lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

දුම්රියේදී අතරමංවූ දරුවෙකු වසර 21කට පසු ඕස්ට්‍රේලියාවේ සිට තම මව්රටට එයි

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි කන්දවල් නම් කඳුකර ගමක දිවි ගෙවූ සාරූ බ්‍රියර්ලි දිළිඳු පවුලක දරුවෙක්. දිළිඳු බව නිසාම සාරූගේ පවු‍ලේ අය ගොඩක් දුක්වින්දා. ඇතැම්විට ඒ අය දින දෙක තුන බඩගින්නේ ඉන්න අවස්ථාත් තිබුණා. ඒවගේ දවසක සාරූගේ වැඩිමහල් සොයුරා යෝජනාවක් කරා දුම්රිය‍පොළට ගොස් හිඟාකාලා හරි බඩගින්න නිවාගන්න. එතකොට සාරූගේ වයස අවුරුදු හතරයි. ඉතින් මේ අයියා මල්ලි දෙන්නා කන්දවාල් දුම්රිය‍පොළට ඇවිත් ටික වේලාවක් යනවිට කල්කටාව බලා යන දුම්රියක් පැමිනුණා.
ඉන්දියාවේ දුම්රිය ලංකාවේ වගේ නොවෙයි. මැදිරි 70 පමණ තියෙනවා. ඉතින් මගීන් පිරුණ දුම්රියට මේ දෙසොහොයුරෝ ගොඩවුණා. ටිකවේලාවක් යනකොට දෙන්නට කන්න වඩේ කිහිපයක් ලැබුණා. ඒ එක්කම ඊළඟ නැවතුමෙන් තවත් සියගණනක් දුම්රියට නැගුණා. මේ තදබදය අස්සේ මේ සොහොයුරන් දෙපැත්තට වුණා. අයියා හිතුවා මල්ලි ඉදිරියට ගියා කියලා. ඒ නිසා එයා ඉදිරියට ගියා. අන්තිමට දෙන්නට දෙන්නා මගහැරුණා.
අවසානයේදී අයියා සැතපුම් 200කට විතර පස්සේ දුම්රියෙන් බැස්සා. ඒත් පුංචි සාරූ දිගටම දුම්රියේ ගියා. දින දෙකකට පස්සේ මේ ‍පොඩිත්තා කල්කටාවෙන් බැහැලා තම සොයුරා හොයන්න ගත්තා. ඒත් ඒවනවිටත් අයියා ආපසු නිවසට පැමිණ සිටියා.
අවසානයේ සාරූ කල්කටාවේ දුම්රිය‍පොළ අවට හිඟාකන්න පටන් ගත්තා. දින ගණනකට පස්සේ මේ දරුවා ‍පොලීසිය විසින් අනාථ නිවාසයකට භාර දුන්නා. අවසන ඕස්ට්‍රේලියානු යුවළක් දරුකමට හදාගන්නට ගත් සාරූ නතර වූයේ ඕස්ට්‍රේලියාවේ. මේ එතැන් සිට ඔහුගේ කතාවය.
මට ඕස්ට්‍රේලියාවේ ඔක්කොම තිබුණා. ඒත් ටික ටික ලොකුවෙද්දි මගේ රට ගැන උනන්දුව වැඩි වුණා. මං හෙව්වා ඉන්දියාවේ තොරතුරු. මගේ දෙමාපියෝ, අයියා ඉන්දියාවේ බව මට වැටහුණා. මගේ නම විතරක් මට මතක තිබුණ නිසා අනාථ නිවාසේ අය ඒක මා හදාගත්ත ඕස්ට්‍රේලියානු පවුලට කියා තිබුණා.
ඉතිං ඒ ඔස්සේ ගූගල් සෙවුම් යන්ත්‍රය සහ තවත් සමාජ ජාලා වබේඅඩවි මගින් මම මගේ ගම්පළාත හොයා ගත්තා. මම අතුරුදන් වූ බව පළවූ පුවත්පත් දැන්වීමක් අන්තර්ජාලයේ මිතුරෙකු මට ලබාදුන්නා. අන්තිමට මම මගේ මව්බිම බලන්න ආයි ඉන්දියාවට ආවා...
එහෙම කියන සාරූ වසර 25කට පසු තමන්ගේ මව බලන්නට කන්දවාල් නුවරට ආවා. මැරිලා කියලා වසර 21ක් අමතක කරපු තම පුතා දුටු සාරූගේ මව පී්‍රතියෙන් ඉපිල ගියා.    
තමාගේ අපූරු අත්දැකීම පිළිබඳ කතාව A Long way home නමින් ‍පොතකට ඇතුළත් කරන්නට සාරූ සමත් වුණා. ආපහු ඕස්ට්‍රේලියාවට ගියත් සාරූ නිතර ඉන්දියාවට එන්න බලා‍පොරොත්තු වෙනවාලු. දැන් සාරූ ඉතා ජනප්‍රිය චරිතයක්. ඔහුගේ කතාව ලක්ෂ ගණනක් අන්තර්ජාලය ඔස්සේ කියවා තිබෙනවා.

තරූෂ ප්‍රනාන්දු

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

රජිනිකාන්ත් යාපන සහ වවුනියා සංචාරයක

IMAGE 2017 Mar 23 16:40
උතුරේ ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද 150 කින් යුත් නව නිවාස ව්‍යාපෘති දෙකක් විවෘත කිරීම පිණිස දකුණු...
Views - 627

කූඹියෙක් කෑවත් මැරෙන්න පුළුවන්?

IMAGE 2017 Mar 22 16:01
කුහුඹුවකු කෑම හඳුන්වන්නේ ඉතා සුළු සිදුවීමක් ලෙසයි. නමුත් කුහුඹුවකු කෑ පසු වුව සම කැසීමට අමතරව...
Views - 2563

මහත්තයාගේ කාටවත් නොදෙන බෑග් එක

IMAGE 2017 Mar 22 09:04
පසුගිය දිනයක සැන්දෑ ඇඳිරියත් සමග අනුරාධපුරයෙන් කුරුණෑගල බලා ගමන් ඇරඹූ බස් රථයකි. අනුරාධපුර...
Views - 4246

'කිරියෙන් පැණියෙන්' සුභ පැතුමේ 'පැණි' යනු ලිංගිකත්වයයි

IMAGE 2017 Mar 21 11:40
“කිරියෙන් පැණියෙන් ඉතිරේවා”, “බත බුලතින් සරුවේවා” යන්න සෑම සිංහල අලුත් අවුරුද්දකදීම...
Views - 7240

වැඩිපුර ‘සෙල්ෆි’ ගැනීමත් මානසික ලෙඩක්ද?

IMAGE 2017 Mar 20 12:02
සෙල්ෆි (selfie)  යන ලෝ පතල නමින් හැඳින්වෙන ස්වයං ඡායාරූප (self  portrait) ගැනීම අද ලොව පුරා ශීඝ්‍රයෙන්...
Views - 2087

ආගමික ඡායාරූප වල සටහන් වන අද්භූත ආලෝක ලප දේවතා එළිද?

IMAGE 2017 Mar 20 09:56
ආගමික සිද්ධස්ථාන සහ ආගමික උත්සව පැවැත්වෙන ස්ථාන වල රාත්‍රී කාලයේ දී ගනු ලබන ඇතැම් ඡායාරූප වල...
Views - 2769

Please publish modules in offcanvas position.