lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

අහුපිනිඇල්ලේ අත්භූත කාන්තාව අභිරහසක් හෙළිකරන්නියක්ද?

මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට, උඩුවැල්ල  ග්‍රාම නිලධාරී වසමට අයත් අහුපිනිඇල්ල ඉහළ කොටසේ සැරිසරන බවට ඇතැමුන් පවසන අද්භූත කාන්තා රූපය මීට කලකට ඉහත කිසියම් කාන්තාවකට සිදුවූ අභිරහස් මරණයක් පිළිබඳව සංකේතාත්මක ඉඟියක් විය හැකි යැයි  පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය දයා අමරසේකර කියයි.

ඒ සම්බන්ධයෙන් ලක්බිම ඔන්ලයින් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මහාචාර්යවරයා මෙසේ කීය.

“හොල්මන් අවතාර කියන දේවල් මිනිසුන් තුළ ඇති වෙන මානසික බලපෑම් මත මැවී පෙනෙන ඒවා පමණක් බවයි මුලු ලෝකයම පිළිගත්තු පොදු මතය; යම් යම් අවස්ථාවල මිනිසුන් තුළ හටගන්නා හුදකලා මානසිකත්වයන්, මානසික අර්බුද වගේම මානසික රෝග නිසාත් මේ වගේ අද්භූත දර්ශන හෙවත් මනෝභ්‍රාන්ති මැවී පෙනෙන්න පුලුවන්; ඒ වගේම මොළයේ රසායනික ව්‍යුහයට බලපෑම් සිදුවෙන කායික රෝග නිසාත් මත්පැන්, මත්ද්‍රව්‍ය ආදියෙන් මොළයට සිදුවන බලපෑම් නිසාත් මේ වගේ මායාත්මක දේවල් දර්ශනය වෙන්න පුලුවන්. ලෝකය පුරාම අර වගේ පොදුමතයක් පැතිර යාමට හේතුව ඒකයි.

 නමුත් පාරමනෝ විද්‍යාව (parapsychology) ,පාරභෞතික විද්‍යාව (metaphysics), අධ්‍යාත්මවේදය (psychism) වගේ විෂය පථයන් සම්බන්ධයෙන් පර්යේෂණ කරන ලොව පුරා විද්වතුන් මේ වගේ අද්භූත සංසිද්ධීන් අතරින් ඉතා සුළු සංඛ්‍යාවක මෙතෙක් විද්‍යාත්මකව අනාවරණය නොවූ අධි යථාර්තයක් (Paranormality) ඇති බව ප‍ර්යේෂණ මගින් තහවුරු කරගෙන තිබෙනවා.

දැන් ඔය අහුපිනිඇල්ල දී ශීෂ්‍යාව මුහුණදීපු අත්දැකීමේ වුණත් ඒ වගේ විශේෂත්වයක් තියනවා. මොකද? ඒ අහුපිනිඇල්ල ආශ්‍රිතව ඒ වගේ අද්භූත කාන්තා රූපයක් දකින්න ලැබෙන බවට ඒ ශිෂ්‍යාවට ඊට කලින් මොනම විදිහකින්වත් සංනිවේදනය වෙලා තිබුණේ නැහැ. එහෙම තිබුණා නම් අපට අනුමාන කරන්න පුලුවන් ඒ ඔස්සේ ඇතිවුණු මානසික නතුවීම ඔස්සේ ඇය හමුවේ ඒ වගේ මායාත්මක දර්ශනයක් හෙවත් මනෝභ්‍රාන්තියක්  ඇතිවූ බව.

ලෝකය පුරා ‍ගොඩනැගී ඇති සෑම අද්භූත කතාවකම කිසියම් ආකෘතියක් දකින්න පුළුවන්. ලොවට රහසින් ඛේදනීය ලෙස ඝාතනය වූ පුද්ගලයකු පසුව කිනම් හෝ අයුරකින් ජීවත් වන්නවුන් හමුවේ පෙනී සිට තමන්ට සිදුවූ ඒ‍ ඛේදවාචකය හෙළි කළ සිදුවීම් ඒ කතා ආකෘතීන් අතර ප්‍රධාන තැනක් ගන්නවා. බැලූ බැල්මටම කල්පිත ප්‍රබන්ධ ලෙස පෙනෙන මේ කතා ආකෘතිය තුළ මෙතෙක් විද්‍යාවට නතු නොවූ අධියථාර්ථයක් ඇති බව පිළිගැනීමට ප්‍රමාණවත් සාධක ලෙස වරින් වර මතු වෙනවා. එවැනි සත්‍ය සිදුවීම් දහස් ගණනක් මේ වනවිට මානව ඉතිහාසයට එක්ව තිබෙනවා. ලෝකයේ එදා මෙදා තුර ජීවත් වූ ප්‍රමුඛ පෙළේ රහස් පරීක්ෂකයන්ගේ අපරාධ නිරීක්ෂණ වලට පවා මෙවන් ගුප්ත බලවේග වලින් සහය ලැබුණු අවස්ථා ඉඳහිට අසන්නට ලැබෙනවා.

අප ජීවත්වන ලෝකයේ අපගේ පංචේන්ද්‍රියන්ට සහ නවීන විද්‍යාවට නතු නොවූ ශක්ති ප්‍රභවයන් කොතෙකුත් තිබෙන්න පුලුවන්. නමුත් අදටත් විද්‍යාත්මක අර්ථ කථන ලැබී නැති නිසා මේවා අපට තවමත්  හඳුනාගත හැක්කේ ‘අද්භූත’ ලේබලය යටතේ පමණයි. නමුත් එක් දහස් නවසිය හැත්තෑවේ දශකය පමණ වන තුරු මෙවන් අධිභෞතික ශක්ති විශේෂ පිළිබඳව රුසියාව ආදී රටවල දීර්ඝ වශයෙන් පර්යේෂණ සිදු වුණා. නමුත් නවීන විද්‍යා තාක්ෂණික පදනමකින් තොර ඒ පර්යේෂණ වෙනත් විෂය පථයක් වශයෙන්  සංවර්ධන වී තවමත් ලෝකයා හමුවට පැමිණ නැහැ.

අදටත් ලෝකය පුරා ප්‍රචලිත සුදු නෝනා (White lady) එසේ පුරුෂ පාර්ශවය නිසා අභිරහස් මරණයකට ලක් වූ ස්ත්‍රී පාර්ශවය නියෝජනය කරවන්නක් ලෙස සමාජ විද්‍යාඥයන් හඳුනා ගෙන තිබෙනවා. නමුත් එසේ සුදු පැහැති කාන්තා රූපයක් දක්නට ලැබීම බොහෝ විට ඒවා දකින්නවුන්ගේ ගේ මානසිකත්වය මත පදනම් වන නිසා හුදෙක් එසේ දර්ශනය වන ‘සුදු නෝනා’ මිනිසුන් ගේ නෙත හමුවේ මැවෙන මනෝ භ්‍රාන්තියක් ලෙස සමාජ සම්මත වී තිබෙනවා. රාත්‍රී කාලයට මහ මඟ දී මිනිසුන්ට හමුවන බව පැවසෙන මෝහිනී‍ගේ අවතාරයත්‍ බොහෝ විට බටහිරින් අප හඳුනාගත් මේ සුදු නෝනාට අතිශයින් සමීපයි.

ඒ කෙසේ හෝ අනුපිනිඇල්ල ඉහළ කොටසේ වරින් වර දකින්නට ලැබෙන අද්භූත කාන්තාව එය දකින්නවුන් මුහුණ දෙන මනෝ භ්‍රාන්තිමය අත්දැකීමක් සේම මීට කලකට ඉහත සත්‍ය ලෙසම කිසියම් අබිරහස් ලෙසකින් මිය ගිය කාන්තාවකගේ ජීවය ඇසුරින් මේ විශ්වයට එක් වූ මෙතෙක් විද්‍යාත්මකව හඳනා නොගත් කිසියම් අධි භෞතික ශක්ති පදාර්ථයක ක්‍රියාකාරීත්වයක් ද යන්න විමර්ශනය කළයුතුයි.

එමෙන්ම ඒ අනුව එම ශක්ති පදාර්ථය මගින් ලබා දෙන ඉඟි නිවැරදිව වටහා ගෙන ඒවා නිශ්චිත ක්‍රමෝපායන් අනුව විශ්ලේෂණය කළහොත් මෙතෙක් සමාජය හමුවේ අනාවරණය නොවූ තවත් එක් කාන්තාවක් පිළිබඳ ඛේදනීය අබිරහසක සුලමුල සොයා ගැනීමේ හැකියාව ශූන්‍ය නොවන බව අවසන් වශයෙන් කිව යුතුයි.

දමයන්ති ගමගේ

පලමු කොටස -  අහුපිනිඇල්ල ඉහළ කොටසේ සැරිසරන අද්භූත රූමතිය කවුද?

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 
IMAGE

අන්තර් ජාලයේ උයන පිහන මස්තානම්මා

IMAGE 2017 Jun 28 08:49
අන්තර්ජාලය හරහා වැඩි ආකර්ෂණයක් ඇත්තේ තරුණ පිරිස්වලට යැයි බොහෝ විට අපට සිතේ. එහෙත් ඒ සිතුවිල්ල...
Views - 39

'මළගමකට' වෙන් කළ මුදලත් පැහැරගෙන ගිහින් !

IMAGE 2017 Jun 27 20:45
ජීවත් වන්නවුන් වෙනුවෙන් වියදම් කිරීමට ඇති මුදල් ගසා කන්නවුන් පිළිබඳ තොරතුරු අපට නොයෙක් විට...
Views - 205

බුද්ධි-බූඩි අළුත් වැඩක

IMAGE 2017 Jun 26 13:47
ශ්‍රී ලාංකිය සිනමාව නව මගකට යොමුකළ බුද්ධි කිර්තිසේන හා බූඩි කිර්තිසේන පිය පුතු දෙපළ සිනමා...
Views - 1152

ලංකාවේ අවංකම බස් කොන්දොස්තර කුරුණෑගලින්?

IMAGE 2017 Jun 26 10:49
කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට බස් නැවතුම නිතර ජනයාගේන් පිරී පවතින්නකි. විශේෂයෙන් රෝහලේ රෝගීන්...
Views - 2506

සෙල්ෆි ගැසීම මානසික රෝගයක් නොවේ

IMAGE 2017 Jun 26 09:57
තමාගේම ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙන් ගැනීම හෙවත් සෙල්ෆි ගැනීමට ගිය කීපදෙනෙකු අවාසනාවන්ත ලෙස...
Views - 964

නතාෂා රට හැර යාමට සැරසෙයි

IMAGE 2017 Jun 25 19:41
නතාෂා පෙරේරා ගැන අමුතුවෙන් හැඳින්වීම් මොකටද? ඇය රටේම ආදරය දිනා ගත්තේ පුංචිම පුංචි...
Views - 3129

Please publish modules in offcanvas position.