Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දින5ක් ඉව කරමින් බිම හැරූ සුනඛයා නිරෝෂාගේ මිනිය සොයාදෙයි

දෙමාපිය ආශිර්වාදය ලබමින් අට වසරක් තිස්සේ ආදරයේ රුවන් සිහින ලොවක සිට විවාහයේ පියවි ලොවට පිවිසෙන්න ඇය මෙම වසරේ දින  වෙන් කර ගත්තාය. ඇගේ පියා තම පවු‍ලේ  එකම දියණියගේ ප්‍රාර්ථනා ඉටු කර දෙන්නට අවශ්‍ය සියලුම දෑ උපයා සපයා ඒ සුබ දිනය දෝතින් පිළිගන්නට ඇඟිලි ගනිමින් සිටියේය. තම දියණිය මනමාලියක් වී  තම සිත ද දිනාගත් මනාලයා සමග මංගල ‍පෝරුවෙන් බැස මංගල නැකතින් පිටත්වන අයුරු ඔහු නොසිතූ මොහොතක් නැති තරම් විය.  එහෙත් දුවගේත් තාත්තාගේත් සියලු බලා‍පොරොත්තු බෝගොඩකන්ද සුනු විසුණු කළේය. 
ඇලිමුල්‍ලේ වෙදරාලලාගේ නිරෝෂා ශ්‍යාමලී ගුණරත්න (22) හා තිලක් ගුණරත්න (46) යන දුවත් පියාත් දිවිගෙව්වේ  ඇහැලියගොඩ ගැට හැත්තේ ඉළුප්පිටිය බෝගොඩකන්දේය.
දිනය ඉකුත් විසිපස් වැනිදාය. එදින උදේ සිට 26 දා පහන්වනතුරු මුරුගසන් වර්ෂාවක් නොකඩවා ඇද හැලෙන්නට විය. බෝගොඩකන්දේ ජනතාව වැස්සට විශේෂිත බියක් නොදැක්වූයේ එම ප්‍රදේශයට මෙයට පෙර නායයාමේ අනතුරු හඟවා නොතිබිම නිසාය.
මොහොට්ටාලගේ විසල් චතුරංග සමග නිරෝෂා ශ්‍යාමලී වසර අටක් තිස්සේ ආදරයක් පැවැති බව ගමේ නොදන්නා කෙනකු නොවීය.  නිරෝෂාගේත් චතුරංගගේත් නිවෙස් අතර පරතරය මීටර් 300ක් පමණ විය.
ඔවුන් දෙදෙනාගේ ආදර  කිඳුරු කොදෙව්වේ ඔටුනු පැළඳවීමේ දිනය මෙම වසරේ දිනයකට යොදා ගන්නට දෙමාපියන් සමග සාකච්ඡා කොට තිබුණි. දෙමාපිය පූර්ණ ආශිර්වාදය දෙදෙනාටම නොඅඩුව ලැබිණ.
මැයි 25 දින සවස චතුරංග, නිරෝෂාගේ ගෙදරට ගිය විට අධික වර්ෂාව නිසාම එහි නවතින්නැයි දෙමාපියෝ දැන්වූහ. පසුදා උදේ චතුරංග තම නිවසට එන්නට පිටත්වන විට නිරෝෂාද ඔහු පසු පස ආවාය.
“අයියේ මාත් එනවා” ඇය චතුරංග පස්සෙන් ආවාය. දෙදෙනාට චතුරංගගේ නිවසට ගොස් අවට බලද්දී ගේ ළඟ පුංචි දොළ පාර මඩ දිය මුසු කොට ඉතා වේගයෙන් දෙගොඩ තලා ගලා යනු දුටුවේය. එහි ඇත්තේ බිහිසුණු ශබ්ද රටාවකි. නිරෝෂා නිවස පිටුපස තේ ගස් අතරින් එහාට ගියාය. ඇයට අඩි 15ක් පමණ දුරින් චතුරංග සිටියේය.
නිරෝෂා එක්වරම මහ හයියෙන් “අයියේ ඔය පැත්තට දුවන්න දුවන්න.” කියා කෑ ගැසුවාය. චතුරංග තිගැස්සී පහළට  දුව ගියේය. තමාට දුවන්නට කීවේ කුමක් නිසාදැයි ඔහු නොදන්නේය. ඒ සමගම ගස්, ගල් පස් සහිත කන්ද පහළට ඇදී එන බව චතුරංග දුටුවේය. නිරෝෂා එහා පැත්තට දුවන්නට ඇති බව ඔහු සිතුවේය. ටික වේලාවකින් අවට පිරිස්ද එක් වූහ. චතුරංග මහත් කම්පනයට පත්ව අසිහියෙන් මෙන් නායගිය තැනට පැමිණ නිරෝෂා ගැන විමසන්නට විය. ඇය සිටි තැන මහා පස් කන්දකි. බොර පාට ජලකඳ අලුතින් දොළ මාර්ග තනා ගනිමින් පහළට ගලා ගියාය.
නිරෝෂා නායට යට වී ඇති බව චතුරංගට සිතුණි. නිරෝෂාගේ දෙමාපියන් ඇතුළු පිරිස ඇය සොයන්නට විය. නිරෝෂාගේ පියා මෙම සිදුවීමෙන් බලවත් කම්පනයට පත්විය. ඔහු දුවගේ මංගල උත්සවය ගැන මැවූ සිහින බොඳ වීම  හේතුවෙන් සිහි විකල් වූවෙකු සේ ඒ මේ අත ගියේය.  දියවැඩියාව, අධික රුධිර පීඩන හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි පියා 28 දින අසනීප විය. 29 දින ඔහු අවිස්සාවේල්ල මූලික රෝහ‍ලේ නතර කළේය. රෝග උත්සන්න වී  30 දින හදිසියේ ඔහු මිය ගියේය. ඔහුගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව තීරණය විය.
මේ අතර, නිරෝෂා සෙවීම දිගටම සිදුවිය. ඇහැලියගොඩ ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේ 31 දින උදේ පැවැති රැස්වීමකදී අතුරුදන්  වූවන් සෙවීම 31 දිනෙන් අවසන් කරන බවට තීරණය කළේය.
බෝගොඩකන්ද නාය ගිය ස්ථානය මිනිස් ශ්‍රමයෙන් හා බැකෝ යොදා නිරෝෂා සොයන විට ගමේ අසල්වැසි සුනඛයෙකු 30 දිනයේ එක් ස්ථානයක්  ඉව අල්ලමින් සිටියේය. 31 දිනයේද මෙම සුනඛයා පෙර ස්ථානයම ඉව අල්ලමින් සිටියත් ඒ ගැන කිසිවෙකුගේ අවධානය යොමු නොවීය. මේ අතර මියගිය තිලක් ගුණරත්නයේ අවසාන කටයුතු ජුනි 01 දින සිදු කිරීමට තීරණය වී තිබිණ. 
එදා මැයි 31 දාය. වේලාව ප.ව. 5.30 ට පමණ ඇත. නිරෝෂාගේ සිරුර සෙවීමේ අවසාන දින අවසන් වේලාව ලංව තිබිණ. බැකෝ යන්ත්‍රය නාය ගිය පස් ගොඩ ඉවත් කිරීම නතර කරන්නට සූදානම් විය. සුනඛයාද උගේ උත්සහය අත හැරියේ නැත. මුලින් ඉව ඇල්ලූ ස්ථානය තවදුරටත් ඉවකළ සුනඛයා මුලින්ම ඉදිරි පාදෙනුත් බිම හාරා පසුව පාද හතරෙන්ම එම ස්ථානය හාරන්නට විය.
එහි රැස්ව සිටි කීප දෙනකු දින ගණනක් තිස්සේ දුටු මෙම සුනඛයාගේ හැසිරීම වඩාත් උවමනාවෙන් බලන්නට විය. නිරෝෂා ජීවත්ව සිටියදී ඇගේ කරුණාව , දයාව හිමිකර ගනිමින් හැසිරුන මෙම සුනඛයාගේ සුවිශේෂ ක්‍රියාවලිය පිළිබඳව කාගේත් අවධානය යොමු විය.
මෙයා දවස් ගාණක ඉඳලා මෙතන ඉව කරනවා. හාරනවා. දැන් වැඩේ අවසාන කරන්න හදන නිසා තවත් රෑ බෝ වෙන්න කලින් එයා කියන තැනත් හාරල බලමුකො. රැස්ව සිටි අය අතුරෙන් මතුවුණ යෝජනාව වහාම ක්‍රියාත්මක  විය.
උදැල්ලකින් එම ස්ථානය සෙමින් සෙමින් පාදන්නට පටන් ගත් විට අඩි එක හමාරක් පමණ යටින් ඇගේ සිරුරේ කොටසක් මතු විය. සුනඛයාගේ මග පෙන්වීම නිවැරදි බව කාටත් වැටහින. නිරෝෂා දින 06ක් තිස්සේ තනිව පස් යට අවසන් ගමන් ගොස් සිටියාය.
නිරෝෂා දුවණිය පිළිබඳව  දහසක් බලා‍පොරොත්තු තබාගෙන ඒවා සුන්ව යාමෙන් සිත් තැවුලට පත්ව මියගිය පියා ජුනි 01 දින අවසන් ගමන යාමට සූදානමින් සිටියේය. ජීවත්ව සිටියදී පියාගේ තනි නොතනියට සිටි නිරෝෂා දියණිය පියා මිය ගියද, ඔහුගේ තනිය මකා දමා අවසන් ගමන පියා සමගම යාමට එක් වූවාය. වරක් තනිව මිහිදන් වූ නිරෝෂා දවෛනි වරටත් තම පියා සමගම එහා ලොවට යාමට තීරණය කරන්න ඇත්තේ, හදවතින්ම මතු වූ දරු සෙනෙහස ලොවට කියා පෑ උතුම්  පියෙකු මෙලොවදී මෙන්ම සසර සැරි සරණ තුරු තනි කරන්නට බැරි නිසාම විය හැකිය.
චතුරංග - නිරෝෂාගේ අට වසරක ආදර කතාව බෝගොඩකන්දේ නායට යටකොට ඇය ඔහු අතහැර ගියත්, සැබෑ දරු සෙනෙහස හදවතේ දරාගත් උදාර පියෙකු පිළිබඳ බෝගොඩකන්දේ ලියවුණ මතක සටහන් කිසිදිනකදී නායයාමකට හසු නොවනු ඇත. ඉපදීම, පැවැතීම, නැතිවීම උරුම වූ ජීවිත කුමන අයුරකින් අහිමි වුවත්, බෝගොඩකන්දේ පියා සහ දියණිය ජීවත්ව සිටින මිනිසුන්ට කියා දී ඇති පිය දරු සෙනෙහසේ පාඩම අමතක කිරීම අසීරු වනු ඇත.
 
ආර්. ගුණසේකර 
 
ඡායා:- හරිස් කිරිඇල්ල{jcomments on}
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2466

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2405

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3913

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4449

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5280

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3132

Please publish modules in offcanvas position.

X

Right Click

No right click