Coss Ear2
lakbima.lk
COSS Ear 1

දරුවන්ට ඇති අධික ආදරය නිසාම දරුවා ඉල්ලන සියල්ලම ලබා දීමට හෝ අවශ්‍ය ඕනෑම දෙයක් කරන්නට පෙළඹී සිටින දොමාපියෝ සිටිති. එවිට සිදුවන්නේ අප ජීවත්වන පරිසරයේ යථා තත්ත්වය අවබෝධ කර ගැනීමට ඔවුන්ට නොහැකි වීමය.

එසේ හැදෙන දරුවන් පසු කලක සමාජයට ගිය විටද උත්සාහ කරන්නේ තමාට අවැසි දෙය කෙසේ හෝ ඉටු කර ගැනීමටයි. එය යහපත් තත්ත්වයක් නොවේ.

ඇතැම් දෙමාපියෝ දරුවන්ගේ වැඩි ආරක්ෂාව තකා ඔවුන්ව නිවස තුළටම කොටු කරගෙන සිටිති. ගස්වැල්, සතුන් මෙන්ම සමවයසේ වෙනත් දරුවන්ගේ ඇසුරද තම දරුවාට අයහපතක් සිදුකරතැයි යන්න ඔවුන්ගේ අදහසයි.

නමුත් එයින් සිදුවන්නේ දරුවා තුළ යහපත් සිතුවිලි ගොඩනැගීමට ඇති අවස්ථා අහිමිවනවා මෙන්ම චින්තන ශක්තිය නිර්මාණශීලි බව දරුවා තුළින් හීන වී යාමයි.

කුඩා දරුවෝ වැලි, වතුර යනාදිය සමඟ ක්‍රීඩා කිරීමට ඉතා ප්‍රිය කරති. ඒවාට ඔවුන්ට අවස්ථාව ලබා දිය යුතුය. නිවසේ බඩු භාණ්ඩ රැගෙන යම් යම් අනුකරණයන්හි යෙදෙන විට ඊට බාධා නොකළ යුතුය.

එසේම දරුවන් කුඩා අවදියේ සිටම අන් අයට උදව් උපකාර කිරීමට කැමති නම් එයද අගය කළ යුතු අතර ඊට සහයෝගය ලබා දීමද ඉතා වැදගත්ය.

එවැනි අවස්ථාවලදී දරුවන් ඉගෙන ගන්නා පාඩම් බොහෝය.

දරුවන් සැමදාම දෙමාපිය තුරුලේ සිටින්නේ නැත. එමනිසා දරුවන් සමාජයට පා තබන විට ඔහු / ඇය යහපත් හැසිරීම් රටාවකින් යුතු අයකු වීම වැදගත්ය. මේ සඳහා ළමා වියේ අත්දැකීම් ඉතාම උපකාර වන බව දෙමාපියන් මතක තබා ගත යුතුවේ.

ජලදිනී සේනානායක

 

 

 

කුඩා දරුවකු කැලැන්ඩරයක ‍පොතක හෝ වෙනත් ස්ථානයක ලියා ඇති ඉලක්කමක් පෙන්වා. 
මේ මොකක්ද ලියලා තියෙන්නේ යනුවෙන් විමසුවහොත් එය අසවල් ඉලක්කම බව පැවසීම වරදක් නැත. එසේ පැවසීමද අවශ්‍යය. 
නමුත් වඩාත් වැදගත් වන්නේ වටිනාකමත් (අගයත්) සමගම දරුවාට ඉලක්කම් හඳුන්වා දීමය. 
දරුවන්ට ඉලක්කම් හඳුන්වාදීම සඳහා සකස් වුනු ‍පොත්පත් අද වෙළඳපළේ බහුලය. දරුවන්ට ඉලක්කම් ඉගැන්වීමට ඒවා භාවිතා කිරීමද වරදක් නොවේ. 
නමුත් එම ‍පොත්පත් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් ඇත. 
* ඉලක්කමෙහි හැඩය නිවැරදිව ලියා තිබිම. 
* ඉලක්කමට අදාළව ලබා දී ඇති රූප ප්‍රමාණය දරුවාට පැහැදිලිව එකින් එක ගණන් කළ හැකි වීම.
* එක පිටුවක එක ඉලක්කමක් හා ඊට අදාළ රූප ගණන පමණක් සටහන්ව තිබිම. 
මීට අමතරව සංඛ්‍යා කාඩ්පත් සකස් කරගත හැකිය. 
 
මේවා වෙළඳපළේද තිබේ. මව්වරුන්ට මෙවැනි කාඩ්පත් නිර්මාණය කර ගැනීමද අපහසු නැත. මෙහිදීද ඉලක්කම නිවැරදිව සටහන් කළ යුතු අතර ඒ සඳහා ඇති රූපද පැහැදිලිව එකින් එක ගණන් කළ හැකි ආකාරයට තිබිය යුතුයි. 
මෙසේ සකස් කර ගන්නා ලද කාඩ්පත් කැබලි ප්‍රහේළිකා ආකාරයට සකස් කර දරුවාට එය සකස් කිරීමටද ලබා දීමට පුළුවන. 
උදා - පාට 3 කින් කාඩ් බෝඩ් 3ක් ගෙන ඒවා එකම හැඩයට එකම ප්‍රමාණයට කපා රූප හා ඉලක්කම සමග සකස් කරන්න. 
 
මේවායේ ඉලක්කම සහ රූප කොටස් 2 වෙන් කරන්න. දැන් ඒවා එකට කලවම් කර සකස් කරන ලෙස පවසන්න. 
ආරම්භයේදී දරුවෝ පාට අනුව ගැළපීමට පෙළඹෙති. හොඳින් හුරු වූ පසු මෙවැනිම අභ්‍යාසයක් එකම පාට කඩදාසි භාවිතා කර සකස් කිරීමට පුළුවන. 
 
ඉන්පසු එකම පාට කඩදාසි භාවිතා කර එකම හැඩයට ඉලක්කම හා රූප කොටස් වෙන් කර කැබලි ප්‍රහේළිකා ලබාදීමට පුළුවන. 
 
එමෙන්ම මෙම කැබලි ප්‍රහේළිකා විවිධ හැඩයන්ගෙන් සකස් කර ගැනීමටද පුළුවන. 
 
මෙවැනි ක්‍රියාකාරකම් දරුවන්ට සංඛ්‍යා හඳුනා ගැනීමට උපකාරී වේ.
දරුවන් රූප සමග සංඛ්‍යා හඳුනා ගැනීමට හොඳින් හුරු වූ පසු සංඛ්‍යාව පමණක් සටහන් කර කාඩ්පත් සකස් කරගත හැකිය. ඉන්පසු ඒවා පෙන්වා සංඛ්‍යාව කුමක්දැයි විමසීම, යම් සංඛ්‍යාවක් පවසා කාඩ්පත් අතරින් එය තෝරා දෙන ලෙස දරුවාට පැවසීම ආදී ක්‍රියාකාරකම් වෙත දරුවා යොමු කරවීම සුදුසුය. 
නමුත් මෙහිදීද එකවරම 1 සිට 10 දක්වා ඇති සංඛ්‍යා සංකේත දරුවාට හඳුන්වාදීම සුදුසු නැත. ඇත්තෙන්ම පෙර පාසල් දරුවන්ට 1 සිට 10 තෙක් ගණන් කිරීමට හුරු කරවීමත් 1 සිට 9 දක්වා ඉලක්කම් හඳුන්වා දීමත් ප්‍රමාණවත් බවත් මව්වරුන් මතක තබා ගත යුතුය. 
සංඛ්‍යා ලිවීම පිළිබඳව මීළඟට කතා කරමු.
 
පෙර පාසල් ගුරු පුහුණු උපදේශිකා ජලදිනී සේනානායක 

Page 1 of 6

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1943

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1051

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5004

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2877

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4956

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6177

Please publish modules in offcanvas position.