lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

සුදු තුඹසක රිදී නාගයකු වෙසෙන අප්‍රකට දෙවොලක්

ප්‍රදේශවාසීන්ට නිති රැකවරණ සලසන බව පැවසෙන සුදු පැහැති උස් තුඹසක වෙසෙන නාගයකු පදනම් කොටගත් අප්‍රකට දෙවොලකට අප පසුගියදා පිවිසුණා.මේ දෙවොල හැඳින්වෙන්නේ උඩවලමුත්තා දේවාලය යන නමින්. මෙය පිහිටා තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ,මිනුවන්ගොඩ, හීනටියන නම් සුන්දර ගම්පියස අද්දරයි. පුජ්‍ය හීනටියන  ධම්මාලෝක  මහ නාහිමියන්ගේ උපන්ගම සහ උන්වහන්සේ වැඩිම කාලයක් වැඩ වාසය කළ විහාරය පිහිටි නිසා මෙම හීනටියන යන නාමයට දෙස් විදෙස් කිර්තියක් හිමි වුණා.

මේ දෙවොලට අධිපති උඩවල මුත්තා කියන්නේ අතීතයේ ඒ ගමෙහි විසු ජනප්‍රධානියෙක්. ඔහු එවක බොහෝ සැර පරුෂ අයෙක් බවත් පැවසෙනවා.ඒ වගේම මේ උඩවල මුත්තා චරිතයට ඓතිහාසික පසුබිමකුත් තිබෙනවා.

කෝට්ටේ රාජධානියේ රජකළ ධර්ම පාරාක්‍රමබාහු රජ සමයේ උඩුගම්පළ රජ කළ සකලකලා වල්ලභ රජු පිළිබඳව අලකේශ්වර යුද්ධය,රාජාවලිය ආදී කෘතිවල බොහෝ විස්තර සඳහන් වෙනවා.මෙම රජතුමාට ප්‍රධාන යුදසේනාධිපතිවරු දෙදෙනෙකු සිටි බව ජනවහරේ සඳහන්.ඉන්දියාවේ කායල්පට්ටනම් සිට හලාවත මුතු කිමිදීමටත් ඇතුන් ඇල්ලීමටත් යෝනක සේනාවක් සමඟ පැමිණ හලාවත ආක්‍රමණය කළ අධිරාස රායන් නම් විජාතිකයා පැරදවීම  සඳහා කෝට්ටේ රජ කළ ධර්ම පරාක්‍රමබාහු රජු පවරන්නේ තම සොයුරන් වන උඩුගම්පළ රජ කළ සකලකලා වල්ල රජුට සහ මාදම්පේ රජ කළ තනිය වල්ල කුමරුන් හටයි.මෙහිදී  තම සේනාවන් සමඟ හලාවතට ගිය මෙම දෙබෑයන් එම සතුරු සේනාව වෙතට දරුණු ප්‍රහාර එල්ලකොට ඔවුන් පරාජය කළ බව අලකේශ්වර යුද්ධය සහ රාජාවලිය කෘතිවල සඳහන්.

මෙහිදී  සකලකලා වල්ල රජු තමන් සමඟ එම සංග්‍රාමයේදී පෙරමුණ ගෙන ක්‍රියාකිරීම නිසා මෙම උඩවලමුත්තාට ගම්වරයක් ප්‍රදානය කළ බව ජනවහරේ පැවසෙනවා.ඒ සංග්‍රාමයට රජු හා එක් වූ අනෙක් සෙන්පතියා කෙහෙළිබැඳිරාළ යනුවෙන් හැදින්වුණු අතර රජතුමා ඔහුට  ප්‍රදානය කළ ගම්වරය අදත්  හැඳින්වෙන්නේ කෙහෙල්බද්දර යන නමින්.

ඉන්පසු කලක් අවෑමෙන් මරණයට පත්වන මෙම උඩවල මුත්තා ගම්මුන්ට ආරක්ෂාව සලසනු පිණිස කැපවී ක්‍රියා කළ බවත් එදා මෙදා තුර පැවතීම සඳහා ගම ආශ්‍රිතව සුදු නාග පරපුරක් බිහි කළ බවත්  ගම්මුන් පවසනවා.අදත් එම පරපුරේ  සුදු නාගයකු  එම ගම්මානයට අරක්ගෙන සිටින බවත් ගැමියන් විශ්වාස කරනවා. විශේෂයෙන් ගම්මානයේ කුඹුරු පැසෙන කාලයට එම නාගයා වරින් වර දර්ශනය වන බවත් ගම්මුන් පවසනවා. එනිසා අතීතයේ සිට අද දක්වාම එම සුදු නාග පරපුර වාසය කරන බව පැවසෙන වෙල්යාය අද්දර පිහිටි තුඹස අබියස පිහිටි පුජාගල මත කෙම්මුර දිනයන් හි සැන්දෑවල  උඩවලමුත්තා සිහිකොට පහන් තැබීමට පැරණි ගම්මුන් පුරුදුව සිටියා.එමගින් තම ලෙඩදුක් අපල උපද්‍රව සතුරු කරදර දුරුවී ගොවිතැන් බත් සරුසාර වී ගෙදර දොර සතුට සාමදානය උදාවන බවයි ගම්මුන්ගේ විස්වාශය. අද මෙම දේවාලය ඉදිකොට ඇත්තේ එම සුදු තුඹස සහ පුජා ගලමැදි කර ගනිමිනුයි.

අදත් මේ ප්‍රදේශයේ ගැමියන් තමන්ගේ වී අස්වැන්නෙත් ලබාගන්නා මුල්ම කොටස මෙම දේවාලයට ගෙනවුත් ඉන් කිරිබතක් පිස මේ උඩවල මුත්තාට පුජාකරනු දකින්න පුළුවන් .ගැමියන්ට එදිනෙදා ජිවිතයේ දී මුහුණපෑමට සිදුවන ඕනෑම ගැටළුවකදී මේ උඩවල මුත්තා පිහිටට එන බවත් කාන්තාවන් හා කුඩා දරුවන් සම්බන්ධ ගැටළු වලදී එතුමන්ගේ දේව බැල්ම වැඩිපුර යොමුවන බවත් විශ්වාස කරන ගැමියන් එම ප්‍රදේශයේ සිදුවන විශේෂ සිද්ධීන් මුල්කොට හෝ එම දේව විශ්වාසය ගැරහීමට ලක් කරනවිට එම නාගයා වැඩිපුර දර්ශනය වන බව පවසනවා.

එමෙන්ම කිනම් හෝ හේතුවක් මත ආහාර අරුචියෙන් පෙළෙන්නවුන්ගේ එම අරුචිය සැනින් දුරුකිරීමට මේ උඩවල මුත්තාට විශේෂ හැකියාවක් ඇතැයි ද පැවසෙනවා.ඒ අනුව රෝගපීඩා නිසා සතිමාස ගණන් ආහාර අරුචියෙන් පෙළෙන රෝගීන් විශාල පිරිසක් මේ උඩවලමුත්තාගේ පිහිටෙන් සහනය ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ.

හීනටියන පොත්ගුල් විහාරය මගින් පාලනය වන පුදබිමක් වන මෙහි සතියේ සෙනසුරාදා හා බදාදා යන කෙම්මුර දින වලදී පුජා පැවැත්වෙන අතර දැනට එහි සේවය කරන්නේ දෘෂ්‍යාබාධිත කපුමහතෙක්.

කොළඹ කුරුණැගල අංක 5 මාර්ගය ඔස්සේ ජා-ඇල කොටුගොඩ පසුකොට යනවිට හමුවන  යාගොඩමුල්ල හන්දියෙන් වමට හැරී පැමිණ හෝ කටුනායක ඇවරිවත්ත හරහා යාගොඩමුල්ල දෙසට පැමිණ  හීනටියන ගම්මානය  අසබඩින් වෙල් යායක් අද්දර පිහිටි මෙම අපුරු පුදබිමට පිවිසෙන්නට ඔබටත් පුළුවන්.

විස්තර හා ඡායාරුප

සහන් සංකල්ප සිල්වා

IMAGE

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 11

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2888

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1477

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 9694

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 4253

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1554

Please publish modules in offcanvas position.