lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

අනුරාධපුර රෝහ‍ලේ වෛද්‍ය දුලාන්ගෙන් නවතින ශ්වසන යළි ඇතිකරන ජංගම ශ්වසන යන්ත්‍රයක්

වෛද්‍යවරයෙක් යනු රෝගීන් සුවපත් කරන ඉසිවරයෙකු බව අපි දැන සිටින්නෙමු. ඒත් මේ වන විට ඇතැම් වෛද්‍යවරු විවිධ ක්ෂේත්‍රයන් තුළ විවිධ වූ දස්කම් පෑමට සමත්ව සිටිති. අනුරාධපුර රෝහ‍ලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර අවස්ථා ගණනාවකම විශිෂ්ට නව නිපැයුම් ගණනාවක් නිර්මාණය කර තිබේ. වෛද්‍ය සමරවීරගේ නවතම සොයා ගැනීම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විප්ලවීය වෙනසකට පවා තුඩු දිය හැක. ඒ කෘත්‍රිම ශ්වසනය ලබාදෙන යන්ත්‍රයකි. ඔහුගේ මේ අග්‍රගණ්‍ය නිර්මාණය මගින් රෝගියෙකුගේ හුස්ම ඇනහිටින අවස්ථාවකදී කෘත්‍රිම ශ්වසනය පහසුවෙන් මෙන්ම විද්‍යාත්මකවත් ලබාදිය හැකි බව වාර්තා වෙයි.
ශ්වසනය (හුස්ම ගැනීම) අපහසු රෝගීන්ට කෘත්‍රිම ශ්වසනය ලබා දීම අත්‍යවශ්‍යයෙන්ම සිදු විය යුත්තකි. අවම පහසුකම් සහිත රෝහලක ප්‍රතිකාර ලබන ශ්වසන  රෝගියෙකුට  පහසුකම් ඇති රෝහලක් වෙත ගිලන්රථයක් මගින් ගෙන යාමේදී රෝගියාට කෘත්‍රිම ශ්වසනය ලබා දිය යුතුය . එසේ කෘත්‍රිම ශ්වසනය ලබාදීමට නොහැකි විට මරණයෙන් කෙළවර විය හැකි තත්ත්වයකි. මේ සඳහා අප රටේ මතෛක් කාලයක් භාවිත කරන ලද්දේ ශ්වසන මාර්ගයට බටයක් ඇතුළු කර එයට බැලුනයක් වැනි උපකරණයක් සවි කර එමගින් ශ්වසනය කෘත්‍රිමව ලබාදීමයි. එම බැලුනය වැනි උපකරණය අතින් තද කරන සෑම අවස්ථාවකදීම රෝගියාට කෘත්‍රිම ශ්වසනය ලබා දීම සිදුවේ. මෙහිදී එම උපකරණය ක්‍රියාත්මක කර වීම සඳහා තිදෙනෙකු වත් අවම වශයෙන් රෝගියා සමග යා යුතුය. එහෙත් මෙම නව යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේදී එම යන්ත්‍රය අධීක්ෂණය කිරීම සඳහා එක් නිලධාරීයෙක් පමණක් සෑහීමද විශේෂත්වයකි.
මෙම නව උපකරණය ක්‍රියා කරනුයේ වෝල්ට් 12ක විදුලියෙනි. එහෙයින් මෙම උපකරණය ගිලන්රථයේ බැටරියට සම්බන්ධ කිරීමෙන් වෝල්ට් 12 ධාරිතාවක් ලබාදේ. එම ධාරීතාවයෙන් රෝගීයාට  පහසුවෙන් කෘත්‍රිම ශ්වසනය ලබා දිය හැකිවේ. මෙවැනි කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර තල්ලු කරන ආකාරයට, අතේ එල්ලාගෙන යන අන්දමට හෝ රෝගියා සමග ටේ‍රාලියේ තබාගෙන යා හැකි අයුරින් නිෂ්පාදනය කිරීමට හැකිය. වෛද්‍ය දුලාන් නිර්මාණය කර ඇත්තේ තල්ලුකරගෙන යා හැකි වන යන්ත්‍රයයි.
මෙම යන්ත්‍රයට රෝගියා සම්බන්ධ කළ විට ස්වයංක්‍රීයව විනාඩියකට වාර 10-12 අතර හුස්ම ලබා දේ.  හුස්ම ලබා ගන්නා වාර සංඛ්‍යාව හා පිටකරන වාර ගණන ස්වයංක්‍රීයව යන්ත්‍රය මගින් පෙන්නුම් කෙරේ. එය වෛද්‍යවරුන්ගේ කාර්ය පහසු කරයි. රෝගියාට මෙයින් කිසිදු  හානියක් සිදුනොවේ.
මෙම යන්ත්‍රය නිර්මාණය කිරීම සඳහා ඔහුට වැය වී ඇත්තේ රුපියල් 15000ක මුදලක් පමණි. එහෙත් වෙළඳ‍පො‍ලේ මෙම යන්ත්‍රය මිලියන එකහමාරක් පමණ වන බවද  වෛද්‍ය සමරවීර සඳහන් කරයි. මිලියන එකහමාරක් වටිනා යන්ත්‍රයක් රුපියල් 15000ක් වැනි මුදලක් වැය කරමින් අපේම වෛද්‍යවරයෙකුට නිපදවිය හැකි වීම අගය කළ යුතු කරුණකි. මේ විස්මිත නිපැයුම ඇගයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කල් බැලීම කනගාටුදායකය. ඒ සඳහා අගයක් ලබා දී රෝගීන්ගේ සුබසිද්ධියට එය දායක කරගත හැකි වන්නේ නම් එය මහත් වූ පුණ්‍යකර්මයකි.
කෙසේ නමුත් වෛද්‍ය දුලාන් සමරවීරගේ  මෙම නිර්මාණය කුළුදුල් නිර්මාණය නොවේ. ඔහු වසර 2008දී කළුබෝවිල ශික්ෂණ රෝහ‍ලේ සේවය කරන කාලයේදී  තණ කොළ උපයෝගි කර ගනිමින්  වාහන සඳහා භාවිත කළ හැකි    ෙජෙවීය ඉන්ධනයක් නිෂ්පාදනය කළේය. මේ සඳහා ඔහුට පේටන්ට් බලපත්‍රය පවා හිමිව තිබේ.

ශ්‍රියාණි විජේසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

විවාහය සතුටක් තනිකඩ ජීවිතය දුකක් ඒත් මම විවාහ වෙන්නේ නෑ

IMAGE 2017 Apr 23 18:12
“සතුටයි දුකයි“ අතර ගෙවී යන ජීවිතයේ අහුමුළු ස්පර්ශ කරන ‘සතුටයි දුකයි‘ කියන අපේ...
Views - 662

කුණු කන්දට විරුද්ධ වුණාම මට ගැහුවා, නඩු දැම්මා

IMAGE 2017 Apr 23 14:22
මීතොටමුල්‍ලේ කුණු කන්දේ මේ ඛිෙදවාචකය සිදු වන බවට කල් තියාම දැනගෙන හුන් පුද්ගලයෙක් හුන්නේය....
Views - 552

ශරීරයේ සීනි අඩුකරන 'මස්බැද්ද' ගැන රහසක්

IMAGE 2017 Apr 20 12:15
මගෙන් ප්‍රතිකාර ගන්නා රෝගියකුට දියවැඩියාව පාලනය කර ගැනීම පිණිස වන ඖෂධ සහ වෛද්‍ය උපදෙස් නියම...
Views - 29190

සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් නිදහස් වූ අපේ සූපවේදියා

IMAGE 2017 Apr 19 13:29
අපි අටදෙනාට පණ පිටින් ලංකාවට ඒමට අවස්ථාවක් ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. මට අද විශාල...
Views - 2490

මතුරට තරුණියට වතුපිටිවලින් හමුවූ ‘විස්මිත නෑයෝ’

IMAGE 2017 Apr 19 12:04
දිනය පසුගිය අප්‍රේල් දහසය වන ඉරිදාය. ස්ථානය වතුපිටිවල ප්‍රදේශයේ  නිවසකි. වේලාව පස්වරු දෙක...
Views - 6769

වැඩිපුර අවුරුදු කෑ සිවිල් ආරක්ෂක සෙබළා මරුට

IMAGE 2017 Apr 19 10:06
වැඩිමහල් සහෝදරයාගේ නිවසේ පැවැති අවුරුදු සාදයකට සහභාගි වී ප්‍රමාණය ඉක්මවා රාත්‍රී ආහාරය...
Views - 3296

Please publish modules in offcanvas position.