Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දරුවන්ට කතන්දර කියාදෙමු

සිඟිති දරුවෝ කතන්දර ඇසීමට ප්‍රිය කරති. නමුත් අද දරුවන් රූපවාහිනියට, පරිගණකයට, ජංගම දුරකථන වලට ඇබ්බැහි වී සිටීම නිසා කතන්දර වලට සවන්දීමේ අවස්ථා අඩු වී ඇත. එසේම අද බොහෝ මව්වරුන්ද රැකියාවල නියුතු වන බැවින් දරුවන්ට කතන්දර කියා දීමට කාල වේලාවන් සොයා ගැනීම ද අපහසුවක් වී ඇත.

නමුත් වැඩිහිටියන් විසින් දරුවන්ට කතන්දර කියා දෙන්නේ නම් ඔවුන් ඒවා ආශාවෙන් රස විඳින බව නම් කිව හැකිය.

සිඟිති දරුවන්ට කතන්දර කියාදීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් ඇත. කතන්දර තෝරා ගැනීමේ දී ඒ පිළිබඳව දෙමාපියන් විමසිලිමත් විය යුතුය.

1 කතන්දරය සරල විය යුතුයි

කතන්දරය දරුවාට අවබෝධ කර ගැනීමට නම් එය සරල විය යුතු අතර දරුවාට ආශාවෙන් එය රස විඳීමට සිතෙන්නේද එවිටය.

2 කතන්දරයේ චරිත කිහිපයක් පමණක් තිබිය යුතුයි

දරුවාට කතන්දරය මතක තබා ගැනීමට එහි චරිත විශාල ප්‍රමාණයක් තිබීම සුදුසු නැත. එමෙන්ම එම චරිත දරුවන් ඉතා ප්‍රිය කරන චරිතද විය යුතුයි.

3 කතාවේ අවසානය සතුටුදායක විය යුතුයි

අවසානය වේදනාත්මක වීම දරුවාටද ගෙන එන්නේ සිත් වේදනාවකි. තවද අවසානයේ ජය ගත යුතු වන්නේද කතාවේ යහපත් චරිතයයි.

4 අද්භූත සතුන්, අත්භුත පුද්ගලයින් හා සිද්ධීන් සහිත කතාන්දර කුඩා දරුවන්ට සුදුසු නැත

මනෝ විද්‍යාඥයන්ගේ මතය වන්නේ වයස අවුරුදු 02 – 05 අතර දරුවන් සංකේත මඟින් සිතන බවයි. එමනිසා මෙවැනි සිද්ධීන් තාත්වික යයි ඔවුන්ට හැ‍ඟේ. එසේම මෙම චරිතයන් ඔවුන්ගේ වීරයන් බවට පත්වේ. එවැනි අතාත්වික චරිත සහිත කතා නුසුදුසු වේ.

කතන්දර හරහා දරුවන් තුළ සංවර්ධනය කළ හැකි කුසලතා මොනවාදැයි බලමු

වර්ණය, ප්‍රමාණය, හැඩය, ආදී සංකල්ප පිළිබඳ අවබෝධය.

උදා - "කුමාරි බබා නිල් පාට ගවුමක් ඇඳලා රතු තොප්පියක් දාගෙන ගියා."

          "අලි‍යගේ ඇඟ උඩින් ලේනෙක් ගියා." ( අලියා - විශාල, ලේනා - කුඩා)

          "එදා පෝය දවසක් නිසා හඳ රවුමට පායලා තිබුණා." (රවුම)

සංඛ්‍යා අවබෝධය

උදා - "අම්මයි තාත්තයි එක්ක හා පැටියා ගමනක් ගියා." කී දෙනෙක් ගියා ද?

අවබෝධයෙන් යුතුව සවන් දීම හුරු කරවීම

අධ්‍යාපන කටයුතු වලදී අවධානයෙන් යුතුව සවන්දීම ඉතාම අවශ්‍යවේ. එය කුඩා කාලයේ සිටම හුරු කළ යුතුය. කතන්දර වලට සවන්දීම ඒ සඳහා පෙරහුරුවකි.

සිතීමේ ශක්තිය දියුණු කිරීම හා කථන හැකියා සංවර්ධනය

මේ සඳහා කතන්දරයක් කියා දෙන විට ප්‍රශ්න ඇසිය යුතුයි. එවිට සිදුවන දේ හා පිළිතුරු දීමට දරුවා ඒ පිළිබඳව සිතින් විමසා බැලිය යුතු වේ. එසේම කතා කිරීම අදහස් ප්‍රකාශ කිරීම සඳහා ද අවස්ථාව ලැබේ.

දරුවන්ගේ සදාචාරාත්මක සංවර්ධනය

මෙහිදී කතන්දර වල ඇති යහපත් චරිත පෙන්වා දෙමින් දරුවන්ට ඒ පිළිබඳව අවබෝධ කරවීමට පුළුවන.

ජලදීනී සේනානායක

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2273

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2313

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3831

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4363

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5201

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3063

Please publish modules in offcanvas position.

X

Right Click

No right click