Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඉදිරිපත්වීම සඳහා දරුවන් පසුබාන හේතු කිහිපයක්

සිඟිති දරුවන් අතර වුවද ඕනෑම කෙනෙකු සමඟ සුහදශීලීව කථා කරන ඕනෑම දෙයක් සඳහා ඉදිරියට පැමිණෙන දරුවෝ සිටිති. එවැනි අය සමාජශීලී දරුවන් ලෙස හැඳින්විය හැක.

ඒ අතර යමකු සමඟ කථා කිරීමට නොව අසන ප්‍රශ්නයකට පවා පිළිතුරු දීමට බියක් ලැජ්ජාවක් දක්වන දරුවෝද වෙති.

ඉහත සඳහන් තත්ත්වයන් දෙකම ගැහැණු දරුවන් හා පිරිමි දරුවන් යන දෙපාර්ශවය තුළම දක්නට ලැබෙන අවස්ථා තිබේ. ඇතැම් විට යම් කටයුත්තක් සඳහා හැකියාව ඇති දරුවෝද ඉදිරිපත් වීමට මැලිවෙති.

උදා -: ගායන හැකියාව ඇති දරුවකු ගීතයක් ගායනා කිරීමට කවුරුන් හෝ ආරාධනා කරන ලද අවස්ථාවක පසු බැසීම.

දරුවන් තුළ මෙම තත්ත්වය ඇති වීමට හේතු වන කරුණු තිබේ. දෙමාපියන් විසින් ඒවා පිළිබඳව දැනුවත් වීම දරුවන්ගේ එම දුර්වලතාවය මගහරවා ගැනීමට උපකාරී වේ.

 ඒ මොනවාදැයි බලමු,

දරුවන් තුළ ඇති ශාරීරික දුබලතා

දරුවකුට ශාරීරික දුබලතාවයන් තිබෙන විට ඉදිරියට පැමිණීමට පසුබැසීම සිදුවේ.

උදා -: ඇසීමේ දුබලතා, කථන දුබලතා

 තම අඩුපාඩුව නිසා යමක් නිවැරදිව කරගත නොහැකිවේද? ඒ හේතුවෙන් අන් අයගේ උසුළු විසුළු වලට ලක්වේද? යන බිය - සැකය මත ඔවුහු ඉදිරිපත් වීමට මැලි වෙති.

නිවස තුළ ඇති විවිධ ගැටලු

නිවස තුළ ගැටලු ඇති විට සිදුවන්නේ දරුවන්ට අවශ්‍ය කරන සතුට සමාදානය අහිමි වීමය. එවැනි වාතාවරණයක් තුළ සිටින දරුවන්ට නිතරම බියෙන් හා තැතිගැන්මෙන් කාලය ගත කිරීමට සිදුවේ. මෙම තත්ත්වය ඔවුන් තුළ ලැජ්ජාශීලී ස්වභාවයක් ඇති කිරීමට ද හේතුවේ. එවිට ඔවුන් නිතරම උත්සාහ කරනුයේ මුළුගැන්වී සිටීමටය.

තමන් පිළිබඳව අවතක්සේරුවෙන් සිතීම

මෙසේ වීම සඳහා ඇතැම් දෙමාපියන්ගේ යම් යම් ක්‍රියාදාමයන් හේතු වන බව පැවසීමට පුළුවන.

දරුවකු යමක් කිරීමට උත්සාහ කිරීමේ දී දරුවා ධෛර්යමත් නොකිරීම, දරුවා ඇගැයුමට ලක් නොකිරීම, දරුවන් කිහිප දෙනෙකු සිටී නම් ඒ සියලු දෙනාටම සමානව ආදරයක් - සැලකිල්ලක් නොදැක්වීම වැනි හේතූන් මත දරුවෝ තමන් පිළිබඳව අවතක්සේරුවෙන් සිතීමට පෙළඹෙති.

දරුවාගේ දුර්වලතාවයන් දරුවා ඉදිරියේම අන් අය සමඟ විවේචනය කිරීම ද දෙමාපියන් වෙතින් සිදුවන තවත් අනුවණ ක්‍රියාවකි.

එවිට යම් කටයුත්තක් සඳහා ඉදිරිපත් වීමට දරුවන්ට ඇති ආශාවද හීනවේ.

පරාජයට හා විවේචන වලට අකමැති වීම

සමහර දෙමාපියෝ දරුවාගේ සතුට උදෙසා හැම විටම දරුවාව උසස් කර කථා කරති.

"ඔයා තමයි හොඳම, ඔයාගේ චිත්‍රය තමයි ලස්සනම, ඔයා තමයි හරි" ආදී වශයෙන් පවසා අනෙක් අයව දරුවා සමඟ විවේචනය කරති. එවිට සිදුවන්නේ දරුවන් සෑම විටම තමන් පිළිබඳව අධිතක්සේරුවෙන් සිතන්නට පෙළඹීමය.

එවැනි දරුවන්ට පරාජය දරා ගත  හැකි වන්නේ නැත. තවත් අයකු විසින් තමාගේ වරදක් පෙන්වා දීමද ඔවුන්ගේ නොසතුටට හේතුවේ. එමෙන්ම අනෙක් අයගේ ජයග්‍රහණය, අනෙක් අයව කවුරුන් හෝ අගය කිරීමද ඔවුනට වේදනාවකි.

මෙම තත්ත්වය යමක් සඳහා ඉදිරිපත් වීමේ ආශාව වළලා දැමීමට ද හේතුවක් වේ.

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 612

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1204

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 607

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1675

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 504

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4203

Please publish modules in offcanvas position.