lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

විභාග ෆේල්වූවන්ට පමණක් උගන්වන ටියුෂන් මාස්ටර්

මේ දවස්වල හන්දියක් හන්දියක් ගානේ තාප්ප, ලයිට් කණු පිරී ඇත්තේ උසස් පෙළ ටියුෂන් ගුරුවරුන්ගේ ‍පෝස්ටර්වලිනි. ටෙලිවිෂන් ද, රේඩියෝවලින්ද ඇසෙන්නේ ටියුෂන් ගුරුන් අලුතෙන් පටන් ගත් උසස් පෙළ පන්ති ගැනය. ඔවුන්ගේ දැන්වීම්වලට අනුව නම් උසස් පෙළෙන් ලංකාවෙන්ම පළමු වැනියා, දෙවැනි පමණක් නොව තුන්වැනියාද බිහිකර ඇත්තේ ඔවුන්ගේ පන්තිවලිනි.
එහෙත් මහරගම නිලන්ත හෙට්ටිආරච්චි සර්ගේ ඒලෙවල් ටියුෂන් පන්තියට ළමුන් බඳවා ගැනීමට ඔහුගේ තේමාව ලංකාවෙන්ම පළමු වැනියා බිහිකළ වැනි කතා නොවේ. නිලන්ත සර්ගේ ටියුෂන් පන්තියට සහභාගි විය හැක්කේ ඒලෙවල් ඇනගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණි.
මගේ පන්තියට එන්න පුළුවන් ඒලෙවල් ෆේල් ළමුන්ට පමණයි. මේ නිසා මුල් සැරේ ඒලෙවල් කරන ළමුන්ට මගේ පන්තියට එන්න බෑ. මේ හරි අපූරු ටියුෂන් පන්තිය ගැන ඔහු එසේ කියන්නේය.
නිලන්ත හෙට්ටිආරච්චිගේ ඒලෙවල් පන්තිය සේම ඔහුගේ ජීවිත කතාවද හරිම පුදුමය.
මගේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඩී පහයි. සී හතරයි. මම ඉතාම හොඳින් විභාගය සමත් වුණා. අපේ රටේ දෙමාපියන්ගේ සිරිතක් තමයි තම දරුවා උසස් පෙළ විභාගයට ඉදිරිපත් වුණාම එයින් සමත්වී ඉංජිනේරුවෙක් හරි වෛද්‍යවරයෙක් හරි වෙනකන් හිතේ හීන රාශියක් මවාගෙන ඉන්න එක. ඒ දෙමාපියන් වගේම අපේ අම්මයි තාත්තයි මා ගැන හීන මවාගෙන හිටියා ඉංජිනේරුවෙක් වෙන්න වරම් ලැබේවි යැයි හිතාගෙන. නමුත් ඒලෙවල් විභාගයේ ප්‍රතිඵල ආව දවසේ එය දුටුවාම තමයි මට තරු පෙනුණේ. මට හිතුණා මගේ ජීවිතය කඩා වැටී පසුබෑමකට ලක්වුණා කියලා. මොකද මගේ ඒලෙවල් ප්‍රතිඵලය වුණේ එෆ් තුනක්.
ගෙදර අයට වගේම ගමේ අයටත් මූණදෙන්න බැරි තරම් ලැජ්ජාවට පත්වුණා. මට මගේ ගමේ ඉන්න බැරිතරම් මානසික පීඩනයක් ඇතිවුණා. ඔන්න ඔය අතරවාරයේදී ඕලෙවල් පාස් සහතිකේ අරගෙන මම කොළඹ ආවා සිකියුරිටි ජොබ් එකක්වත් කරනවා කියලා හිතාගෙන. එස්.ඕ. කෙනෙක් හැටියට මම කොළඹ කිහිප තැනකම සිකියුරිටි රස්සාව කළා. අට පාස් සිකියුරිටි ඕවයිසලාගෙන් බැණුම් ඇහුවා නින්දා අපහාස වින්දා මදි නොකියන්න. මහරගම සිරිවජිරඤාණ පන්ස‍ලේ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සළුසල, විසාකා මහල්ස් වැනි ආයතනවල වාහන පාර්කින් කරන ඩියුටියත් කළා. මේ සැප වාහනවල එන අයත් අහස් ගව්වේ ගෑවෙන කොළඹ උස ගොඩනැගිලි තුළ ඒසී කාමරවල පුටු රත් කරන අය දිහා දැක්කම මටත් මගේ හීන ලෝකයට යන්න සිදුවුණ අවස්ථා බොහොමයි. විටක මම හිතුවා ‍පොලීසියට එස්.අයි. කෙනෙක් හැටියටවත් බැඳෙන්න, ඒත් උසස් පෙළට එස් තුනක්වත් නැතිව ඒ රස්සාවට ගන්නේ නැති හින්දා මම දිගින් දිගටම කල්පනා කළා ආයෙමත් ඒලෙවල් කරලා එස් තුනක්වත් අරගෙන ගොඩ යනවා කියලා. මම හිතා ගත්තා උසස් පෙළ කලා විෂය ධාරාවෙන් කරන්න ඔහු උසස් පෙළට පාඩම් කිරීමට වේලාව සොයා ගත්තේ රාත්‍රී රාජකාරි කරන අතරතුරේදීය.
ඒ මහන්සියෙ ප්‍රතිඵලය මට භුක්ති විඳින්න හැකි වුණේ ඒ තුනක විශිෂ්ට ප්‍රතිඵලයක් සමගයි. එපමණක් නොවෙයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන්ම පළමු වැනියා වීමටත් මට හැකිවුණා. ලංකාවේම අපේක්ෂකයින් ලක්ෂ දෙකකින් මා 200 වැනියා වුණා. කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ විශේෂ උපාධියක් හැදෑරීමට අවස්ථාව මට උදාවුණා. මට නීති පීඨයට යන්න බැරිවූ නිසා විවෘත විශ්ව විද්‍යාලයේ එල්.එල්.බි. උපාධිය හැදෑරුවා.
මෙවැනි දේවල් කරමින් සිටින අතරතුර මට හිතුණ ලොකුම දේ තමයි මම වගේම ඕලෙවල් සමත්වෙලා ඒලවෛල් අසමත්ව ප්‍රශ්නවලින් දුක්විඳින ළමයින්ට ඒලෙවල් සමත්වෙන්න උපකාරයක් කරන්න ඕන කියන එක හා මම උසස් පෙළ සමත්වූ ආකාරයටම ඔවුන්ටත් සමත්වීමට හැකියාව ඇති බව පෙන්වාදීම තමයි මට කරන්න ඕන වුණේ.
ටියුෂන් පන්තිය ඇරඹීමට සිත් පහළ වූ හැටි ඔහු විස්තර කළේය. මම උපාධිය හදාරමින් සිටියදී නවාතැන්ගෙන සිටි නිවසට යාබද නිවසේ උසස් පෙළ විද්‍යා විෂය ධාරාවෙන් ඉදිරිපත්ව අසමත්වූ මල්ලි කෙනෙක් හිටියා. මම මගේ ළඟ තිබුණු ‍පොත්වලින් ‍පොඩි පන්තියක් කරලා ඔහුව විභාගයට ඉදිරිපත් කළා. ඒ අනුව ඔහු ඒ එකයි, බි දෙකයි ලෙස ඉතා විශිෂ්ට අන්දමින් කලා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත්වුණා. ඉන් පස්සේ ගණිත හා විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ අසමත් වන අයට කලා විෂය ධාරාවෙන් මග පෙන්වන්න ටියුෂන් දෙන්න පන්ති කරන්න මම පටන් ගත්තා. මම හදාරා නැති විෂයන් උගන්වන්න විශ්ව විද්‍යාල මිතුරියක වූ චතුරිකාවත් මගේ ටියුෂන් පන්තියට හවුල්කර ගත්තා. 2006 වසරේදී අපි මුලින්ම පුවත්පත් දැන්වීමක් දාලා පන්තියට භාර ගත්තු ළමයි දසදෙනාවම විශිෂ්ට ප්‍රතිඵල සහිතව සමත් කළා. අපේ මේ ආරම්භයට දැන් වසර 11ක් සම්පූර්ණ වෙලා. අද මගේ බිරිය වන්නේ ඒ ටියුෂන් හවුල්කාරියයි. අද මමත් බිරිඳත් උපාධිධාරීන් ලෙස සමාජයේ ඉහළම තැනක් හිමිකරගෙන තිබෙනවා.
ඒ තැන අනෙක් අයටත් උදාකරදීම මගේ මූලික අරමුණයි. දැනට වසර කිහිපයකට කලින් වයස අවුරුදු 54ක් වන දේවිකා ප්‍රියදර්ශනී නම් පෙර පාසල් ගුරුවරියක් මගේ පන්තියට පැමිණ කලා කඩිනම් පාඨමාලාව හදාරා උසස් පෙළ විභාගයේදී ඒ එකයි, බි එකයි, සී එකයි ලබාගත්තා. ඔහු කියන්නේ විභාග සමත්වීමට වයසත් බලනොපාන බව කියමිනි.
අපට ජීවිතයේ සෑම දෙයක්ම කැපවීමෙන් හා උවමනාවෙන් කළ හැකිනම් විභාග  කඩඉම් නොව ඕනෑම දෙයක් ජය ගැනීමට හැකි බව නිලන්ත කියන්නේ උත්සාහවන්තයා සියල්ල ජය ගනී යන රුවන් වැකිය පසක් කළ පරම්පරාවක ජීවමාන සාක්ෂිකරුවෙකු ලෙසය.

සමීර අබේසිංහ

Comments  

+1 #1 indrasena httiarachi 2017-04-22 08:18
u r achievement & expectation are amazing wish u all the best u r future
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ලිංගික ශක්තිය වඩවන ඉංග්‍රීසි බෙහෙත් තිබේද?

IMAGE 2017 Aug 18 15:22
‘බටහිර වෙදකමේ වාජීකරණ ඖෂධ සහ ප්‍රතිකාර නැත්තේ මන්දැයි’ පසුගිය දිනෙක මගේ හිතවතෙක් අසා...
Views - 1953

youtube සඳහා පෙම්වතිය තැබූ ‘බොරු වෙඩිල්ලෙන්’ පෙම්වතා මරුට

IMAGE 2017 Aug 18 10:40
ෆේස්බුක්, යූ ටියුබ් වැනි සමාජ ජාල වබේ අඩවිවල සිදුවන ආසාමාන්‍ය ක්‍රියාකාරකම් ගැන දැන් නිතර...
Views - 1595

කලා ලොවේ ‘මිස්ටර් හොඳ හිත’ හදිසි අනතුරකින් රෝහලේ

IMAGE 2017 Aug 17 11:20
අපේ කලා කරුවන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන කලා කරුවෝ සිටිති. ඒ අතරින් සිනමා...
Views - 2336

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 1575

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 6123

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 3927

Please publish modules in offcanvas position.