lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

රසගුණ පිරි සුප්


ඉස්සන් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය
ඉස්සන් 20ක් පමණ
ලොකු ලූනු ගෙඩියක්
තක්කාලි ගෙඩි 2ක්
සුදුලූනු බික් 4ක්
ලූනු කොළ 2-3ක්
තුනපහ කුඩු තේ හැඳි 4
ලුණු රසට අනුව
ස්ටොක් වතුර ලීටර් 1
(මාළු කටු තම්බා සාදා ගත හැකියි)
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව
තෙල් ස්වල්පයක්

සාදන ආකාරය
ඉස්සන් හොඳින් සුද්දකර ‍පොතු, ඔළු ඉවත්කර කුඩාවට කපාගන්න. ලූනු, තත්කාලි, සුදුලූනු කුඩාවට කපා ගන්න. ලූනු කොළ ඉතාම සිහින්ව කපා ගන්න. දැන් තෙල් ටික ළිප තබා රත්වන විට චොප් කරගත් ලූනු, සුදුලූනු දමන්න. තක්කාලි කැබැලි දමන්න. දැන් ඉස්සන්ද දමා බැදෙන්නට හරින්න. ඉන්පසු තුනපහ කුඩු සහ ස්ටොක් වතුරද, ලුණුද දමා හොඳහැටි තැම්බෙන්නට හරින්න. තැම්බුණු විට, සිහින්ව කපා ගත් ලූනු කොළද ගම්මිරිස්ද දමා උණුවෙන්ම බිමට ගන්න.  (ඉස්සන් වැඩිපුර තිබේ නම් සුද්ද කරගත් ඉස්සන් පිටින්ම දැමිය හැක)

මුං ඇට සුප්  

අවශ්‍ය ද්‍රව්‍ය
මුංඇට ග්‍රෑම් 250
රතුලූනු ග්‍රෑම් 100
කරපිංචා කිනිත්තක්
සුදුලූනු බික් 3-4ක්
කටු රහිත කුකුල් මස් ග්‍රෑම් 50
කොත්තමල්ලි කුඩු ස්වල්පයක්
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
තෙල් මේස හැඳි 2
සූදුරු කුඩු ඉතා ස්වල්පයක්
ලුණු රසට අනුව

සාදන ආකාරය
මුංඇට සෝදා රැයක් පුරා පෙඟෙන්නට හරින්න. රතුලූනු, සුදුලූනු, කරපිංචා සිහින්ව ලියා ගන්න. දැන් මස් ටිකද සෝදා කුඩා කැබැලිවලට කපා ගන්න. තෙල් ටික ළිප තබා රත්වන විට මස් කැබැලි, ලූනු, සුදුලූනු, කරපිංචා දමා තෙම්පරාදු වන්නට හැර එයට මුංඇට, ලුණු සහ ප්‍රමාණවත් තරමට වතුර දමා හොඳහැටි තැම්බෙන්නට හරින්න. හොඳින් තැම්බුණු පසු ‍පොඩිකර ගන්න. ඝනකම් වැඩිනම් අවශ්‍ය තරමට වතුර එකතු කරන්න.


රාජ අල සුප්

අවශ්‍ය ද්‍රව්‍ය
රාජ අල
ග්‍රෑම් 250
සුදුලූනු බික් 3
සැල්දිරි
නටු කුඩා
කැබැල්ලක්
‍පොල්කිරි
අඬු කෝප්ප 1/2
රසට අනුව ලුණු

සාදන ආකාරය
රාජලවල වැලි ඉවත්වන සේ හොඳින් සෝදා ‍පොතු ඉවත්කර නැවත සෝදන්න. දැන් අලය බඳුනකට දමා වතුර යොදා මෘදු වන තුරු තම්බා ගන්න. සැල්දිරි සහ සුදුලූනු කුඩාවට කපා ගන්න. රාජල ටික බ්ලෙන්ඩරයක දමා හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. දැන් එයටම සුදුලූනු සහ සැල්දිරිද එකතු කර බ්ලෙන්ඩර් කරන්න. දැන් අවශ්‍ය පදමට ලුණු සහ කිරිද එකතු නටවා බිමට ගන්න.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ඉන්දියන් සැලුන් ජාලයක් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරයි

IMAGE 2017 Aug 23 15:19
ඉන්දීය රූපලාවන්‍යාගාර ජාලයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට යන පුවත ක්‍ෂේත්‍රයේ සැලකිය යුතු...
Views - 684

මම අවුරුදු තුනක රසිකාවියකගේ උපන්දිනයට ගියා

IMAGE 2017 Aug 23 11:59
ඔහුගේ පෙනුම, කතාබහ, ඇවැතුම්, පැවැතුම් වෙනස්ම ප්‍රතිරූපයක් මවයි. ඒ ‘හාරකෝටිය’ ටෙලි...
Views - 1095

සැබෑ ජීවිතයේදිත් සොනාලිගෙන් මිදෙන්න අමාරුයි

IMAGE 2017 Aug 23 09:38
ටී.වී. දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ “සොනාලි ටීචර්” මේ වන විට...
Views - 1389

ජා ඇල අධිවේගී පිටවුමේ මරණ දහයක් සිදුවීමට හේතුව කුමක්ද?

IMAGE 2017 Aug 22 10:22
කොළඹ -  කටුනායක අධිවේගී මාර්ගයේ ජා ඇල පිවිසුමට සම්බන්ධ  පමුණුගම - ජා ඇල මාර්ගයේ අධිවේගී...
Views - 2536

මඩු වන්දනාවේ ගොස් එන ගමන් බල්ලෙක් ‘උස්සලා‘

IMAGE 2017 Aug 21 14:29
වන්දනාව සියළුම ආගමිකයන්ට පොදු වූවකි. වන්දනා ගමනකින් සිදුවනුයේ සැහැල්ලු, සරළ, චාම් සහනශීලි...
Views - 1486

විභාග සමත් කරවන බුද්ධික පතිරණගේ මන්තර ගුරුකම්

IMAGE 2017 Aug 21 12:02
පහුගිය සති අන්තයේ පුවත්පත්වල සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපූරු දැන්වීමක් ප්‍රචාරය විය. ඒ...
Views - 2101

Please publish modules in offcanvas position.