Coss Ear2
lakbima.lk
COSS Ear 1

දරුවන්ට හොඳ නරක වටහා දීම  ගුරුවරුන්ගේ කාර්යයක් බව ඇතැම් දෙමාපියන්ගේ අදහසයි. එවැනි දෙමාපියන් තම දරුවන්ගේ වැරදි සඳහා ඔවුනට  අවවාද කරන ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලීම්ද කරන අවස්ථා තිබේ.
දරුවකුට හොඳ නරක වටහා දීම පිළිබඳව ගුරුවරුන්ටද වගකීමක් ඇති බව සැබෑය. දෙමාපියන් ගුරුවරුන්ගෙන් එලෙස ඉල්ලා සිටීම වරදක් යැයි පැවැසීමටද නොහැකිය. 
නමුත් ඒ පිළිබඳව දරුවන්ට ආදර්ශය ලැබිය යුතු වන්නේ පළමුව දෙමාපියන්ගෙනි.
කකුළුවා හරහට ගමන් කරමින් තම දරුවන්ට කෙළින් යන ලෙස උපදෙස් දෙන බව පැරණි කියමනක සඳහන් වේ. ඇතැම් දෙමාපියන්ද  එසේය.
දරුවන් තුළ යහපත් හැසිරීම් ගොඩනැගීම ආරම්භ කළයුතුවන්නේ ඔවුන් කුඩා කාලයේ පටන්මය. ඒ සඳහා වඩාත්ම සුදුසු ක්‍රමය වන්නේ පුහුණු කිරීමය. නැතහොත්  ඒවා ඔබම කර පෙන්වීමයි.
මේ පිළිබඳව තව දුරටත් මෙසේ පැහැදිලි කළ හැකිය. 
සිසුන්ට නර්තනයක් පුහුණු කරන  අයෙකුගේ කාර්යභාරය පිළිබඳව විමසා බලමු.  එහිදී ගුරුවරයා විසින් කරනු ලබන්නේ එය නිවැරදි ලෙස කර පෙන්වීමය.
ක්‍රීඩා උපදේශකවරයකුගේ කාර්යභාරයද ඒ ආකාරමය.
පළමුව තමන් විසින් එය කර පෙන්වා සිසුන් එහි යෙදෙන විට නර්තන ගුරුවරයා/ ක්‍රීඩා උපදේශකවරයා කරන්නේ එහි අඩුපාඩු නිවැරදි කිරීමයි.
දරුවකු සුදුසු මාර්ගයෙහි පුහුණු කිරීමත් ඒ ආකාරයමය. එහි ප්‍රධාන අංශය වන්නේ  කර පෙන්වීමයි.
කීකරු කම නැමැති ගුණාංගය අද බොහෝ දරුවන් වෙතින් දුරස්ව ගොසිනි. ඊට ප්‍රධානම හේතුව එය නිවසේදී ක්‍රියාවට නැංවීමට බොහෝ දෙමව්පියන් අසමත් වීමයි.
ඊර්ෂ්‍යාව ක්‍රෝධය, සත්‍යයෙන් බැහැර වීම අන් අයව විවේචනය කිරීම හෙළා දැකීම තවත් කෙනෙකුට උපකාර කිරීමට මැලි වීම ආදී අයහපත් චර්යාවන් දරුවන් තුළ වර්ධනය වන්නේ දෙමාපියන් හරහාය.
අද පවතින තරගකරී අධ්‍යාපන රටාවත් ඊට ප්‍රධාන හේතුවක් බව පැවැසීමද සාවද්‍ය නොවේ. 
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දෙමාපියෝද ඉතාම වෙහෙස වෙති. එය වරදක් නොවේ. දරුවකු හොඳ අධ්‍යාපනයක් ලබා සමාජයේ ඉහළ   තලයක සිටිනු දැකීම දෙමාපිය අපේක්ෂාව නිසාය.
නමුත් මෙහිදී දෙමාපියන් විසින් අනුගමනය කරන ඇතුම් ක්‍රියාවන් අනුමත කළ හැකි වන්නේ නැත.
ඒ හරහාද දරුවන් තුළ අයහපත් ගුණාංග වර්ධනය වීම සිදුවන බව දෙමාපියන් අවබෝධ කර ගැනීම ඉතාම වැදගත්ය.
හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එක් දරුවකු තම මිතුරකු සමග  එක්වි ඉංග්‍රීසි වචන සඳහා අකුරු  කටපාඩම් කළේ විභාගයට දින කීපයකට පෙරය. ඔහු ඒ පිළිබඳව තම මවට පැවැසුවේ ප්‍රීතියෙනි. නමුත් මවගේ පිළිතුර වූයේ.
‘අපරාදේ මේ පාර ඉංග්‍රීසිවලට ඔයාට වඩා එයාට ලකුණු වැඩි වුණොත් තෑග්ග එයාට යනවා’ යන්නය.
තමන් දන්නා දෙයක් තවත් අයකු සමග බෙදා ගැනීම කෙතරම් අගය කළ යුතුය. නමුත් ඒ මව කළේ එය නුසුදුසු බව දරුවාට හැඟවීමය. 
පාස‍ලේ වාර විභාග සඳහා තම දරුවන්ව ඉතාම උනන්දු කරන දෙමාපියන් ඊළඟට කරන්නේ දරුවාගේ ලකුණු අනෙක් දරුවන් සමග සැසඳීමය.
‘එයාට පුළුවන් නම් ඔයාට ඇයි බැරි වුණේ’
‘ඒ ළමයාට ඒ දවස්වල නම් ඉගෙන ගන්න බැහැ නේද?’
අහවලාටත්  ඔයාට වඩා ලකුණු වැඩිද මේ පාර’
දෙමාපියන් දරුවන්ගෙන් මේ ලෙස විමසන අවස්ථා බොහෝය.
එවැනි වදන් හරහා දරුවන් තුළ ඊර්ෂ්‍යාව ක්‍රෝධය, ආත්මාර්ථකාමී බව ආදී ගුණාංග වර්ධනය වෙයි. ඉහත සිද්ධියද ඒ සඳහා එක් නිදසුනකි.
මීට වසර කීපයකට පෙර පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි එක් දියණියකගේ මවක් මා සමග පැවැසුවේ
‘මම දුවට ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ‍පොතක් අරන් දුන්නා. ඒක හරිම හොඳයි. හැබැයි ඒ ‍පොත් හොයා ගන්න අමාරුයි. (ඇය එය මිලදී ගත් ස්ථානයද පැවැසුවාය)
ඒත් මම දුවට කිව්වේ දැන් පන්ඩිතයා වගේ පන්තිය පුරාම ඕක කියවන්න නම් එපා කියලයි.’ යනුවෙනි. 
ඇත්තෙන්ම ඇය ඒ පිළිබඳව මා සමග පැවැසුවේ මගේ දරුවන් ඒ වනවිට පස්වන ශ්‍රේණිය පසුකර සිටි නිසා වීම පුළුවන.
සමහර දෙමාපියන් අන් අයව විවේචනය කරන්නේ දරුවන් ඉදිරියේමය. ඒ ආකාරයට ගුරුවරුන්ට පවා විවේචනය කරන අවස්ථා තිබේ. එවිට සිදු වන්නේ දරුවන් තුළ ඇති ගුරු භක්තිය අඩු වී යාමය.
එසේම කුඩා දරුවන් එකිනෙකා අතර වුවද ඇතිවන සුළු ගැටුම්වලට දෙමාපියන්ද මැදිහත් වී ඒවා බොහෝ දුරදිග යන අවස්ථා අපි දැක ඇත්තෙමු.
කුඩා දරුවන් අතර ඇතිවන විරසකයන් පවතින්නේ ඉතා සුළු වෙලාවකි. නමුත් දෙමාපියන්ගේ මැදිහත් වීම මත සිදු වන්නේ  ඒවා අනවශ්‍ය ලෙස දුරදිග යෑම පමණක් නොව ඒ හරහා දරුවන් තුළද  වෛරය නපුරුකම පලි ගැනීම ආදී දේ වර්ධනය වීමය.
දරුවන් තුළින් වැරදි දේ බැහැර කිරීමටත් නිවැරදි දේට  දරුවන්ව හුරු කිරීමටත් අවවාදය පමණක් ප්‍රමාණවත් නොවේ. ආදර්ශයද අවශ්‍ය වේ.
එම නිසා දරුවන් ඉදිරියේ යහපත් හැසිරීම් ක්‍රියාවට නගන්න. ඉගැන්වීම හෝ කියාදීම නොව වඩාත් සුදුසුම ක්‍රමය වන පුහුණු කිරීම නැතහොත්  කර පෙන්වීම නිවැරදිව කළ යුතුය.
 
පෙර පාසල් ගුරු උපදේශක ජලදිනී සේනානායක අවධාරණය කරයි

“ගණිතය” යනු අ.‍පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී අනිවාර්යයෙන්ම සමත්විය යුතු විෂයයකි. එසේම දරුවන් අතරින් බහුතරයක් අසමත් වන්නේද ගණිතය විෂයයි. ගණිතය අමාරු විෂයයක් ලෙස දකින අයද බොහෝ වෙති. 
ඇත්තෙන්ම මවුවරුන් තම දරුවන්ට කුඩා අවදියේ සිටම ගණන් කිරීමට ඉලක්කම් හඳුන්වා දීමට මෙන්ම ඉලක්කම් ලිවීම හුරු කරවීමට වෙහෙස වන්නේද මෙවැනි හේතූන් නිසාමය. 
මීට වසර කිහිපයකට උඩදී මමද මාගේ මිතුරියකගේ නිවසට යන විට ඇය සිටියේද ඊළඟ වසරේ පළමුවන ශ්‍රේණියට ඇතුළත් වීමට නියමිත ඇයගේ දරුවාට ඉලක්කම් උගන්වමිනි. 
“මේක තමයි තුන”
“මේක තමයි පහ”
“එකයි බිංදුවයි දහය”
යනාදී වශයෙන් එක දිගටම දරුවාට ඉලක්කම් කටපාඩම් කරවීම ඇය සිදු කළාය. දරුවාට ඉලක්කම් අමතකවීම ඇයට ගෙන දුන්නේ විශාල කේන්තියකි. 
මා දුටු ඇය මට පැවසුවේ 
“මේ ළමයට හරියට අමතක වෙනවා. ලබන අවුරුද්දේ ඉස්කෝ‍ලේ ගියාම හරියට වැඩ අල්ලා ගන්න ඕනෑනේ. පුළුවන් ළමයි කරගෙන යයි. මෙයාලාට මොකද වෙන්නේ” ආදී වශයෙනි. 
නමුත් කුඩා දරුවකුට ඉලක්කම් ඉගැන්වීමේ නිවැරදි ක්‍රමය වන්නේ ඒවා කිහිපයක් එකවර පෙන්වමින් හඳුන්වාදීම නොවන බව මම ඇයට පැහැදිලි කළෙමි. 
කුඩා දරුවන්ට ගණන් කිරීමට ඉලක්කම් හඳුන්වා දීමට මෙන්ම ඉලක්කම් ලිවීමට හුරු කිරීම සඳහාද කළ යුතු දේ බොහෝය. එමෙන්ම ඒවා කළ යුතු වන්නේ ද දරුවන්ගේ මනසට හා හදවතට දැනෙන ආකාරයටය. 
එසේ නම් දරුවන්ට ගණන් ඉගැන්වීමේ ආරම්භය කෙසේ විය යුතුදැයි අපි බලමු. 
කුඩා දරුවන්ට සංඛ්‍යාත්මක අවබෝධය ලබාදීමේදී කරුණු 3ක් පිළිබඳව අවධානය යොමු කළ යුතුය. 
1. සංඛ්‍යා නාමය
2. සංඛ්‍යාවේ වටිනාකම (අගය)
3. සංඛ්‍යා සංකේතය
මේ අංශ 3 පිළිබඳව වෙන වෙනම විමසා බලමු. 
 
1. සංඛ්‍යා නාමය 
මෙයින් අදහස් කරන්නේ සංඛ්‍යාව හඳුන්වන ආකාරයයි. 
උදා - දෙක, පහ, හත, දහය.
සංඛ්‍යා නාමය යනුවෙන් පවසන විට සංඛ්‍යාවේ හැඩය නැතහොත් සංඛ්‍යාව ලියන ආකාරය යන්න අදහස් වන්නේ නැති බවත් විශේෂයෙන්ම මතක තබා ගත යුතුය. 
දරුවන්ට කුඩා අවදියේ සිටම නිවසේදී මෙන්ම විවිධ ස්ථානවලදී සංඛ්‍යා නාමය සවනට වැටෙන අවස්ථා තිබේ. 
ඒවා මෙසේ පෙන්වා දීමට පුළුවන. 
* දරුවෝ කුඩා කාලයේදී නාවන විට මවුවරුන් හෝ වෙනත් වැඩිහිටියන් විසින් කෝප්පයෙන් / ‍පොල්කටුවෙන් ගණන් කරමින් හිසට වතුර වත් කරන අවස්ථාව. 
* බත් කවන විට ගණන් කරමින් බත් කටවල් කැවීම.
* අත්පුඩි ගසමින් ගණන් කිරීම. 
* උඩ පනිමින් ගණන් කිරීම.
* ඔන්චිලි පදින විට ගණන් කරමින් ඔන්චිලි පැදීම. 
උදා - “පුතා දහයක් පැදලා අක්කාට දෙන්න.”
* කතන්දර ඇසුරින් සංඛ්‍යා නාමය අසන්නට ලැබෙන අවස්ථාද තිබේ. 
උදා - “හා පැටව් දෙන්නෙක් හිටියා”
* වැඩිහිටියන් කරන සාමාන්‍ය කතාබහ මගින්ද දරුවෝ සංඛ්‍යා නාමය පිළිබඳව දැනුවත් වෙති. 
උදා - “වළලු දෙක / කරාබු දෙක”
“කැරට් අල හතරක් තම්බන්න”
“එක පේළියට පුටු තුනක් තියලා තියෙනවා”
වැඩිහිටියන් විසින් කියන මෙවැනි වදන් හරහා සංඛ්‍යා නාමය දරුවන්ගේ සවනට වැටේ. 
තමන් මෙහිදී එසේ හැඳින්වෙන සංඛ්‍යාවල වටිනාකම් නැතහොත් අගයයන් පිළිබඳව කුඩා දරුවන්ට අවබෝධයක් ලැබෙන්නේ නැත. එමෙන්ම වටිනාකම පිළිබඳව දරුවන්ට එකවරම ඉගැන්වීමට උත්සාහ කිරීමද නුසුදුසුය. 
කුඩා දරුවන් කතා කරන විට අවබෝධයෙන් තොරව සංඛ්‍යා නාම පවසන අවස්ථා තිබේ. 
උදා - සෙල්ලම් බඩු කිහිපයක් පෙන්වා මට “කාර් තුනක් තියෙනවා” යනුවෙන් පැවසීම.  මෙවැනි අවස්ථාවලදී ඒවා එකරවම නිවැරදි කිරීමට යාමද සුදුසු නැත. කුඩා දරුවන් නිදහසේ කතාබහ කරන අවස්ථාවලදී සංඛ්‍යා නාමයන් පවසන විට කළ යුතු වන්නේ ඔවුන්ට නිදහසේ ඒවා පැවැසීමට ඉඩ දීමයි. ඒවා නිවැරදි කිරීම ක්‍රමයෙන් කළ හැකිය. 
අද බොහෝ මවුවරු තම දරුවා සම වයසේ තවත් දරුවන් සමග සැසඳීමට පෙළඹෙති. දරුවන් කුඩා වුවද (ඇතැම් විට පෙර පාසලට පවා නොයන) තම දරුවාට වඩා යම් අවබෝධයක් තවත් දරුවකුට තිබේ නම් මවට තම දරුවා පිළිබඳව දැනෙන්නේ බියකි, වේදනාවකි. නමුත් එසේ විය යුතු නැත. 
දරුවාට ශාරීරික හෝමානසික ආබාධයක් නොමැති බව හොඳින්ම දන්නේ නම් අද පවතින තරගකාරී අධ්‍යාපන රටාවට හුරු වීමට දරුවාට අපහසු බව හෝ ඒ තුළ දරුවා අතරමං වෙතැයි යන බිය ඇති කර ගැනීම කිසිසේත්ම කළ යුතු නැත. 
එම නිසා දරුවාට අනවශ්‍ය වෙහෙසක් හා පීඩාකාරී බවක් ගෙන දෙන ආකාරයට ගණන් කිරීමට ඉලක්කම් ඉගැන්වීමට යාම තම කාලයද අපතේ යැවීමකි. 
කුඩා දරුවන්ට එම කාලය ක්‍රීඩා කිරීමට, පරිසරය සමග නිදහසේ ගැටීමට ඉඩ දීම ඊට වඩා අර්ථවත් බව පැවැසිය හැකිය. 
 
දරුවන්ට සංඛ්‍යාත්මක අගය පිළිබඳ අවබෝධය ලබා දීම මීළඟට බලමු
 
පෙර පාසල් ගුරු උපදේශිකා ජලදිනී සේනානායක 

Page 2 of 6

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 2170

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 1566

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3113

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1818

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 6579

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3970

Please publish modules in offcanvas position.