීමට තරම් බලයක් මෙම පිරිවෙනට තිබෙන්නට ඇත. මේ අයුරින් ප්‍රතිරාජයකුත්, යුවරජකුත්,  බිහි කළ හා විශාල නිවෙස්, මංමාවත් සහ වෙහෙර විහාරවලින් පරිපූර්ණ වූ ‘රයිගම’ එදවස අංග සම්පූර්ණ නගරයක් විය.

එහෙත් අද වන විට ඒ පැරණි නගරය අභාවයට ගොසිනි. කෙසේ හෝ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන ඔබට ගැළණිගම පිවිසුමෙන් මඳක් ‘හිස පොවා’ බැලිය හැකි නම් තවමත් ශේෂ වී ඇති එම අතීත ශ්‍රී විභූතියේ නෂ්ඨාවශේෂ ඔබේ දෙනෙත් හමුවේ මැවී පෙනෙනු ඇත.




පුෂ්කරාරාම විහාර භූමියේ ඇති පැරණි රජමාලිගයේ නටබුන්



පැරණි මාලිගය වටා ඇති කොටු බැම්ම

 

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 1631

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 2736

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 1928

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1691

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 2180

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 3401

Please publish modules in offcanvas position.