Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දරුවාට පුහුණු කළ යුතු ආහාර ගැනීමේ නිවැරදි ක්‍රම

දරුවකුගේ වර්ධනය දැකීම සෑම මවකගේම ආශාවය. දරුවන්ගේ ආහාර පාන සඳහා ඔවුන් වෙහෙස වන්නේද ඒ නිසාමය.

 

බොහෝ මව්වරුන් විසින් කරනු ලබන්නේ දරුවන්ට කෑම කැවීමය. එවිට වැඩි ආහාර ප්‍රමණයක් දරුවාට ලබා දිය හැකි වීම ඊට හේතුවයි.

 

එය වරදක් යයි පැවසිය හැකි නොවේ. නමුත් දරුවන්ට ආහාර ලබා දීමත් සමඟම ආහාර ගැනීමේ දී අනුගමනය කළ යුතු හොඳ පුරුදු පිළිබඳවද ඔවුන්ව දැනුවත් කළ යුතුමය. ඒ සඳහා දරුවන්ට තනිවම ආහාර ගැනීමට ද අවස්ථාව ලබා දීම ඉතාම අවශ්‍යය.

 

 

එම පුරුදු මොනවාදැයි බලමු,

 

 

ආහාර ගැනීමට පෙර හොඳින් අත් සෝදා ගැනීම

මෙය අනිවාර්ය බවත් එසේ නොකළහොත් ඇති වන විපාක පිළිබඳවත්  දරුවන්ට වටහා දිය යුතු වේ.

 

එක තැනක හිඳ ආහාර ගැනීම

දරුවන් කුඩා අවදියේ දී තැනින් තැනට ආවිදිමින් විවිධ දේ පෙන්වමින් ඔවුන්ට ආහාර ලබා දෙන නමුත් දරුවන් වයසින් වැඩෙන විට මෙම තත්ත්වය ටිකින් ටික වෙනස් කළ යුතුය.

 

 

දරුවන්ගේ උසට සරිලන ආකාරයේ මේසයත් බංකුවත් යන පුටුවක් ඇත්නම් එය භාවිතා කළ හැකිය. නැතහොත් කෑම මේසයේම පුටුවක කොට්ටයක් හෝ කුෂන් එකක් තබා එහි වාඩිවී පිඟාන මේසය මත තබාගන ආහාර ගැනීමට දරුවන්ට පුරුදු කළ යුතුය. ඒ සඳහා වෙනම කොට්ටයක් හෝ කුෂන් එකක් තබා ගත යුතුය.

 

 

තැනින් තැන විසුරුවමින් ආහාර ගැනීම වැළැක්වීම

 

අත්පිස්නාවක් මත පිඟාන තබා ආහාර ගැනීමට දරුවාට ඉඩ දීමට පුළුවන. එම අත්පිස්නාවේ ප්‍රමාණය පිඟානේ ප්‍රමාණයට වඩා විශාල විය යුතුය. එහි එළවළු පලතුරු වැනි දෙයක් මසා හෝ පින්තාර කර අලංකාර කර දීමට පුළුවන. නැතහොත් එවැනි දේ මුද්‍රණය කර ඇති රෙදි කැබැල්ලක් ‍භාවිතා කර අත්පිස්නාව සකස් කර දීමටද සුදුසුය.

 

 

සැන්විචර්ස් හා ක්‍රීම් විස්කෝතු වැනි දේ

සමහර දරුවන් සැන්විචර්ස් හා ක්‍රීම් විස්කෝතු වැනි දේ ආහාරයට ගන්නේ වෙන් කරමිනි. මෙම පුරුද්ද වෙනස් කළ යුතු අතර එවැනි දේ එකට තබා ආහාරයට ගත යුතු බව දරුවාට වටහා දිය යුතුය.

 

 

තලු ගැසීම, ඇඟිලි ලෙව කෑම, අල්ලේ ගෑවෙන ලෙස ඇඟිලි වලින් මිරිකමින් ආහාර ගැනීම වැනි පුරුදු දරුවන් වෙතින් දුර කරලීම.

මෙවැනි පුරුදු ඉතා අප්‍රසන්න වන අතර ඒවා බැහැර කරලීම දරුවන් කුඩා කාලයේ දීම  කළ යුතුවේ.

 

මේ සඳහා ඔබද දරුවා ඉදිරියේ ප්‍රසන්නව ආහාර ගනිමින් දරුවාට එය ආදර්ශයෙන් පෙන්වා දිය යුතුය.

 

 

එසේම දරුවා ආහාර ගැනීමේ දී යහපත් පුරුදු අනුගමනය කරමින් ප්‍රසන්න ලෙස ආහාර ගන්නා විට එයට ප්‍රශංසා කිරීමට ද අමතක කළ යුතු නැත.

 

බොහෝ විට දරුවන්ට ප්‍රශංසාව හිමි වන්නේ වැඩිපුර ප්‍රමාණයක් ආහාරයට ගත් විටය. නමුත් යහපත් පුරුදු අනුගමනය කිරීමේ දීත් ඔවුන්ට ප්‍රශංසා කිරීම ඉතාම වැදගත්ය.

 

 

එය දරුවන්ට ගෙන දෙන්නේ මහත් සතුටකි. එසේම එම පිළිවෙළ දිගින් දිගටම පවත්වා ගන යාමට උනන්දු වීමට ද ඔවුන් ලබා දෙන ප්‍රශංසාව හා අගය කිරීම මනා පිටුවහලක් වේ.

 

ළමා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතාට අපගේ විශේෂ ස්තුතිය.

සැකසුම - ජලදිනී සේනානායක (මුල් ළමා විය සංවර්ධන ඩිප්ලෝමා)

 

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 612

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1201

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 607

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1672

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 504

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4202

Please publish modules in offcanvas position.