lakbima.lk
2017-02-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.68 , විකුණුම් මිල රු.153.44 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.67 , විකුණුම් මිල රු.192.00 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.38 , විකුණුම් මිල රු.163.41 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.84 , විකුණුම් මිල රු.153.73 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.24 , විකුණුම් මිල රු.117.71 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.80 , විකුණුම් මිල රු.118.86 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.104.86 , විකුණුම් මිල රු.108.71 | ජපන් යෙන් ගැනුම් මිල රු.1.3121 , විකුණුම් මිල රු.1.3617 |

පිරිත් පින්කමටත් ටයි කෝට් ඇඳලා

රාජ්‍ය නිලධාරීන් සුදුසු අත්‍යවශ්‍ය වේලාවට ටයිකෝට් දැම්මත්, කාලගුණික, දේශගුණික තත්ත්වයන් සහ අනිකුත් සාමාන්‍ය අවස්ථාවන්වලදී ඔවුන් එවැනි ඇඳුම් නොඇන්දාට ප්‍රශ්නයක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.රාජ්‍ය නිලධාරීන්ට ටයිකෝට් ඇඳීම අනිවාර්ය කරමින් හිටපු ජනාධිපතිවරයෙකු විසින් චක්‍ර‍ලේඛයක් නිකුත් කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ජනාධිපතිවරයෙකු විසින් නිකුත් කළ චක්‍ර‍ලේඛයක් ඉවත්කළ හැක්කේ ද ජනාධිපතිවරයෙකුටම පමණක් බව පැවැසීය.
‍පොළොන්නරුවේ වාර්ෂිකව පවත්වන පිරිත් පින්කමකට සහභාගි වී සිටි නිලධාරියෙකු මහ රාත්‍රියේද ටයිකෝට් ඇඳ සිටි අයුරු ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය. ඒ නිසා අපේ රටේ රාජ්‍ය නිලධාරීන් සුදුසු අත්‍යවශ්‍ය වේලාවන්ට පමණක් ටයිකෝට් දැම්මට ප්‍රශ්නයක් නොමැති බවද ජනාධිපතිවරයා කීවේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ  කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති හරිත ගොඩනැගිලි මාර්ගෝපදේශන සංග්‍රහය සහ ඇගයීම් ක්‍රමවේදය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිනි.අපේ රට කුඩා දිවයිනක් වන අතර වේගයෙන් ඉහළ යන ජනගහන වර්ධනයත් සමග ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇති බවත් නිවාස ඉදිකිරීම් සඳහාද ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම හේතුවෙන් අභියෝග රැසක් මතුව ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මේ අනුව සළකා බැලීමේදී තවත් වසර 25-30ක් ගතවන විට වගා කිරීමට ඇති භූමි ප්‍රමාණයද සීමා වීම තුළින් කෘෂි ක්ෂේත්‍රයේ අභියෝග රැසකට මුහුණදීමට සිදුවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මිනිසා ප්‍රමුඛ සියලු සත්වයාගේත්, ස්වභාව ධර්මයේත් පැවැත්ම උදෙසා තම වගකීම සහ යුතුකම් ඉටුකිරීමට අප කඩිනමින් ඒකරාශී විය යුතු බව කියා සිටියේය.
2017 වසරේ සිට ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය හරිතකරණයට ලක්කිරීමේ පළමු අදියර ලෙස රාජ්‍ය අංශයේ ආයතනයන් හී ගොඩනැගිලි පරිසර හිතකාමී හරිත ගොඩනැගිලි ලෙස පවත්වාගෙන යාම සඳහා ජනාධිපති කාර්යාලයේ මඟපෙන්වීම යටතේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය එක්ව හරිත ගොඩනැගිලි මාර්ගෝපදේශන සංග්‍රහය සහ හරිත ඇගයීමේ ක්‍රමවේදය පිළියෙළ කර ඇත.එම ප්‍රකාශය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ‍ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ‍ලේකම් නිහාල් රූපසිංහ යන මහත්වරුන් විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූහ.
ඊට අදාළ නිල වබේ අඩවියද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි.
ජනතාවට නිසි අවබෝධයක් ලබාදෙමින් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට කැපවීම ඉංජිනේරුවන්ගේ මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශේෂඥයින් ඇතුළු සියලු දෙනාගේ වගකීම බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
අමාත්‍යවරුන් වන පාඨලි චම්පික රණවක, අර්ජුන රණතුංග යන මහත්වරුන්ද ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
පානුක රාජපක්ෂ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

දිඹුලාගලින් දුටු ආලෝක ධාරා පිටසක්වල යානා ද?

IMAGE 2017 Feb 27 14:10
ඵෙතිහාසික දිඹුලාගල ආරාණ්‍ය සේනාසනය පිහිටි දිඹුලාගල කන්දට 27 වෙනිදා අළුයම 1.00ට පමණ අහසින් ආ...
Views - 795

ගම්පහ ටියුෂන් පෙම්වතුන්ට හවුලේ අනඟ සුව - room share

IMAGE 2017 Feb 27 11:23
ගම්පහ ටියුෂන් සිසුන් ගේ ලිංගික උප සංස්කෘතියෙහි මෙතෙක් සමාජය හමුවේ අනාවරණය නොවූ එක්තරා...
Views - 1816

ගී ගයන්න මටත් අවස්ථාවක් දෙන්න - ඩබ්ලිව්.ඩී. ආරියසිංහ

IMAGE 2017 Feb 26 17:18
මා ළඟටම තව ළංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර ඕ ප්‍රියේ පා...
Views - 2333

එක රැයින් වීරයෙක් වූ අසේල ගැන කවුරුත් නොදැන සිටි කතා...

IMAGE 2017 Feb 26 13:53
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වූ අලුත්ම වීරයා ගැනයි අද අපි ඔබට කියන්නට යන්නේ. ඒ තමයි අසේල...
Views - 2713

හිටපු පෙම්වතිය මා නැතිවීම ගැන අද දුක්වෙනවා ඇති

IMAGE 2017 Feb 26 13:12
සතුටයි, දුකයි විග්‍රහ කරන්න කියලා අපි අඛිලට මුලින්ම කිව්වොත්? අපි සතුටු වෙන්නේ යමක්...
Views - 3525

අපි නාකි වෙලාලු බෑන්ඩ් ගහන්න බැහැලු

IMAGE 2017 Feb 26 13:01
ශ්‍රී ලංකාවේ කලාකරුවන්ට සිය දක්ෂතා ඉදිරිපත් කරන්නට වඩාත් පහසුකම් සලසන රටක් වශයෙන්...
Views - 1664

Please publish modules in offcanvas position.