Coss Ear2
lakbima.lk
COSS Ear 1

පැස්ටා වර්ග රාශියකි. ඒවායේ හැඩයන්ට අනුව විවිධ නම් ලබා ඇති පැස්ටා ඉතාලියේදී පිළියෙළ වන ආකාර කීපයකි මේ. මේ සියලුම පැස්ටා වර්ග ලංකාවේ සුපිරි වෙළෙඳසල්වලින් ලබාගත හැකිය. එසේම මේ සඳහා ලුණු යෙදීමේදී  විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේ මේ පිළියෙළ කිරීම් බොහොමයකට චීස් භාවිතා කරන නිසාවෙනි.
 
මැකරෝනි විත් ඔලිව්
 
අවශ්‍ය ද්‍රව්‍ය
මැකරෝනි  ග්‍රෑම් 350
කළුපාට සහ කොළපාට ඔලිව් - ගෙඩි 10 බැගින්
හොඳින් ඉඳුනු තක්කාලි ගෙඩි 5
ඔලිව් තෙල් ටිකක්
සුදුලූනු - බික් 3  - 4 ක්
බටන් මෂ්රුම් - 5 යි
ලොකු ලූනු ගෙඩියකින් - 1/2 ක්
පාමර්සන් චීස් - ග්‍රෑම් 75ක් පමණ
බැඩිල් කොළ දෙක තුනක්
 
සාදන ආකාරය
මැකරෝනි මෘදුවන තුරු තම්බා පසෙකින් තබන්න. තක්කාලි ගෙඩි නටන උණුවතුරට  දමා ඉක්මනින් පිටතට ගෙන එහි ‍පොත්ත ගලවා ඉවත් කර ගන්න. දැන් එහි ඇට ටිකද ඉවත් කර සාරය එකතු කර ගන්න. මේ සඳහා දැල් පෙනේරයක් භාවිතා කළ හැක. මේ තක්කාලි සාරය ටින් ලෙස සුපිරි වෙළෙඳසල්වලින්ද මිලදි ගත හැකිය. දැන් ඔලිව් ගෙඩි හතරට කපන්න. බටන් මෂ්රූම්ද හතරට කපන්න. ලූනු සිහින්ව කපා ගන්න ඔලිව් තෙල් ටික  පෑන් එකකට දමා ළිප තබා රත්වනවිට ලූනු දමා තෙම්පරාදු වන්නට හරින්න. කුඩාවට කපාගත් සුදුලූනු ද දමන්න. දැන් ක්‍රමයෙන් බටන් මෂ්රූම්, ඔලිව් දමන්න. ලුණු ස්වල්පයක්ද එකතු කරන්න. තක්කාලි සාරයද දමා, තම්බාගත් මැකරෝනි දමා කලවම් කර ගන්න. දැන් පැතැලි දීසියකට බෙදා උඩින් සූරාගත් චීස් දමා, බැඩිල් කොළවලින් සරසා පිළිගන්වන්න.
 
වෙජිටබල් ලින්ගුවින්
 
අවශ්‍ය ද්‍රව්‍ය
ස්පැගටි ග්‍රෑම් 350
සූකිනි ග්‍රෑම් 50
ලොකු ලූනු 
ගෙඩියකින් 1/2 ක්
සැල්දිරි නටු කැබැල්ලක්
කැරට් අලයක්
චයිනීස් කැබේජ්  ග්‍රෑම් 50
තක්කාලි ගෙඩි 5 ක්
බැඩිල් කොළ - 3 -  4 ක්
බටර් - මේස හැඳි 3
ලුණු ස්වල්පයක්
 
සාදන ආකාරය
ස්පැගටි තම්බා දිය බේරා ගන්න. තක්කාලි උණුවතුරේ දමා  ‍පොත්ත ඉවත් කර, ඇට බේරා සාරය එකතු කර ගන්න. 
කැරට්, සූකිනි, චයිනීස් ගෝවා, සැල්දිරි, සුදුලූනු, ලූනු, පාස්ලි ඉතාම සිහින්ව කපා ගන්න. දැන් බටර් ළිප තබා රත්වනවිට ලූනු, සුදුලූනු, සැල්දිරි දමා තෙම්පරාදු වන්නට හරින්න.  
දැන් තක්කාලි සාරය දමන්න. ඉන්පසු කපාගත් එළවළු වර්ග සියල්ල දමා උකු ග්‍රේඩියක් එන ආකාරයට සකස් කර ගන්න. අන්තිමට ලුණුද තම්බා ගත් ස්පැගටිද එකතු කර  කලවම් කර ගන්න.
 
ස්පයිසි පෙනේ පැස්ටා
 
අවශ්‍ය ද්‍රව්‍ය
පෙනේ පැස්ටා ග්‍රෑම් 350
රතුපාටට ඉඳුනු
අමුමිරිස් කරල්3-4
ලොකු ලූනු ගොඩියකින් 1/2ක්
සුදුලූනු බික් 2-3
ඔලිව්තෙල් මේස හැඳි  3
බැඩිල් කොළ 2 -3
තක්කාලි ගෙඩි 4
ලියාගත් පාමර්සන් චීස් මේස හැඳි 4
ලුණු ස්වල්පයක්
 
සාදන ආකාරය
පෙනේ පැස්ටා තම්බා දිය බේරාගන්න. ලූනු, සුදුලූනු සිහින්ව ලියා ගන්න. රතුපාට  අමුමිරිස්  ඉතා සිහින්ව ලියා ගන්න. තක්කාලි ගෙඩි උණු වතුරේ දමා සාරය වෙන්කර ගන්න.
දැන් ඔලිව් තෙල් ටික ළිප තබා රත්වන විට ලූනු, සුදුලූනු දමා තෙම්පරාදු වන්නට හරින්න. දැන් තක්කාලි සාරය, ලූනු සිහින්ව ලියාගත් අමුමිරිස් දමන්න. දැන් තම්බාගත් පැස්ටා දමා කලවම් කර දීසියකට දමා  ඒ මත චීස් අතුරා බැඩිල්කොළ වලින් සරසා මේසයට යවන්න

අවශ්‍ය ද්‍රව්‍ය
 
තම්බාපත් මනිපිට්ටු ග්‍රෑම් 500
ලීක්ස් ග්‍රෑම් 50
කැරට් ග්‍රෑම් 100
බටර් මේස හැඳි 2-3ක්
කරපිංචි කිනිත්තක්
ලුණු රසට අනුව
 
සාදන ආකාරය
 
මනිපිට්ටු ටික අතින් කුඩා කැබැලිවලට ලෙහා ගන්න. ආහාරයට ගෙන ඉතිරි වූ ඒවා නම් නැව ස්ටීමරයක දමා ටික වෙලාවක් තම්බා ගන්න. දැන් එළවළු ඉතාම සිහින් කැබැලිවලට කපා ගන්න. තරමක් ලොකු තාච්චියක් ළිප තබා රත්වනවිට බටර් ටික දමන්න. දැන් ලියාගත් එළවළු කැබලි, ලූනු, කරපිංචා  දමා තෙම්පරාදු කර ගන්න. අන්තිමට පිට්ටු දමා හොඳින් කලවම්කර උණුවෙන්ම කෑමට ගන්න.

Page 10 of 10

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 262

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 489

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 446

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 389

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5016

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3297

Please publish modules in offcanvas position.