lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

සිහිනෙන් දුටු නොම්බර වලින් දිනා ගත් ලොතරැයිය

වසර තිහකට පෙර තමා සිහිනෙන් දුටු නොම්මර කිහිපයක් සහිත ලොතරැයි දිගින් දිගටම ඒ තිස් වසර මුළුල්‍ලේ මිලයට ගත් කැනඩාවේ කාන්තාවකට ඇමෙරිකානු ඩොලර් මිලියන 3.9ක මුදලක් දිනාගන්නට හැකිව තිබේ. 1989 මැයි මාසයේ දිනයක තමා ඉලක්කම් කිහිපයකට ලොතරැයියක් ඇදෙන ආකාරය සිහිනෙන් දුටු බවත්, ඒ ඉලක්කම් මතක තබාගෙන දිගින් දිගටම එම ඉලක්කම්වලටම ලොතරැයි මිලයට ගත් බවත් ඔල්ගා බෙනෝ නම් මෙම කාන්තාව පවසයි. මේ වන විට   පිළිකාවකින් පෙළෙන බැවින් එම ප්‍රතිකාර සඳහා තම නිවසද විකුණා දමා කුලී නිවෙස්වල ඉන්නට සිදුව ඇති ඇයට මෙම මුදල විශාල සතුටක් ගෙනදී තිබේ. තමා දිනා ගත් මුදලින් නව නිවසක් ඉදිකරවාගැනීම ඇගේ අරමුණයි. මේ වන විට තම ඇස් පෙනීම තරමක් දුර්වලව ඇති බැවින් රූපවාහිනී තිරයේ දිස්වූ ජයග්‍රාහී අංක මුලදී දක්නට නොලැබුණු බවත් ඇය කියා තිබේ.
පසුව ඇයට මෙම දිනුම අමතකව ඇති අතර උදෑසන පුවත්පත බලන විට තමා ලොතරැයිය දිනා ඇති බව දැනගෙන තිබේ. මුලදී මෙය වැරදීමක් බව කල්පනා කළ ඇය තම සොයුරියට මේ පුවත පවසත්ම ඇයද තමා බොරු කියන බවක් කල්පනා කළේ යැයි ඔල්ගා පවසයි. දෙසැම්බර් විසි අටවැනිදා දිනුම් අදිනු ලැබූ මෙම ලොතරැයියෙන් ඇයද ඇතුළුව ජයග්‍රාහකයින් දෙදෙනෙකු බිහිවී තිබේ. තමා රෝගීවූ අවස්ථාවේ හොඳින් රැකබලාගත් සැමියා, දරුවන් හා මුනුපුරු, මිනිපිරියන් ඩිස්නිලන්තයේ චාරිකාවකට ගෙනයාමටද ඇය බලා‍පොරොත්තු වෙයි.







නිශානි දිසානායක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

රජිනිකාන්ත් යාපන සහ වවුනියා සංචාරයක

IMAGE 2017 Mar 23 16:40
උතුරේ ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද 150 කින් යුත් නව නිවාස ව්‍යාපෘති දෙකක් විවෘත කිරීම පිණිස දකුණු...
Views - 629

කූඹියෙක් කෑවත් මැරෙන්න පුළුවන්?

IMAGE 2017 Mar 22 16:01
කුහුඹුවකු කෑම හඳුන්වන්නේ ඉතා සුළු සිදුවීමක් ලෙසයි. නමුත් කුහුඹුවකු කෑ පසු වුව සම කැසීමට අමතරව...
Views - 2563

මහත්තයාගේ කාටවත් නොදෙන බෑග් එක

IMAGE 2017 Mar 22 09:04
පසුගිය දිනයක සැන්දෑ ඇඳිරියත් සමග අනුරාධපුරයෙන් කුරුණෑගල බලා ගමන් ඇරඹූ බස් රථයකි. අනුරාධපුර...
Views - 4247

'කිරියෙන් පැණියෙන්' සුභ පැතුමේ 'පැණි' යනු ලිංගිකත්වයයි

IMAGE 2017 Mar 21 11:40
“කිරියෙන් පැණියෙන් ඉතිරේවා”, “බත බුලතින් සරුවේවා” යන්න සෑම සිංහල අලුත් අවුරුද්දකදීම...
Views - 7240

වැඩිපුර ‘සෙල්ෆි’ ගැනීමත් මානසික ලෙඩක්ද?

IMAGE 2017 Mar 20 12:02
සෙල්ෆි (selfie)  යන ලෝ පතල නමින් හැඳින්වෙන ස්වයං ඡායාරූප (self  portrait) ගැනීම අද ලොව පුරා ශීඝ්‍රයෙන්...
Views - 2087

ආගමික ඡායාරූප වල සටහන් වන අද්භූත ආලෝක ලප දේවතා එළිද?

IMAGE 2017 Mar 20 09:56
ආගමික සිද්ධස්ථාන සහ ආගමික උත්සව පැවැත්වෙන ස්ථාන වල රාත්‍රී කාලයේ දී ගනු ලබන ඇතැම් ඡායාරූප වල...
Views - 2769

Please publish modules in offcanvas position.