Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නවදිල්ලි සමූහ ස්ත‍්‍රී දූෂකයන් නියත ලෙසම පෝරකයට

මෑත ඉතිහාසයේ සමස්ත ඉන්දියාවම ප‍්‍රකම්පනයට පත් කළ 23 හැවිරිදි භෞතචිකිත්සක සිසුවියක සමූහ දූෂණයට ලක් කිරීමේ අපරාධයට සම්බන්ධ වරදකරුවන් වූ සිව් දෙනාට ස්ථිරවම මරණ දඩුවම හිමි විය යුතු බව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කොට ඇත. ඒ විත්තිකරුවන්ගේ පාර්ශවය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කොට ඇති අභියාචනය ප‍්‍රතික්ෂේප කරමිනි.

සිසුවියගේ දෙමාපියෝ

2012 වසරේ දෙසැම්බර් 16 වන දින තම මිතුරෙකු ද සමඟ යමින් සිිටි භෞත චිකිත්සක ශිෂ්‍යාවක බස් රථයක් තුළ දී සමූහ දූෂණයට ලක් වූ අතර ඇගේ මිතුරා දරුණු පහර කෑමකට ලක් විය. අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ සිසුවිය රෝහල් ගත කොට පසුව සිංගප්පූරූවේ Mount Elizabeth රෝහල වෙත මාරුකරනු ලදුව දෙසැම්බර් 29 වන දින මිය ගියාය. පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූයේ එම සමූහ දූෂණයේ දී ඇගේ් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට සිදු වූ බරපතල හානි මෙම මරණයට හේතු වූ බවයි.


මේ සිද්ධියත් සමඟ මුළු මහත් ඉන්දියානු සමාජයම කැළඹීමකට පත් වූ අතර සාමාන්‍ය ජනතාව පවා වීදි බැස උද්ඝෝෂණය කරන්නට වූහ. අපරාධකරුවන්ට දඩුවම් ලබා දීමට පසුබට වීම මුල්කොට ගෙන ඉන්දියානු අපරාධ නීති සංග‍්‍රහයට පවා දැඩි විවේචන එල්ල විය.මෙම ජන අරගල මර්දනය කිරීම පිණිස මහත් උත්සාහයක් දැරීමට ඉන්දීය පොලීසියට සිදුවිය.

කෙසේ හෝ මෙම දූෂණය සිදු වූ දිනට පසුදින රාම් සිං නමැති එම බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගැනිණ. ඉන්පසු ඔහුගේ ප‍්‍රකාශය මත එම සමූහ දූෂණයට සම්බන්ධ වූ ඔහුගේ මිතුරන් පස් දෙනා ද අත්අඩංගුවට ගන්නා ලදී. මේ අතර 2013 මාර්තු 11 වන දා එම රාම් සිං නමැත්තා බන්ධනාගාර මැදිරියක් තුළ දී ඇඳ ඇතිරිල්ලකින් ගෙල වැළ ලාගෙන දිවි නසාගත් බව පොලිසිය ප‍්‍රකාශ කළ ද ඇතැමුන් පවසන්නේ ඔහු සෙසු බන්ධනාගාර රැදවියන් අතින් ඝාතනයට ලක් වූ බව ය.

ඉන්පසු එම වසරේ අගෝස්තු 31 වන දින එක් සැකකරුවකු පුනරුත්ථාපන භාරයට පත් කෙරුණු අතර එමඟින් ද ඉන්දියානු සමාජය යළි මහත් කැළඹීමකට පත් වනුයේ මෙවැනි අපරාධකරුවන් එල්ලා මරනු මිස පුනරුත්ථාපනය කිරීමෙන් පළක් නොවන බව පවසමිනි. නමුත් එම සැකකරු ඒ වනවිට 17 හැවිරිදි වියේ පසුවූ බැවින් සාමාන්‍ය අපරාධ නීතිය යටතේ ඔහුට දඩුවම් ලබා දිය නොහැකි බව ඉන්දියානු අධිකරණය විසින් ප‍්‍රකාශ කරන ලදී. ඉන්පසු 2013 වසරේ සැප්තැම්බර් 13 වන දා විශේෂ අධිකරණයක් මඟින් සෙසු වරදකරුවන් සිව් දෙනාට මරණ දඩුවම නියම කෙරුණු අතර 2014 මාර්තු 13 වන දා දිල්ලි මහාධිකරණය විසින් එම දඩුවම සනාථ කරන ලදී. එහෙත් එම තීන්දුවට එරෙහිව විත්තිකරුවන් විසින් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කොට තිබූ බැවින් එම මරණ දඩුවම තාවකාලිකව අත්හිටුවා තිබුණි.

නමුදු එම අභියාචනය ප‍්‍රතික්ෂේප කරමින් එම මරණ දඩුවම තහවුරු කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආර්. භානුමතී මහත්මිය කියා සිටියේ මෙය කෲරතර අපරාධයක් බැවින් මොවුන් සිව් දෙනාට නියත ලෙසම මරණ දඩුවම හිමි විය යුතු බව ය. කෙසේ හෝ මෙම තරුණියට සිදු වූ අපරාධය මුල්කොට ඉන්දියානු මාධ්‍ය අතිශයින් විනයවත් සහ සදාචාරාත්මක ලෙස කටයුතු කළ අතර එම තරුණිය ඇගේ නියම නමින් හඳුන්වා නොදීමටත් ඡායාරූප මඟින් ඇය සමාජයට හඳුන්වා නොදීමටත් තරම් මානුෂික විය.

එසේම ඇගේ පෞද්ගලික වගතුග ආදී කිසිවක් මුලින් අනාවරණය නොකළ ඉන්දියානු මාධ්‍ය පසුව ඒවා අනාවරණය කරන ලද්දේ ඉන් ඇගේ නාමයට සහ ඇගේ පවුලේ ඥාතීන්ගේ ආත්ම ගෞරවයටත් සමස්ත සමාජයටත් ඇතිවන බලපෑම පිළිබඳ නිසි විමසුවකින් පසුව ය.මේ අනුව අප රටේ තත්වය පිළිබඳව අපි යළි යළිත් සිතාබැලිය යුතුය.

ඒ කෙසේ හෝ ඇයට සිදු වූ අපරාධය මුල්කොට ස්ත‍්‍රියට එරෙහි ලිංගික ප‍්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා ගාමක බලවේගයක් පැන නැගුණු අතර පසුව ඇය ලොව පුරා ප‍්‍රසිද්ධ වී ඇත්තේ ‘‘නිර්භයා’’ යන ආරූඪ නමකිනි. පසුව ඇයට සිදු වූ මෙම අපරාධය මුල්කොට බී.බී.සී. ආයතනය මඟින් නිර්භයා ඉන්දියාවේ දියණිය - Nirbhaya India's Daughter යනුවෙන් වාර්තා චිත‍්‍රපටයක් ද නිපදවා ඇත.

කෙසේ හෝ ඉන්දියානු තරුණියකට සිදු වූ මේ කෲරතර අපරාධය අප රටේ කොටකෙතන ස්ත‍්‍රී සමූහ ඝාතනය මෙන් තවත් ඛේදවාචකයක් පමණක් වීමට ඉඩ නොදී සමස්ත ඉන්දියානු ජනතාව සහ සමස්ත ස්ත‍්‍රී පරපුරේ යහ පැවැත්ම වෙනුවෙන් යම් ප‍්‍රබල පියවරක් ගැනීමට හැකිවීම මඳ හෝ සැනසුමට කරුණකැයි සමාජ විශ්ලේෂකයෝ කියති. එමෙන්ම මෙම අපරාධකරුවන් සිව්දෙනා පෝරකයට යැවීමත් සමඟම ඉන්දියානු ස්ත‍්‍රීත්වයට එරෙහිව එල්ල වන ප‍්‍රචණ්ඩත්වය අංශු මාත‍්‍රිකව හෝ අවම වනු ඇතැයි විශ්වාස කරයි.



දමයන්ති ගමගේ

fShare
11
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1482

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1758

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3019

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1607

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1933

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3504

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click