lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

එක ඇසක පෙනීමෙන් උසස් පෙළ ලියා ගාල්ලේ පළවෙනියා වූ දියණිය

මට ඕන වුනේ ඇස් දෙකම හොදට පේන අය වගේම සාමාන්‍ය විදියට දිවි ගෙවන්නයි. මගේ එක ඇසක් සම්පුර්ණයෙන්ම පේන්නේ නෑ. අනිත් ඇසින් සාමාන්‍ය පේන අයගේ ප්‍රමාණය වගේ සියයට පහලොවක් වගේ පේන්නේ කියලා තමයි වෛද්‍යවරුන් කිව්වේ. මම ඒ පේන ප්‍රමාණයෙන් කෙහොම හරි වැඩ කරා. මම නිතරම හිතන්නේ මම සාමන්‍ය කෙනෙක් කියලයි. මම කැමති නෑ මම විශේෂ අවශ්‍යතා ඇති කෙනෙක් කියලා හදුන්වනවාට මෙසේ පවසන්නේ  දෑස් පෙනෙන අයට අභියෝග කරමින් මෙවර උසස් පෙළ විභාගයේ කලා අංශයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමිකරගත් ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ   තනුෂි තත්සරා දිව්‍යාංජලී මල්ලිකාරච්චි දැරිවියයි. ඇයගේ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමේ අගය වැඩි වන්නේ ඇය උපතින්ම සිය දෑසම නොපෙනී තිබිය දීත් සාමාන්‍ය දරුවන් මෙන් විභාග අංක 1793136යටතේ මෙවර උසස් පෙල විභාගයට කලා අංශයෙන් මුහුණ දී දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය සහ ලංකවෙන්ම 18වැනි ස්ථානය දිනා ගැනීමයි. එසේම ඇයගේ ප්‍රතිළුලය A සාමාර්ථ හතරකි. ඉංග්‍රීසි භාෂාව, ප්‍රංශ භාෂාව, දේශපාලන විද්‍යාව සහ සාමාන්‍ය ඉංග්‍රීසි යන විෂයන් 04ටම ඇය A සාමාර්ථ ලබා ගෙන ඇත. ඇයගේ Z අගය 2.37ක් වන් ඉහල මට්ටමක පවතියි.

ගාල්ල කලේගාන හීන්පැන්දල ප්‍රදේශයේ පදිංචි ඇය සැබවින්ම දිරිය දියණියකි. උපතේ දීම ඇගේ දෑස් දෙකම නොපෙනී ඇති අතර පසුව ඇයගේ වයස අවුරුදු 04දී පමණ කරන ලද සැත්කමක දී එක් ඇසක් සදහා වෙනත් පුද්ගලයෙකුගේ ඇසක සිවියක් බද්ද කර ඇති අතර පසුව සාමන්‍ය පුද්ගලයෙකුට එක් ඇසකින් පෙනෙන ප්‍රමාණයෙන් සියයට පහලොවක පමණ ප්‍රමාණයක පෙනීමක් ලබා දීමට වෛද්‍යවරුන් සමත් වී ඇත.

ඒ සියයට පහලොවක පෙනීම අනුව සාමාන්‍යෙයන් කෙනෙකු පෑනකින් අභ්‍යාස පොතක සටහන් ලියන අයුරින් සටහන් ලිවීමට තනුෂිගේ පෙනීම දියුණු වී නොතිඹිණි. ඒ අනුව ඇය එක වසරේ සිටම අභ්‍යාස පොත අසලටම හිස පහත් කරගෙන සිය සටහන් ලිවීම සිදු කරයි. එසේ වුව ද ඇය විශේෂ අවශ්‍යතා ඇති දැරියක් සේ සමාජය සලකනවාට ඇගේ කැමැත්තක් නොතිඹිණි. ඇයට සෑම විටම අවශ්‍ය වී ඇත්තේ සාමාන්‍ය දරුවෙකු ලෙස සිටීමයි. ඒ අනුව සාමන්‍ය දරුවන් මෙන් සාමාන්‍ය පෙල විභාගය ඉදිරිපත් වී සමත් වී ඇති අතර පසුව මෙවර 2016උසස් පෙල විභාගයට ද ඇය මුහුණ දෙන්නේ සාමාන්‍ය දරුවන් පරිදිමයි. දෑස් පෙනෙන ගාල්ලේ දරුවන්ට මෙන්ම රටේ දරුවන්ට ද අභියෝගයක් වෙමින් ඇය ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය සහ ලංකාවෙන් 18වැනි ස්ථානයත් ලබාගෙන ඇත.
තම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක් වු තනුෂි තත්සරා මල්ලිකාරච්චි දැරිය මෙසේ  ද පැවසීය.

මගේ අම්මා තාත්තා මා වෙනුවෙන් දරපු මහන්සියට මට දැනුනා. මම ඒ නිසාම කොහොම හරි හොදින් වැඩ කරා. මගේ ඇස් පේන්නේ නැති නිසා වේගයෙන් පිළිතුරු ලියන්න අමාරුයි. උසස් පෙල කරන්න ආපු මුල්ම දවස් වල කල්ප නානායක්කාර සර්ගේ දේශපාලන විද්‍යාව පේපර් එකේ එක පැත්තක්ම මට අත් හැරිලා තිබුනා. බෙහෝ වෙලාවට එහෙම වුනේ ඒ පැත්ත මට නෙපෙනුන නිසා. පසුව මම ඒකත් හදා ගත්තා. උසස් පෙලට ආවම තවත් බාධකයක් වුනේ වේගය හදා ගැනීම මම ගොඩක් පාත් වෙලා ලියන නිසා ටිකක් වෙලා ලියන කොට කොන්ද රිදෙනවා. නමුත් කාලයත් එක්ක මම පහත් වෙලා වේගයෙන් ලියන්න පුරුදු වුනා. මම සාමාන්‍ය යෙන් දිනපතා පත්තර සහ ඉරිදා පත්තර අනිවාර්යයෙන්ම කියවනවා. ඒවායින් මගේ සමාජ දැනුම දියුණු කර ගන්නවා. මගේ පාසල වන ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු එක වසරේ සිට දහතුන වසර දක්වා මට උගන්වපු සියළු ගුරුවරුන්ට, මාගේ අච්චිට, නංගිට, පුංචිට සහ යාළුවන්ට මම ස්තුති වන්ත වෙනවා.

ඒ වගේම උසස් පෙල දී මගේ විද්‍යාලයේ සහ පෞද්ගලික පංති වල මට උගන්වපු කල්ප නානායක්කාර සර්, චම්පා මිස්, දිල්හාරා මිස්, සරත් සර්, ඉදුනිල් සර්, ලියනගේ සර් ඇතුළු අයට ස්තුති වෙනවා.

තනුෂි මෙම දක්ෂතාවට අමතරව තවත් දක්ෂතා සහිත දරුවෙකි. ඇයට භාෂා 04ක් හොදින් කතා කිරීමේ  හැකියාව ඇත. ඉංග්‍රීසි, දෙමළ, ප්‍රංශ සහ සිංහල භාෂා හතරම ඇය ඉතා චතුර ලෙස භාවිතා කරයි. 2016වසරේ පැවති සමස්ත ලංකා ඉංග්‍රීසි නිර්මානාත්මක තරඟයේ ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත්තේ මෙම තනුෂි තත්සරා දැරියයි. ඇය මේ වන විට ඉංග්‍රීසි කවි පොතක් ලියා ඇති අතර නුදුරේ දීම එය මුද්‍රණය කිරීම සදහා බලාපොරොත්තුවෙන් සිටන බව ද ඇය පවසන්නේ අහිංසක ආඩම්බරකාර කමකිනි.

තනුෂිගේ පියා අනුරුද්ධ ජගත් මල්ලවආරච්චි මහතා පෞද්ගලික ආයතනයක සේවය කරන අතර මව අරෝනි චන්ද්‍රෙස්කර මහත්මිය සිය රැකියාවෙන් ඉවත්ව තනුෂි වෙනුවෙන් සිය කාල වේලාව කැප කරමින් සිටී. තනුෂිට සහෝදරියක් සිටින අතර ඇය ද ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයෙන් මෙවර සාමාන්‍ය පෙල විභාගය ට මුහුණ දී ඇත. තනුෂිව පාසල් ගෙන යාමේ සිට සෑම දෙයක් ම සිදුව ඇත්තේ ඇයගේ මව අරෝනි චන්ද්‍රෙස්කර මහත්මිය විසිනි.

තනුෂිගේ මව වන අරෝනි චන්ද්‍රෙස්කර මහත්මිය පවසන පරිදි ඇය මාර්ගයේ ද අතින් අල්ලාගෙන එක්ක යා යුතු දැරිවියකි. ඇය මාර්ගය හරහා මාරු වීමේ දී ද භාවිතා කරන්නේ හඩ පමණක් බවත් එතරම් දුරක් හෝ දෙයක් ඇයට නෙපෙනෙන බව ද ඇය පවසන්නීය.

දෑස හරිහැටි නොපෙනුන ද දෑස පෙනෙන අයට අභියෝග කරමින් තමා සාමාන්‍ය දරුවකු බව දැන් ඇය ලොවටම ඔප්පු කර හමාරය. ඇයගේ අනාගත බලාපොරොත්තුව තානපති සේවය, විදේශ සේවය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සංවිධානයකට බැදී ලොකයේ සිටින තමා වන් දරුවන්ට සේවයක් කිරීම බව ද ඇය අවසන් වශයෙන් අප සමඟ පැවසීය.

කමල් විජේහේවා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

විවාහය සතුටක් තනිකඩ ජීවිතය දුකක් ඒත් මම විවාහ වෙන්නේ නෑ

IMAGE 2017 Apr 23 18:12
“සතුටයි දුකයි“ අතර ගෙවී යන ජීවිතයේ අහුමුළු ස්පර්ශ කරන ‘සතුටයි දුකයි‘ කියන අපේ...
Views - 665

කුණු කන්දට විරුද්ධ වුණාම මට ගැහුවා, නඩු දැම්මා

IMAGE 2017 Apr 23 14:22
මීතොටමුල්‍ලේ කුණු කන්දේ මේ ඛිෙදවාචකය සිදු වන බවට කල් තියාම දැනගෙන හුන් පුද්ගලයෙක් හුන්නේය....
Views - 553

ශරීරයේ සීනි අඩුකරන 'මස්බැද්ද' ගැන රහසක්

IMAGE 2017 Apr 20 12:15
මගෙන් ප්‍රතිකාර ගන්නා රෝගියකුට දියවැඩියාව පාලනය කර ගැනීම පිණිස වන ඖෂධ සහ වෛද්‍ය උපදෙස් නියම...
Views - 29192

සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් නිදහස් වූ අපේ සූපවේදියා

IMAGE 2017 Apr 19 13:29
අපි අටදෙනාට පණ පිටින් ලංකාවට ඒමට අවස්ථාවක් ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. මට අද විශාල...
Views - 2490

මතුරට තරුණියට වතුපිටිවලින් හමුවූ ‘විස්මිත නෑයෝ’

IMAGE 2017 Apr 19 12:04
දිනය පසුගිය අප්‍රේල් දහසය වන ඉරිදාය. ස්ථානය වතුපිටිවල ප්‍රදේශයේ  නිවසකි. වේලාව පස්වරු දෙක...
Views - 6769

වැඩිපුර අවුරුදු කෑ සිවිල් ආරක්ෂක සෙබළා මරුට

IMAGE 2017 Apr 19 10:06
වැඩිමහල් සහෝදරයාගේ නිවසේ පැවැති අවුරුදු සාදයකට සහභාගි වී ප්‍රමාණය ඉක්මවා රාත්‍රී ආහාරය...
Views - 3296

Please publish modules in offcanvas position.